සුදත් මහ දිවුල්වැව ඒ තමයි අද අපේ චරිතය...
මුලින්ම එයාගැන වගතුග පොඩ්ඩක් කියලා ඉන්නද... එහෙම හොඳයිනෙ
සුදත් මෙතෙක් ආ ගමන්මඟ සුන්දර එකක් නොවේ.. ඒක මාරම ආතල් ගමනක් කිව්වොත්.. තමයි හරි... ඒක තමයි මට දෙන්න පුළුවන් හොඳම නිර්වචනය.. සුදත් මහදිවුල්වැව සිය වෘත්තිය ජීවිතය වෙළඳ දැන්වීම් ෙත්රයන් ආරම්භ කරනවා.. ඊට පස්සෙ තමයි ඔහු ටෙලිෆිල්ම් ත්‍රෙය ආක්‍රමණය කරන්නෙ.. මගේ මතකයේ හැටියට එවකට ශ්‍රී ලංකාවේ ළාබාලම අධ්යක්ෂවරයා බවටත් පත්වෙනවා.. ඒ වයස විසි එකේදී.. පසුව සෑහෙන කතාබට ලක්වෙන්නෙ එයාගේ පළමු සිනමා නිර්මාණය හරහා.. 2005 වර්ෂයේ තමයි සුදත් එයාගේ පළමු චිත්‍රපටය වන සුදු කළු සහ අළු නිර්මාණය කරන්නෙ. අධ්යක්ෂණයට වගේම තිර පිටත්පත් රචනයටත් සුදත් හරි දක්ෂයි.. එයා ඒ පිළිබඳ එක්ස්පර්ට් කෙනෙක්.. කෙටියෙන්ම කිව්වොත් සුදත් කියන්නෙ දක්ෂයෙක්... ඒ තමයි සුදත් ගැන අපි දන්න දේ...
හරි... එහෙනම් පටන්ගමු..
සුදත් මේ දවස්වල කරන්නෙ මොනවද කියලා සුදත්ගෙන්ම අහලා දැනගමුකෝ..?
2005 වර්ෂයේ මගේ ප්‍රථම සිනමා නිර්මාණය සුදු කළු සහ අළු චිත්‍රපටය නිදහස් වුණාට පස්සෙ මට ලොකු විරාමයක් ලැබුණා.... ඒක මම හිතලා ගත්ත එකක් නෙමේ.. මගේ දෙවැනි වැඩේට පර් යේෂණ කටයුතුවලටත් සෑහෙන කාලයක් ගත වුණා.. පහුගිය කාලේ සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයත් එක්ක මගේ අලුත් වැඩේට නිෂ්පාදකයෙක් හොයාගන්නත් අපහසුවෙලා තිබ්බේ.. මේ දවස්වල ඒ ගැන සාකච්ඡා සිදුකරමින් පවතිනවා... ඒත් එක්කම මම කලින් සැලසුම් කරපු වැඩකීපයකම වැඩ කරමින් ඉන්නවා.. තව මම විශ්වවිද්‍යාල තුනක විතර බාහිර කථිකාචාර්යවරයෙක් විදියට සිනමාව උගන්වනවා... ඕවා තමයි ඉතින්...
සුදත් ඔබේ ජීවිතයට සමීපවුණු නිර්මාණයක් ගැන පොඩ්ඩක් කතා කරමුද? හැබැයි.. ඒක ඔයාගේ වැඩක් වෙන්නත් බෑ.. සින්දුවක් වෙන්නත් බෑ.. හරි නෙ..
