අමීර් - ඔබ හැමෝම දන්න මගේ ඥාති පුත‍්‍රයා ඉම්රාන් ඛාන්ගේ මව මගේ බාප්පගේ දුව. එයා කළින් විවාහවෙලා හිටියේ බංගාලි කොල්ලෙක් එක්කයි. දෙවෙනි සැරේ විවාහ වුණේ කාශ්මීර්වල පණ්ඩිත් කෙනෙක් එක්ක. (හින්දු) ඒකේ තේරැම අපේ ෆැමිලි එකේ හැම ප‍්‍රාන්තෙම කට්ටිය ඉන්නවා. ඉතින් මම කොහොමද කියන්නේ ඉන්දියාව නරක රටක් කියලා. ගොඩාක් අඩු ප‍්‍රමාණයක් හැම ආගමකම ඉන්නවා, ආගමේ නාමයෙන් ප‍්‍රශ්න ඇති කරන්න හදන. ඒ පිරිස ඉතා කුඩා වුවත්, ඒගොල්ලෝ ගොඩාක් හයියෙන් කෑගහනවා. ඒකෙන් අපි කන්ෆියුස් වෙනවා. අනිත් එක මම ඔබ කිව්ව දේ පිළිගන්නෙත් නැහැ. මගේ රට මගේ මාතෘ භූමියයි. එය මට මගේ මව මිසක් බ‍්‍රෑන්ඩ් එකක් නෙවෙයි. මට මගේ අම්මව කිසිම විදියකින් බ‍්‍රෑන්ඩ් එකක් කියලා පිළිගන්නවත් බැහැ. ඒ මගේ අම්මා. ඔහුට තමන්ගේ මව බ‍්‍රෑන්ඩ් එකක් වගේ පෙනුණට මට බ‍්‍රෑන්ඩ් එකක් විදියට දකින්න බැහැ. මගේ රටෙහි කුඩා හරි වැරැද්දක් වෙනවා මට පේනවානම් මම ඒක නිවැරදි කරන්න මට පුළුවන් උත්සාහය මම ගන්නවා. අදටත් මම ඉන්දියාවේ බ‍්‍රෑන්ඩ් එම්බසිඩර් කෙනෙක්.
රජත් - ඒත් රජය රටෙහි නිල සන්නාම තානාපති කෙනෙක් විදියට වැඩ කරන එකෙන් ඔබව ඉවත් කළා.
ආමීර් - ඔව් රජය ඉවත් කළා. ඒත් මම තාමත් එහෙම තමයි. මම හැම මොහොතකම ඒ ගැන හිතමින් වැඩ කරනවා. මට වඩා වැදගත්ම දේ මගේ රටයි.
රජත් - ඒත් ඔබව අතිථි දේවෝ කැම්පේන් එකෙන් ඉවත් කළා. සල්ලිවලින් ලොකු පාඩුවක් වුණා නේද?
ආමීර් - රජත් ජී ඔබට වැරදි වැටහීමක් ඇතිවෙලා තියෙන්නේ. මම ඒ කැම්පේන් එක වෙනුවෙන් කිසිම මුදලක් ගත්තේ නැහැ. අතිථී දේවෝ භවේහි බ‍්‍රෑන්ඩ් එම්බසිඩර් විදියට මම අවුරුදු 10ක් හිටියා. දැනුත් මම රට වෙනුවෙන්, රජය වෙනුවෙන්, මොනම හෝ කැම්පේන් එකක් කරනවානම් ඒ කැම්පේන්වලට කියන්නේ පබ්ලික් සර්විස් කියලනේ. අද වෙනකම් මම අවුරුදු 25ක් තිස්සෙම මම සල්ලි ගත්තේ නැහැ. ඒ වගේම මම ඉදිරියේදී ගන්නෙත් නැහැ.
රජත් - ඔබට ලැබුණු ඇඩ් පවා අඩුයි නේද?
ආමීර් - මම ඉතාම අඩුවෙන් තමයි ඇඩ්වලට ඉන්නේ. මම අවුරුද්දකට, දෙකකට, තුනකට වඩා කන්ට‍්‍රැක්ට්වලට යන්නේ නැහැ.
රජත් - ඔබ මේ පත්තරේ තියෙන වාර්තාව ගැන මොනවද කියන්නේ? ආමීර් තමයි එකම ඛාන් ඇඩ් නැති. අනිත් ඛාන්ලා දෙන්නටම ගොඩාක් ඇඩ් තියෙනවා.
ආමීර් - රජත් ජී මම ඔයාට කියන්න ඕන, සංසන්දනය කරන්න ගියොතින් අනිත් නළුවන්ට තියෙන ගොඩාක් දේවල් මට නැහැ. ඒ කතාවනම් මම පිළිගන්නවා. මොකද මම එක ෆිල්ම් එකක් කරන්න අවුරුදු දෙකක්වත් ගන්නවා. මම කිසිම ප‍්‍රසංගයකට යන්නේ නැහැ. මම ටිකක් වෙනස් ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ නිසා ඔවුන් ළඟ තියෙන් ගොඩක් දේවල් මම ළඟ නැහැ.
