2024 මාර්තු 30 වන සෙනසුරාදා

අසීමාන්තය

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 42

ඩාර්ක් චොක්ලට් එක්ක
උණුසුම් කෝපි කෝප්පයක්
ලස්සනටම වහින හැන්දෑවක
පොතක් විතරමයි අඩු 
ආදරය හැරුණාම....

මතකද ඒ දවස්වල
කතා දිගේ වචන දිගේ මතක දිගේ
ඇවිදපු තරමක්
මට මෙච්චරක් කියන්න
ඔයා දැන් කොහෙද
හුස්ම වැටෙනවා නේද
තවමත්....

චීස් ඇබින්දක් එක්ක
රතු වයින් රස වින්ද
රාත්‍රින් කොහි ගියේ
තවම දන්නෑ ඉතින්...
මතක විතරයි ඉතිරි
සුවඳවත් නෑ ළඟක...

අකුරු නැති කතන්දර
ඇස් අස්සේ හංඟගෙන
දෙන්න මට එකම එක
තත්ත්පරයක්...
හමුවුණේ නෑ තවම
මා නිවන නවාතැන්
යස අගේට කටු පෑදුන


I සංජු