නිව්යෝර්ක්වලදී 1946 දී ආරම්භ කරන ලද මෙට්රොපොලිටියන් මියුසියම් ඔෆ් ආර්ට් නැමති ආයතනය විලාසිතා පිළිබඳව අධ්‍යාපනය ලබාදීමේ ආයතනයක් වශයෙන් ලෝක ප්‍රසිද්ධ ආයතනයකි. වාර්ෂිකව පවත්වනු ලබන විලාසිතා දැක්මට සමගාමීව මේ වසරේ විලාසිතා දැක්ම 2017 මැයි 01 වැනිදා එම ආයතන විසින් පැවැත්වූ අතර හින්දී සිනමාලෝලීන්ට ඒ විලාසිතා දැක්ම විශේෂත්වයක් ගෙන දුන්නකි. මෙම විලාසිතා දැක්ම සඳහා බොලිවුඩයේ සුරූපිනියන් දෙදෙනෙක් වන ප්‍රියංකා චොප්රා සහ දීපිකා පඩුකෝන් නිරූපණ ශිල්පිනියන් ලෙස සහභාගීවී තමන්ගේ විලාසිතා ඉදිරිපත් කරන ලදී.
1982 ජූලි 18 වැනිදා ඉන්දියාවේ ජම්ෂේද්පූර්වල ඉපදුණු ප්‍රියංකා චොප්රා 2000 වසරේදී ලෝක රූ රැජිනිය ලෙසින් කිරුළු පැළඳීමෙන් අනතුරුව බොලිවුඩ් සිනමාවෙහි අති දක්ෂ ජනප්‍රිය නිළියක් ගායිකාවක් පමණක් නොව නිෂ්පාදිකාවක් ලෙසින්ද ප්‍රේක්ෂකයින්ගේ ආදර ගෞරව බහුමානයට ලක්විය. ඇය බොලිවුඩයේ පමණක් නොව හොලිවුඩයෙහි ද තමන් දක්ෂ නිළියක් බව ඇයට ලැබුණු නිර්මාණවලට දායකත්වය ලබාදීමෙන් ඔප්පුකොට පෙන්වීය. භාරත දේශයෙන් පද්ම ශ්‍රී සම්මානය සහ ජාතික සම්මානය ආදී සම්මානයෙන්ද ඇය පිදුම් ලද්දාය. ඊට අමතරව ප්‍රියංකා චොප්රා යුනිසෙෆ්හි නිල තානාපතිනියක් විදියට ලෝකයේ විවිධ රටවල සංචාරය කරමින් ළමා අපචාර පිළිබඳව හඬක් නගමින් සිටියි.
නිව්ෙයා්රක් නගරයේදී මෙට් ගල 2017 විලාසිතා දැක්මේදි ප්‍රියංකා චොප්රා රැල්ෆ් ලෝරන්ස්ගේ අගල් කබාය වැනි ඇඳුමකින්, ඉංග්‍රීසී චිත්‍රපටවල දකින්නට ලැබෙන ඩ්‍රැකියුලාගේ වගේ ඇඳුමකින් සැරසී සිටින අයුරු එයට සහභාගී වූ හැමෝටම දකින්නට ලැබුණු ප්‍රිය උපදවන දසුනක් විය. එය බෙඩ් ෂීට් එකක් මෙන් දිස්වූබවත් එහි දිග නිසා ඇය අපහසුවෙන් ඇවිද ගිය බවත් දැනගන්නට ලැබුණි. නිව්ෙයා්ර්ක් නගරයෙහි සඳුදා දිනයක පැවැත්වුණු මේ විලාසිතා දැක්ම සඳහා ප්‍රියංකා එනවිට පඩිපෙළ මත පවා ඇයගේ ඇඳුම අඩි කිහිපයක් දිගට ඇය පසුපසින් ඇදී එන අයුරු එහි සිටි සියල්ලන්ටම දකින්නට ලැබුණු සිත් ඇදගන්නා දර්ශනයක් විය. 34 හැවිරිදි ප්‍රියංකා රැල්ෆ් ලෝරන්ස් ගේ අගල් කබාය වැනි ඇඳුමකින් සැරසී මෙම විලාසිතා දැක්ම සඳහා පැමිණීමෙන් එහි සිටි සියලුම දෙනාගේ තියුණු බැල්මක් ලබාගැනීීමට සමත් විය.
