2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ටෙඩී! ආදරණීයම ලෝක පිස්සුවක්!

 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 20

ඔන්න මචෝ අද අරගෙන ආවේ කවුරුත් ආසා වෙන Trend එකක්. ජීවිතේ එක පාරක් හරි ඔයාලත් මේ සීන් එක ඇතුළෙ ඉඳලා තියෙනවා. දැනටත් ඔයාලට මේ සම්බන්ධව ලොකු පිස්සුවක් තියෙන්න පුළුවන්. ඉතින් මචෝ අපි මේ කතා කරන්නේ ‘ටෙඩි බෙයාර්ස්ලා’ ගැන.

බැලූ බැල්මටම ටෙඩි බෙයාර්ස්ලා කියන්නෙ අලු‍ත්ම අලු‍ත් Trend එකක්. ඉස්සර ඉඳන්ම මේ සීන් කෝන් එක ලෝකෙ පුරා හරිම ජනප්‍රියයි. ටෙඩි බෙයාර්ස්ලා ලෝකයට නිර්මාණය වීම ගැනත් අපූරු කතාවක් තියෙනවා. අපි ඒක පස්සේ දවසක කියන්නම්. අද අපි බලන්න යන්නේ මේ මොහොතේ ලෝකෙ පුරා ටෙඩියෝ සම්බන්ධ අලු‍ත් අලු‍ත් Y Trend ගැන. ඒකෙනුත් ලොකු ටෙඩියෝ කියන්නේ වෙනම ආතල් එකක්. සුදාත් ටෙඩියන්ට ආසා නම් මේ සීන් එක දැනගන්නම ඕනෑ.

මේ දවස්වල දක්නට ලැබෙන ලොකුම Trend එක තමා විශාල ප්‍රමාණයේ ටෙඩියන් (Teddy bear) තෑගි දීම. ඇත්තටම මේක වෙනම පිස්සුවක් බවට පත්වෙලා තියෙනවා වස්තු. ලෝකෙ පුරා ජනප්‍රිය චරිත වගේම ලංකාවේ කෙල්ලෝ කොල්ලො අතරත් මේ සීන් එක දකින්න ලැබෙනවා. ලොකු ටෙඩි බෙයාර්ස්ලා තෑගි දෙන්නේ විශේෂයෙන්ම ආදරය, මිත්‍රත්වය, සහ කරුණාව ප්‍රකාශ කිරීමේ සංකේතයක් විදිහට.

විශේෂ දිනවල තමයි මේ ලොකු ටෙඩියෝ තෑගි දෙන සීන් කෝන් එක වැඩිපුර සිද්ධ වෙන්නෙ. වැලන්ටයින් දිනය, දරුවන් සහ මවුපියන් වෙනුවෙන් වෙන්වුණු දින වගේම විශේෂයෙන්ම උපන් දිනවල තමයි විශාල ප්‍රමාණයේ ටෙඩියෝ තෑගි විදියට හුවමාරු වෙන්නේ. ලොකු වාහනයක් අරගෙන ඇවිල්ලා ‘සප්‍රයිස්’ එකක් විදිහට තෑගි දෙන ලොකු ටෙඩියෝ කියන්නෙ, තෑගි දීමේ කලාවේ අලු‍ත්ම ප්‍රවණතාවය කියලා කිව්වත් වරදක් නෑ. ඒ තරම් ඒක හරිම ආතල් වැඩක්.

කොහොම වුණත් මේ සීන් කෝන් එක මෙච්චර ජනප්‍රිය වෙන්න නම් හේතුව මචෝ social media. මේ විශාල ප්‍රමාණයේ ටෙඩියන් තෑගි දීලා ගන්න ඡායාරූප සමාජ මාධ්‍යවල සංසරණය වීමත් එක්ක තමයි, මේ ප්‍රවණතාවය නිර්මාණය වුණේ. දැනටත් සමාජ මාධ්‍යවල දවසකට මේ වගේ ඡායාරූප, වීඩියෝ දහස් ගණනක් සංසරණය වෙනවා. ලංකාවේත් නිතර නිතර වාර්තා වෙන්න පටන් අරගෙන තියෙනවා. මේ අස්සෙ පෙරේදා ලංකාවේ ටියුෂන් ගුරුවරයකුටත් පන්තියේ ගැහැනු දරුවෝ ටික ලොකු ටෙඩියෙක් අරන් දීලා තියෙනවා අපි දැක්කා.