මගේ ජීවිතයට දැඩි ලෙස බලපෑම් කරපු සහ මගේ ජීවිතය පැති ගොඩකට අරගෙන ගියපු නිර්මාණ ගොඩක් තියෙනවා... හැබැයි කාරණා කිහිපයක් නිසා එක නිර්මාණයක් ගැන මම කතාකරන්න හිතුවා.. හැමදාම මම කැමති චිත්‍රපට පහ තේරුවාම සතියකට දෙකකට පස්සේ ඒවා මාරුවෙනවා.. අලුත් චිත්‍රපටයක් බැලුවාම එකේ ඉළක්කම දෙකට ගිහින් අලුත් එක අංක එකට එනවා... හැමදාම මම කැමති චිත්‍රපට පහ ඇතුළේ කැරකෙච්ච එක චිත්‍රපටයක් තිබුණා.. මේක විශාල වශයෙන් ලෝක අවධානයක් හිමිවුණේ නැති වුණාට මානුෂීය වශයෙන් ගොඩක් සම්බන්ධක් ඇතිකර ගත්ත චිත්‍රපටයක්.. මේ චිත්‍රපටය විශාල වාර ගාණක්ම මම බලලා ඇති.. නමුත් අදටත් කිසිම ප්‍රශ්නයක් නැතිව ඉඳගෙන බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි රෙඩ් වයිලින් කියන චිත්‍රපටය.. මේ චිත්‍රපටය නිර්මාණය කරන්නෙ 1998 වසරේ ප්රංශුවා ජිරාඩ් කියන කැනඩා ජාතික අධ්‍යක්ෂකවරයා..
මේ නිර්මාණය මට සමීපවෙන්න බලපාපු මූලිකහේතුව තමයි අජීවී වස්තුවක් වෙච්ච වයිලීන් එකක් මිනිස් ජීවිත ගණනාවක් එකක් චාරිකවක් යනවා කියන එකත් එකක්.. මම ආසම කාරණාව තමයි පණනැති වස්තුවක් පණ තියෙන මිනිස්සු එක්ක කරන ගනුදෙනුවට... සත්‍යවශයෙන්ම රෙඩ් වයිලීන් චිත්‍රපටය සිනමාත්ම මෙහොතකට ප්‍රේක්ෂකයාව එකකගෙන යනවා...
සරලවම කිව්වොත් මේ කතන්දරය.. නිකොලායි කියලා වයිලීන් හදන මනුස්සයෙක් ඉන්නවා.. මේ මුනුස්සයා ලේසියෙන් සෑහීමකට පත්නොවන කෙනෙක්.. ඔහුට වයිලීන් හදන විශාල කර්මාන්තශාලාවක් තියෙනවා.. නිකෝලායිගේ බිරිඳ ඇනා... ඇය ගැබ්ගෙන සිටින කාන්තාවක්. නිකෝලායි තම ජීවිත කාලේ හදපු පරිසමාප්තම වයිලීනය නිර්මාණය කරන්න උදේ සවස වෙහෙසෙනවා.. ඔහු ගන්න උත්සාහයන් වැරදුනාම මෙයාට හරියට තරහා යනවා. ඒ වෙලාවට හදපු වයිලීන් පොලේ ගහනවා, සේවකයෝ එලවනවා, මිනිස්සුන්ට බණිනවා... කොටින්ම කිව්වොත් පවුල් ජීවිතයට වඩා නිකෝලයි කැපවෙලා ඉන්නෙ ඔහුගේ සිහින වයිලීනය නිර්මාණය කරන්නෙ... මේ අතර ඇනා දරු ප්‍රසූතියට සුදානමින් ඉන්න කාලේ ඇයට උදව් කරන්න සෙස්කා නැමැති සේවිකාවක් එනවා.. ඇය මැදිවියේ කාන්තාවක්.. සෙස්කා හරිම කරුණාවන්තයි.. මෙයාට විශේෂ හැකියාවක් තියෙනවා.. සෙස්කට පුළුවන් කාඩ් ඇසුරු කරගෙන අනාගතය ගැන නිමිති කියන්න.. ඇනා තමන්ට ලැබෙන්න ඉන්න දරුවා ගැන අනාවැකියක් කියන්න සෙස්කට ආරාධනා කරනවා.. සෙස්කා මේ දරුවාගැන කියවීමක් ගන්නවා.. ඇත්තටම සෙස්කා අනාවැකිය කියන්නෙ හම්බෙන්න ඉනන් දරුවා ගැන නෙමේ.. නිකෝලයි හදන්න යන වයිලීනය ගැන.. හරිම අපූරුවට අධ්යක්ෂවරයා මේ කතාව ගොතනවා කතන්දර කීමේ කලාව ඇතුළේ...