ප්‍රියංකා චොප්රාට සහ දීපිකා පඩුකෝන්ට ආදරය කරන ඔවුන්ගේ රසික රසිකාවියන්ගෙන් ඔවුන් දෙදෙනාගේ ඇඳුම් ආයිත්තම් වලින් වඩා පුදුමයක් ඇතිකළේ කාගේ විලාසිතාවදැයි විමසීමක් කරන ලද අතර එහිදී 57.29% ප්‍රියංකා මනාප හිමි කරගත් අතර දීපිකා විසින් 42.71%ක් ප්‍රතිශතයක් මනාපයක් හිමිකර ගන්නා ලදී. දීපිකා එම විලාසිතා දැක්ම පැවති රෙඩ් කාර්පට් එක මතදී කළ විමසීමකදී දවසක ඔබ මගේ විලාසිතාවට කැමතිවෙනවා, තවත් දවසක ඔබම මගේ විලාසිතාවට අකමැති වෙනවා ඒත් මම විලාසිතා කරන්නේ මට ආදරය කරන ඔබ වෙනුවෙන් නෙවෙයි.
මම විලාසිතා විදියට කරන්නේත් මම කැමති දේවල්. මොනවා වුණත් අද මම ගොඩාක් කාලෙකට පස්සේ ගොඩාක් විනෝද වුණා, මොනවා වුණත් මට ඒ ඇති යනුවෙන් පැවසීය. ප්‍රියංකා චොප්රා මෙට් ගල 2017 විලාසිතා දැක්මෙදී රතු පලස මතින් ලෝකයේ දිගම අගල් කබායෙන් සැරසී ඇවිද ගියේ ආඩම්බරයෙන් වුවත් ඉතා අපහසුවෙන් බවත් දකින්නට ලැබුණු විශේෂ දෙයක් විය. විදේශයකදී රතුපළසක් මතින් විශ්වාසයෙන් යුතුව ඇවිද යමින් තමන්ගේ විලාසිතාව තමන්ට අපහසු වුවත් ප්‍රියංකා එම විලාසිතා දැක්ම නරඹන පිරිසට අපහසුවක් නොදක්වා සිටි අතර ඇය තමන්ගේ රටෙහි සහ බොලිවුඩ් හි සහ හොලිවුඩ් හි අනන්‍යතාවය තබමින් එම විලාසිතා දැක්ම ඉතා සාර්ථකව නිමාවට පත් කරන ලදී. රතු පලස මතදී 34 හැවිරිදි කොන්ටිකො නාට්‍යමාලාවේ තරැවක් ලෙසින් රඟපාන ප්‍රියංකා චොප්රා සමඟින් අමෙරිකානු සංගීතඥයෙක් වන නික් ජොනෑස්ද ඡායාරෑප සඳහා පෙනීසිටියේය. ප්‍රියංකාගේ දිග දුම්රියක් වැනි ගවුම් මෝස්තරය නිසා ජොනෑස්ගේ සහෝදරයාට රතු පළස මතින් ඇවිද යෑමට මහත් පරිශ්‍රමයක් දරන්නට වූයේය. ජාත්‍යන්තර මාධ්‍ය සහ සමාජ මාධ්‍යවලින් අවිවාහක රුවැත්තියට රතු පළස මතදීම ජැක්මන්, පරේල් විලියම්ස්, මැට් ඬේමන්, ජෙනිෆර් ලෝපේස් බ්ලේක්ගේ සැමියා රයන් රේනොල්ඩ්, සඔෆිය ටර්නර්, සෙලීනා සහ ඇයගේ පෙම්වතා අතට අතදී ඔවුන්ගේ සුභාශිංසනය පිරිනැමූ බව වාර්තාකොට ඇත.
රැල්ෆ් ලෝරන්ස්ගේ මෙම විලාසිතාව මේ වසරේ ගෝලය ලෙසින් නම්කොට නිර්මාණය කොට ඇත්තේ ජපන්ජාතික විලාසිතා නිර්මාණකරුවෙකු වන රේයී කවකුබෝ විසිනි. ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත මෙම තරගෙයෙන් ප්‍රියංකා ජයග්‍රහණයක් අත් කර ගන්න බවත් එම ලිපිය ලියූ ඩෙකෑන් ක්රෝනික්ල් ප්‍රියංකා රාජ කුමාරියක් වගේ බවත් තම ලිපියෙහි දක්වා ඇත. ෙම් විලාසිතා දැක්ෙම්දි ආසියාතික කාන්තාවක් විලසින් ඉපදුණු ප්‍රියංකා චොප්රා තමන්ගේ දේශයට පමණක් නොව ආසියාතික කලාපයටම අත් කර දී ඇත්තේ ඉමහත් ගෞරවයකි.
(බීබීසී නිව්ස් දිල්ලි, එන් ඩී ටීවී, හිංදුස්ථානී, ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ඇසුරෙනි)