බ්‍රිතාන්‍යයේ හැරී සහ මේගන් යුවල එහෙමත් නැත්නම් සසෙක්ස්හි ආදිපාද යුවල බ්‍රිතාන්‍ය සඟරාවකට විරුද්ධව නඩු පැවරූ විත්තියක් පහුගිය දිනවල ලොකු ප්‍රවෘත්තියක් බවට පත්වුණා. මේගන් තමන්ගේ පියාට යවපු අතිශය පෞද්ගලික ලිපියක් ද මේල් කියන මේ සඟරාවේ පළකිරීම තමයි නඩු පැවරීමට හේතුවෙලා තිබුණෙ. මේ සිද්ධිය ගැන කරුණු ඉදිරිපත් කරන බ්‍රිතාන්‍යයේ පුවත්පත් සඟරා බොහෝමයක් මීට කලින් බ්‍රිතාන්‍ය රජ පවුල ජනමාධ්‍ය එක්ක ආරවුල් හදාගත්තු සහ අන්තිමට උසාවි ගිය අවස්ථා ගොඩක් පිළිබඳව ආපහු සිහිපත් කරලා තිබුණා.
ඒ අනුව 2012 අවුරුද්දේදී විලියම් සහ කේට් යුවලත් හැරී මේගන් යුවල වගේම නඩු පැවරීමක් සිදුකළා. ඒ ප්‍රංශ සඟරාවකට විරුද්ධවයි. විලියම් කේට් යුවල නිවාඩුවක් ගතකරන අවස්ථාවකදී ගත් කේට් කුමරියගේ උඩුකය නිරුවත් ඡායාරෑපයක් පළකිරීම තමයි ඊට හේතුව. අවසානයේදී රාජකීය යුවලට යුරෝ ලක්ෂයක වන්දියක් ගෙවන්නත් මේ සඟරාවට සිද්ධ වුණා.
2003 අවුරුද්දේදී තවත් සිදුවීමක් වුණා. ඩේලි මිරර් පුවත්පතේ මාධ්‍යවේදියෙක් හොර රහසින් බකිංහැම් මාළිගයට රිංගලා මහ රැජනගේත් එඩින්බරෝ ආදිපාදවරයාගේත් ඇතුළු ඉහළම රාජකීයයන්ගේ පින්තූර හොර රහසේ අරගෙන ඒවා පුවත්පතේ පළ කර තිබුණා. ඊට විරුද්ධව රජ පවුල උසාවි ගියා විතරක් නෙමෙයි, පත්තරේ පළ කිරීමට එරෙහිව තහනම් නියෝගයකුත් අරගත්තා. කොහොම නමුත් ටික කාලයකට පස්සේ අදාළ කාරණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සමථයක් ඇති වෙලා පුවත්පත නැවත පළකිරීමට උසාවියෙන් අවසර ලැබුණා.
සන් පත්තරේට 1993 අවුරුද්දේදී රජ පවුල වෙනුවෙන් පුණ්‍යායතනයකට පවුම් ලක්ෂ දෙකක් ගෙවන්න සිද්ධ වුණා. ඒකට හේතුව වුණේ 93 අවුරුද්දේ නත්තල වෙනුවෙන් මහරුජන කරන්න හිටපු නත්තල් දින කතාව කල්තබා ප්‍රසිද්ධ කිරීම. එතැනදී නඩු යාමක් සිද්ධ වුණේ නැහැ. රජ පවුල ඒ සිදු වූ හානිය වෙනුවෙන් පුණ්‍යායතන අරමුදලට මුදල් ගෙවන ලෙස සන් පුවත්පතට නියම කළා. ඒ වගේම ඔවුන් ඒක පිළිගත්තා.
ඒ කාලෙදිම ඩයනා කුමරිය ජිම් එකේ ඉන්දැද්දි ගත්තු පින්තූර වගයක් ප්‍රසිද්ධ කිරීම නිසා ඩේලි මිරර් පුවත්පතටත් අන්තිමේදී පුණ්‍යායතනයක අරමුදලට පවුම් ලක්ෂයක් ගෙවන්න සිද්ධ වුණා.
1990දී මාග්‍රට් කුමරියගේ පුතා පබ් එකකදී කලහකාරී විදිහට හැසිරීමක් ගැන කරුණු දක්වලා තිබුණු today පුවත්පතට එරෙහිවත් රජ පවුල නඩු පැවරුවා. එතැනදීත් රජ පවුලට ජය අත්වුණා. පුවත්පතට පවුම් 30,000ක වන්දියක් ගෙවන්න සිද්ධ වුණා.
ඉතින් දැන් හැමෝම බලාගෙන ඉන්නේ හැරී මේගන් යුවලගේ නඩුවට මොකක් වේවිද? ඩේලි පත්තරේට මොකක් වේවිද කියලයි.
►Text - Suranga / Pic - Internet