රජත් - ඒත් ඔබගේ ෆිල්ම් තරම් ඔවුන්ගේ ෆිල්ම් හිට්වුණේ නැහැ.
ආමීර් - රජත් ජී මෙහෙමයි, මම හිටිය ගොඩාක් ෆිල්ම් සාර්ථක වුණේ මම නිසා කියලා මම හිතනවානම් ඒක මගේ වැරදි අවබෝධයක්. ෆිල්ම් එක ආරම්භ වෙන්නේ ලේඛකයාගෙන්. ඔහුගේ සිතුවිලි කොළයක් මතට එනවා. ඊට පස්සේ ඩිරෙක්ටර් ඒක නිර්මාණයට අවශ්‍ය පරිදි සකස් කර ගන්නවා. අපි ෆිල්ම් එකක කොටසක් වෙන්නේ ඊටත් පස්සේ. මගේ සාර්ථකවෙලා තියෙන සෑම ෆිල්ම් එකකම ක්‍රෙඩිට් යන්නේ ලේඛකයාට සහ ඩිරෙක්ටර්ටයි. මට ඒ වගේ ෆිල්ම්වල වැඩ කරන්නට ලැබීම ගැන සතුටුයි. ඒවා නිසා සමාජයට යහපතක් වුණා වගේම මිනිසුන්ගේ සිත්වලට සතුටක් දැනුණා. ෆිල්ම් හිට්වුණේ මම නිසා කියලානම් මම කිසිම වෙලාවක හිතන්නේ නැහැ.
රජත් - ෆිල්ම් හිට් වෙනවා. නමක් ලැබෙනවා, සල්ලිත් හම්බවෙනවා. හැම සතුටක්ම ආමීර් ඛාන් ළඟ තියෙනවා. ඒත් ඔබ සමඟින් වැඩ කරන අය සහ පවුලේ අය කියනවා ආමීර් ඛාන් ගොඩාක් අඬන කෙනෙක්ලු.
ආමීර් - (හිනාවෙමින්) ඔබ නඟන චෝදනාව හරියටම හරි. මම ගොඩාක් අඬන කෙනෙක්. සතුටවත්, කේන්තියවත්, දුකවත් මට සඟවගෙන ඉන්න බැහැ. මට අඬන්න ඕනනම් මම අඬනවා. මම සතුටින්නම් මම හිනාවෙනවා. කේන්තිය ආවොත් මම ඒකත් පිට කරනවා. මගේ හිතේ තියෙන දේ එළියට එනවා. මම කිසිම දෙයක් හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි.
රජත් - ඔබ මහාරාෂ්ට‍්‍ර රජය සමඟින් එකතුවෙලා ඒ ප‍්‍රදේශයේ ජනතාවට ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරමින් ඉන්නවා. ආමීර් ඇඬුවනම් ඒ කඳුළුත් ඇතිවෙයි ඒ ප‍්‍රදේශයේ මිනිස්සුන්ට කියලා සමහර මිනිස්සු කියනවා.
(ප්‍රේක්ෂකයන් හිනා වේ. ආමීර් ද සිනාසෙමින් අත්පොළසන් දෙයි)
ආමීර් - එහෙම වෙනවානම් මම මේ දැන් ඉඳලා අඬන්න පටන් ගන්නවා. මහාරාෂ්ට‍්‍රවල විතරක් නෙවෙයි, රටේ හැමතැනකම වගේ තියෙන ප‍්‍රශ්නයක් ජල ප‍්‍රශ්නය. අපි හැමෝම එකමුතුවෙලා මේ ප‍්‍රශ්නය විසඳගන්න ඕන. රජයත් එක්ක එකතුවෙලයි අපි මේක කරන්නේ.
රජත් - සමහර අය කියලා තියෙනවා ඔබේ ප‍්‍රතිරූපයට වුණු හානිය නැතිකර ගන්නයි මේ කටයුත්ත සිදුකරන්නේ කියලා.
ආමීර් - මේ වැඩේ අපි කරන්නේ අවුරුද්දකට කලින් සිටයි. අපි ජලය වෙනුවෙන් මේ දෑත් වගේ එකතු වෙන්න ඕන. මොකද පොඩි හරි දුරස්වීමකින් ජලය පිටවෙලා යනවා. (ප්‍රේක්ෂකයන් අත්පොළසන් දෙනවා) අපි ජලයට ගෞරව කරන්න පටන් ගත්ත දවසට ජලයත් අපිට ගෞරව කරාවි.
( නඩුව ඊළග සතියට කල් තැබේ )