දරු ප්‍රසූතියේදී ඇනා සහ දරුවා මිය යනවා... මේ වෙනකොට නිකෝලායි ඔහුගේ වයිලීනය හදලා පේන්ට් කිරීමට සූදානමින් ඉන්නෙ.. තමන්ගේ දරුවයි බිරිඳයි මිය ගිහින් ඉන්න වෙලාවකට මිනිහෙක් කරයි කියලා හිතන්න අමාරැ වැඩක් මේ වයිලීන් නිෂ්පාදකයා කරනවා.. බිරිඳ ආදාහනයට සූදනම් කරලා කාමරයේ තැන්පත් කර තියෙන මොහොතේ නිකෝලායි රෑ ගිහින් බිරිඳගේ අතක් කපලා ලේ බාස්කට් එකකට එකතු කරගන්නවා.. ඉපදෙන්න හිටපු දරුවාගේ නමින් නම්කරන්න හිටිය නිකොලායිගේ අලුත්ම වයිලීනය බිරිඳගේ ලේවලින් පින්තාරු කරනවා.. මේ වයිලීනය ටියුන් කරන්නෙ බිරිඳ දරු ප්‍රසූතියේදී කෑ ගහපු පිච් එකට.. එතනින් පස්සේ... මේ වයිලීනය දීර්ඝ ගමනක් යනවා.. වසර ගණනාවක්.. පරම් පරා ගණනාවක්.. ඒ ගමන ඉතාම දුක්බරයි, ඉතාම සුන්දර, අප්‍රසන්න, ආදරණීය විවිධ තල ගණනාවක මේක ගමන් කරනවා.. මිනිස්සු මේ වයිලීනයට ආදරය කරනවා, වෛර කරනවා.. මේ වයිලීනය විසින් මිනිස්සුන්ව විනාශ කරනවා.. මේ වගේ කතාන්දර ගොඩක් තියෙනවා...
අවුරුදු ගාණකට පස්සේ හරි අපූරු තැනකින් ආයිත් මේ කතාව පටන් ගන්නවා.. විශාල මිලකට මේ වයිලීන් එක වෙන්දේසි කරන්න සැරසෙනවා.. චිත්‍රපටය ඇතුළේ තවත් පැතිකඩක මේ වයිලීන් එක ගැන විද්‍යාත්මකව හොයන ගවේෂකයෙක් අපිට මුණගැහෙනවා. ඔහු දැනගන්නවා මේ වයිලීනය සාමාන්‍ය එකක් නොවන බව.. වෙන්දේසියෙන් විශාල මිලකට මේ වයිලීනය කෙනෙක් මිලදී ගන්නවා.. ඒත් එයාට ඇත්තම රෙඩ් වයිලීනය මිලදී ගන්න හම්බවෙන්නෙ නෑ.. හරිම සූක්ෂම විදියට වෙනකෙනෙක් ඒක හොරකම් කරනවා.... මම ආරාධනා කරනවා.. රෙඩ් වයිලීන් චිත්‍රපටය හැමෝම හොයාගෙන නරඹන්න කියලා. එතකොට ඇත්තමට දැනගන්න පුළුවන් මේ වයිලීනයට අවසානයේ වුණේ මොකක්ද කියලා..
මම මේ චිත්‍රපටයට කැමතිවෙන්න තව විශේෂ හේතුවකුත් තියෙනවා... ඒක මගේ පෞද්ගලික අද්දැකීමක්.. මම ලංකාවේ ටෙලිනාට්‍ය නැරඹීම නවත්වලා තියෙන මොහොතක කුඹියෝ කියලා ටෙලිනාට්‍යයක් ගැන අහන්න හම්බවෙනවා.. පස්සෙ මම කුඹියෝ බලන්න පටන්ගන්නවා.. කුඹියෝ ටෙලියේ සංස්කරණයට මම ගොඩක් කැමතිවෙනවා... අධ්යක්ෂවරයාත් සමඟ එකතුවෙලා තිරනාටකය ලියපු, කුඹියෝ ටෙලිය සංස්කරණයට කරපු ඒ සුවිශේෂි චරිතය මුණගැහෙන්න මට උවමනා වුණා.. ඔහුගේ දුරකතනය අංකය මම අධ්‍යක්ෂකගෙන් ඉල්ලගෙන ඒ පුද්ගලයාට කතා