විශේෂයෙන්ම අපි දන්නවා ගැහැනු ළමයි තමා වැඩිපුරම ටෙඩියන්ට කැමති. එයාලගේ ඇඳන්වල, එයාලගේ කාමරවල ටෙඩියො සෑහෙන්න ඉන්නවා. ඉතින් විශාල ප්‍රමාණයේ ටෙඩියෙක් කියලා කියන්නේ ටෙඩියන්ට ආදරය කරන ඒ වගේ කෙනකුට විශේෂ තෑග්ගක්. ඉතින් ඒ වගේ තෑග්ගක් කවුරු හරි තවත් කාට හරි දෙනවා දැක්කොත් තවත් කෙනකුටත් ඕනෑ වෙන්න පුළුවන්. මේ වෙනකොට ලෝකය පුරා වෙලා තියෙන්නේ අන්න ඒ දෙයයි.

ඉතින් මේ දේවල් එක්ක ලොකු ටෙඩි බෙයාර්ස්ලා කියලා කියන්නේ වෙනම වෙළෙඳපොළක් තියෙන වෙනම විනෝද භාණ්ඩයක් වෙලා ඉවරයි. මෘදු මොලොක් විදියට වැළඳ ගත්තම සනීපයක් දැනෙන විදියට මේ ලොකු ටෙඩියො හදන්න ඕනෑ. ප්‍රසිද්ධ සමාගමුත් මේ වැඩේ පටන් අරගෙන තියෙනවා. ඒ වගේම තනි තනිව පොඩි ටෙඩියෝ හදන අයත් මේ වැඩේට අතගහලා තියෙන බව පහුගිය දවස්වල අපි දැක්කා. ලංකාවෙත් එහෙම අය ඉන්න බව පේන්න තියෙනවා. ඇත්තටම මේක ඉතාම හොඳ වෙළෙඳපොළක් තියෙන වැඩක්. හැබැයි ඉතින් ලොකු ටෙඩියෝ තෑගි දෙන්න හැමෝටම බෑ. ඒකට ඉතින් වියදම් වෙන මුදලක් ටිකක් ලොකුයි.

ලොකු ටෙඩි බෙයාලා තෑගි ලෙස ලැබුණු ප්‍රසිද්ධ සිදුවීම් සහ ජනප්‍රිය චරිත නිතරම සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වන බව අපි මුලින්ම කිව්වනේ මචෝ. ඇත්තටම එයාලා තමයි මේ ප්‍රවණතාවය නිර්මාණය කළේ. ඒ නිසාම ලෝකයේ ඉතාම ජනප්‍රිය Celebrity ලට ලොකු ටෙඩියො තෑගි ලැබුණු අවස්ථා සහ ඒවා ජනප්‍රිය වුණු හැටි පොඩ්ඩක් හොයලා බලන එක වටිනවා.

ප්‍රසිද්ධ ඇමෙරිකානු ව්‍යාපාරිකාවක් වන Kylie Jenner 2016 දී ලොකු ටෙඩියෙක්ව එයාගේ ආදරවන්තයාට තෑගි දුන්නා. Kylie කියන්නෙ ප්‍රසිද්ධ කාඩේෂියන් පවුලේ කෙනෙක්. කිම් කාඩේෂියන්ගේ සහෝදරියක්. කොහොම හරි ඇය මේ ලොකු ටෙඩියත් එක්ක ලබාගත්ත ඡායාරූප සමාජ ජාලවල ප්‍රසිද්ධ වුණා. ලොකු ටෙඩී පිස්සුව නැගලා යන්න මේකත් ලොකු හේතුවක් වුණු බව මතක් කරන්න ඕනෑ.
පස්සෙ කාලෙක Kylie Jenner එයාගේ දුවගේ පළවෙනි උපන් දිනේටත් මේ වගේ ලොකු ටෙඩියෙක් තෑගි දුන්නා. Giant Teddy Bear කෙනෙක් තමයි මේ විදියට තෑගි ලැබිලා තිබුණේ. ළමයින්ගේ සෙල්ලම් බඩු ලෝකය තුළත් මේක ජනප්‍රිය වෙන්න මේ සිදුවීම හේතු වුණා.

ඊළඟට මචෝ අපි කවුරුත් දන්න ලෝකේ සුපිරිම පාපන්දු තරුව Cristiano Ronaldo එයාගේ දුවට ලොකු ටෙඩියෙක් තෑගි දීම සම්බන්ධ සිදුවීමත් හරිම සුවිශේෂීයි. Ronaldo අනුගමනය කරන අයට මේක ලොකු සිදුවීමක් වුණා. ඒ නිසාම ලොකු ටෙඩියන්ගේ වටිනාකම තවත් වැඩි වුණා කිව්වොත් හරි මචෝ.