කරන්න යනකොට ඒ නම්බර් එක මගේ ෆෝන් එකේ තිබ්බා... මට හිතුනා මෙයාව කලින් මම දන්නවා කියලා.. ඒ කිසිදෙයක් කියන්නෙ නැතුව මම ඔහුට කතා කරා.. අපි දීර්ඝව අදහස් හුවමාරු කරගත්තා.. එක තැනකදී එයා කියපු කතාවට මට පුදුම හිතුනා.. මම ඒ මොහොතේ දැඩි ලෙස සතුටටපත් වුණා... ඉස්සර මම පුරුද්දක් වශයෙන් විවිධ තැන්වල චිත්‍රපට ගැන කතාකරනවා.. ඒක කරන්නෙ මගේ පෞද්ගලික වියදමින් ගිහින්. මාසෙකට මාස දෙකකට සැරයක් වගේ පුරද්දක් වශයෙන් මම ඒක කළා.. ඇත්තටම කිව්වොත් මගේ විනෝදෙට තමයි මං ඒ දේ කරේ.. දවසක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රෙඩ් වයිලීන් චිත්‍රපටය පෙන්නලා එතන හිටිය වෛද්‍ය ශිෂ්‍යයන් එක්ක ඒ පිළිබඳ අපි කතා බහ කළා.. ඒක කොච්චර නැගලා ගියාද කියනවනම් පස්සෙ අපි කොරිඩෝවට ඇවිල්ලත් සාකච්ඡාවේ දිගුවක් ඉදිරියට කරගෙන ගියා.. ඇත්තට ඒක හරි සාරවත්.. ඒ කොරිඩෝ එකේ කතා කළ කුඩා කණ්ඩායමේ හිටියේ ගොඩක් අය වෛද්‍ය ශිෂ්‍යයෝ. එතන හිටිය එක තරුණයෙක් දිගින් දිගටම මගෙන් රෙඩ් වයිලීන් ගැන ප්‍රශ්න කළා.. ඒවට පිළිතුරු දීලා මම කොළඹ එන්න පිටත් වුණා.. එදා ඒ දිගින් දිගට ප්‍රශ්න කරලා තියෙන්නෙ කුඹියෝ සංස්කරණ ශිල්පියා කිව්වාම මට පුදුම හිතුණා.. එදා ඔයා ඇවිත් රෙඩ් වයිලීන් ගැන කතා කළාට පස්සෙ තමයි මම විද්‍යා විෂයන් අයින්වෙලා කලා විෂය තොරගන්න තීරණය කළේ.. ඒ තමයි කුඹියෝ සම තිර රචනය කරපු, සංස්කරණය කරපු දමිත චන්ද්‍රසිරි... මට පුදුම සතුටුක් දැනුණා.. ඒ කාරණ අහපුවාම.. අපි හිටවපු ගස්වල මල් පල දරනවා වගේ හැගීමක් දැනුණා.. අපි මුණගැහෙන්න කතිකා කරගෙන හිටියත්.. ඒක හරි ගියේ නෑ.. පස්සෙ මම දැනගත්තා එයා අතුරුදන්වෙලා කියලා.. ඒ ගැන මම කනගාටු වෙනවා...
මේ නිර්මාණය ඇතුළේ සුදත් කැමතිම චරිතයක් ඉන්න ඇති නේද?
එක චරිතයක් තෝරන්න හරිම අමාරුයි.. මේක ගොතපු කතාවක් නෙ.. මේ චිත්‍රපට ඇතුළේ ඉන්නවා පුංචි ළමයෙක්.. ඒ ළමයා විශ්මය ජනක විදියට වයිලීනය වාදනය කරනවා.. හැබැයි එයාට කෙටි ජීවිත කාලයක් තිබුණේ.. ඒ ළමයත් එකක් ගෙවිච්චි කාලය ඉතාම ආකර්ෂණීයයි.. සමස්ථයක් විදියට මේ චිත්‍රපටය සෑම චරිතයක්ම සෑම මොහොතක්ම මට පුදුම ආස්වාදයක් ගෙනවා...
සුදත්ට මෙච්චර ලස්සන නිර්මාණයක් කොහොමද මුණගැහෙන්නෙ... ඒක අහම්බයක්ද ?