එතකොට ලෝකයේ අතිශය ජනප්‍රිය ගායිකාවක් වනAriana Grande ට, 2018 දී ටෙඩියෙක් තෑගි ලැබුණා. ඇය ඒ තෑග්ග සමාජ ජාලවල පළ කිරීමත් සමඟ ගොඩක් ජනප්‍රිය වුණා. එතකොට තව කාඩේෂියන් පවුලේ Khloe Kardashian ට 2019 උපන්දිනයට ලැබුණු ලොකු ටෙඩියත් සමාජ මාධ්‍යවල සෑහෙන්න ජනප්‍රිය වුණු ලොකු ටෙඩියෙක් තමා.
ලොකු ටෙඩියො ගැන මෙච්චර කියලා, දැනට ලෝකෙ ඉන්න ලොකුම ටෙඩියා ගැන නොකිව්වොත් ඒකත් අඩුපාඩුවක් සුදෝ. දැනට ලෝකයේ විශාලම ටෙඩි බෙයාර්ට කියන්නෙ Khloe Kardashian කියලා. එයා ඉතින් ගිනස් ලෝක වාර්තා පොතටත් ගියපු කෙනෙක්.

"CT Dreams" ටෙඩියා 63 යි අඩි 8 අඟල් තරම් දිගයි. 2019 වසරේ මෙක්සිකෝවේ, Xonacatlan නම් ගම්මානයේ කට්ටියක් තමයි මෙයාව හදලා තියෙන්නේ. කොහොම හරි මෙයාව හදන්න සෑහෙන්න කාලයක් ගිහිල්ලා තියෙනවා. ඒත් මෙයා නිසා මේ ප්‍රදේශයට හොඳ සංචාරක ආකර්ෂණයක් ලැබෙන බව තමා මචෝ දැනගන්න ලැබෙන්නෙ.

කොහොම වුණත් මචෝ මේ වගේ Trend අවසාන වශයෙන් ආර්ථික කාරණාත් එක්ක තමයි බැඳිලා තියෙන්නේ. ඒ නිසාම ලොකු ටෙඩියෝ සම්බන්ධ වෙළෙඳපොළ තත්ත්වයත් අවසාන වශයෙන් හරි පැහැදිලි කරන එක වටිනවා. දැනට තියෙන දත්ත අනුව ඇමෙරිකාවේ සහ යුරෝපයේ විශාල ප්‍රමාණයේ ටෙඩි බෙයාස්ලා සඳහා විශාල වෙළෙඳපොළක් පවතිනවා. මෙහිදී අමුද්‍රව්‍ය, ගුණාත්මකභාවය, නිෂ්පාදන ක්‍රමවේදය සහ හොඳම නිර්මාණය ගැන විශේෂ අවධානයක් යොමු වෙනවා.
ආසියාව සහ ලතින් ඇමෙරිකාවේ තත්ත්වය ඊට චුට්ටක් වෙනස්. මෙක්සිකෝව, චීනය සහ තායිවානය වැනි රටවල්වල විශාල ප්‍රමාණයේ ටෙඩි බෙයාස්ලා වැඩිපුර නිෂ්පාදනය සිද්ධ වෙනවා. පොදුවේ ලෝකය පුරා වෙළෙඳපොළේ නිතර දකින්න ලැබෙන ලොකු ටෙඩියෝ මේ රටවල්වල හදපුවා. ඒත් ගුණාත්මකභාවය අතින් යුරෝපය සහ ඇමෙරිකාවේ ඒවා හොඳයි කියලා තමයි මචෝ කියන්නේ.

අපි හොයලා බලපු විදිහට නම් මේ වෙළෙඳපොළ වගේම මේ Y Trend එකත් වේගයෙන් වර්ධනය වෙමින් තියෙනවා. ලොකු ටෙඩියන් සම්බන්ධ තවත් නව සොයා ගැනීම් එක්ක තාක්ෂණයත් එකතු වෙයි කියලා විශ්වාස කරන්න පුළුවන් මචෝ. ඉතින් අපි මේවායේ හොඳ නරක කියන්න යන්නේ නෑ. කොහොම වුණත් වැඩේ ආතල්. එච්චරයි.

• චමිඳු නිසල