මට විවිධාකාර මිත්‍ර සමාගම් ඉන්නවා.. මම මුලින්ම රෙඩ් වයිලින් ගැන දැනගෙන හිටියට බලලා තිබුණේ නෑ.. රෙඩ් වයිලින් ගැන දේවල් හොයනකොට මේ මිත්‍ර සමාගමක එක්කෙන් තමයි මට මේක දුන්නෙ... හැබැයි මට මතක නෑ හරියට මේක දුන්නෙ කවුද කියලා.. අනුමාන කිහිපයක් තියෙනවා.. හරියට දන්නෙ නැතුව කියන එක හරි නෑනෙ..
සුදත් දැනට කීවතාවක් මේ චිත්‍රපටය බැලුවද?
ඒකනම් මට මතක නෑ.. පනස් පාරකට නම් වැඩියි...
මේ ෆිල්ම් එකේ අවසාන මොහොතේ සුදත්ට ඇතිවෙච්ච හැගීම වචනවලට පෙරළමුද?
මම කැමතියි මේ චිත්‍රපටයේ මිනිස්සු එකිනෙකා ගනුදෙනු කරන විදියට.. මේ චිත්‍රපටය සිනමාවේ මැජික් පෙන්නපු චිත්‍රපටයක් නෙමේ.. මේ වයිලීනය කාලයත් එකක් දුර ඈත ගමනක් යනවා.. මම විශ්වාස කරන දෙයක් තමයි අපි හැමෝම එක්තරා ගමනක ඉන්න අය... අලුත් මිනිස්සු හම්බවෙනවා... මිනිස්සු තරහා වෙනවා, මිනිස්සු හැලෙනවා... ආයෙත් අලුත් මිනිස්සු හම්බවෙනවා... මම හැම තිස්සේම මේ ගමන ගැන විශ්වාස කරනවා.
ඇත්තටම මේ චිත්‍රපටය සරලව වාඩිවෙලා දවස් පහ හයක් ඇතුළත ලියලා ඉවරකරන්න පුළුවන් එකක් නෙමේ... මම තිර නාටක විෂයක් විදියට උගන්වන කෙනෙක් විදියට දන්නවා රෙඩ් වයිලීන් කියන්නෙ විශාල මහන්සියක ප්‍රතිපලයක්.. වයිලීන් එක ගිය දුරත් එකක් මට එක වෙලාවක හිතුණා අන්තිමේ මේ වයිලීනය හම්බවුණේ නියම උරුමක්කාරයට කියාල... මම ආසයි එහෙම හිතන්න.. අවසානයේ ඇතිවෙච්ච හැඟීම වචනවලට පෙරළන්න හරි අමාරැයි. ඒක මික්ස්වෙච්ච හැඟීම් සමුදායක්..
මේ චිත්‍රපට තුළින් ඔබට ඔබේ ජීවිතයට මොන වගේ දෙයක් එකතු කරගන්න පුළුවන් වුණාද...?
මෙහෙමයි මට මේ ප්‍රශ්නෙට තියෙන්නෙ වෙනස් උත්තරයක්.. අනිත් හැමෝටම වගේ මගේ ජීවිතේටත් විවිධ විවිධ ප්‍රශ්න ආවා... යාළු මිත්‍රයන්ගේ සමුගැනීම්.. විශාල කලබැගෑනී සිද්ධවෙන හැම මොහොතකම මට හයියට ඉන්න පුළුවන් වුණේ කොහොමද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් මම කියන්නෙ මම විශාල සංඛ්‍යාවක් චිත්‍රපට බලලා තියෙනවා.. ඒ චිත්‍රපටය ඇතුළේ විවිධ මිනිස්සු මම දැකලා තියෙනවා.. ඒ මිනිස්සුන්ට වෙච්ච දේවල්වලින් ඒ අය අහකට ගිය විදිය මම අධ්‍යයනය කරලා තියෙනවා.. සිනමාව කියන්නෙ මට ජීවත්වෙන්න උත්තේජනයක් සපයන මම වැටුනාම හේත්තුවෙන්න පුළුවන් හයිය බිත්තියක්. මම සමහර දේවල් සිනමාවෙන් අරන් තියෙනවා.. සමහර මගෙ දේවල් සිනමාව එක්ක හුවමාරු කරගෙන තියෙනවා.. සරලවම කිව්වොත් සිනමාව කියන්නෙ මගේ ජීවිතේ.. සිනමාව යනු මමයි.. අමුතුවෙන් ඒකෙන් මට ගන්න දෙයක් නෑ..
► Text - Danushka Wijesiri / Pic - Internet