බණ්ඩාරගම පැත්තෙ එදා ටෙලිනාට්‍යයක රූගත කිරීමක් තිබුණා.
තමාගේම වාහනෙන් දර්ශන තලයට පැමිණෙන එක්තරා රංගන ශිල්පියෙක්, එතෙන්ට ආවෙ මූණ අප්සෙට් කරගෙන.
අපරාදෙ අද පෝයනෙ. අද අපිට ඕෆ් එකක් දෙන්න තිබුණනෙ. ඇත්තටම අද පෝය කියලා දැනගත්තෙ මඟට ආවට පස්සෙ. නැත්නම් මඟදිම කෝල් එකක් දීලා බල්ටියක් දානවා, ඔහු සහාය අධ්‍යක්ෂකවරයාට කිව්වලු.
ඇයි අයියේ ගෙදරදි දැනගත්තෙ නැද්ද අද පෝය කියලා. මඟ එනකොටද කැලෙණ්ඩරේ බැලුවෙ? සහාය අධ්‍යක්ෂක අහනවා.
පිස්සුද අයිසෙ මඟ එන ගමන් ටවුන්වල තියෙන රෙදි කඩ දැකලා තමයි අද පෝය කියලා දැනගත්තෙ. පෝය දවසට රෙදි සාප්පුවල ඩමිවලට අන්දන්නෙ සුදු ඇඳුම්නෙ...
ෂූටිං යන එන ගමන් නිෂ්පාදක අංශයෙන් සපයන වෑන් රථවල ගමන් කරන නළු නිළියන්ගේ විවිධාකාර හැසිරීම් රටා, හුරුපුරුදු තියෙනවනෙ.
සමහරු නැග්ග වෙලාවෙ ඉඳලා නිදි, සමහරු සින්දු මුමුණනවා, සමහරු කනේ වයර් ගහගෙන සින්දු අහගෙන එනවා.
පහුගිය දවසක ඒ වගේ ෂූටිං ඉවරවෙලා ගෙදර එන ගමන් වෑන් එකක ආපු ප්‍රවීණ කලාකාරියකගෙ අමුතුම පුරුද්දක් කවුරුත් දැක බලාගත්තා. දකුණු පළාතෙ ප්‍රදේශයක ෂූටිං ඉවරවෙලා කොළඹ බලා කට්ටිය ආවෙ අධිවේගී මාර්ගයෙ.
මේ කියන කලා ශිල්පිනියගෙ වැඩේ මඟදිගට තියෙන දැන්වීම් පුවරු මහ හයියෙන් කියවගෙන එනවලු.
මොණරුන්ගේ බල ප්‍රදේශයකි ඇය කියනවාත් සමඟ රියැදුරු මහතා හයියෙන් බ්‍රේක් පාරක් ගැහුවලු.
මොනවා නෝනා - ඕක හරියට කියවන්නකො...
හා... නේ... සොරි සොරි මොණරුන් බහුල ප්‍රදේශයකි ඇය කිව්වලු.
මේ දවස්වල කාර්යබහුල අධ්‍යක්ෂකවරයෙක් ලොකු ගැටලු රැසකට මුහුණදෙමින් ඉන්නවලු. ලොකුම අභියෝගය තමයි මේ දිනවල රූගත කරන ගමන් සංස්කරණය කරගෙන යන ඔහුගේ අලුත්ම ටෙලිනාට්‍ය.
රෑ දෙගොඩහරි ජාමෙට ගෙදර ඇවිත් පාන්දර ආයිත් ෂූටිං, එඩිටිං යනවලු. ඒ නිදාගන්න පැය දෙක තුනේදිත් කරන්නෙ හීනෙන් කාට කාටහරි බණින එකලු. මෙයාගෙ නෝනට මේක මහ ලොකු වදයක්වෙලාලු. බැරිම තැන නෝනා අර සංස්කරණ මැදිරියේ කෙනෙකුට කතා කළාලු.
අනේ අපේ මහත්තයට මේ තරම් පීඩනයක් දෙන්නෙ ඇයි. රෑට නින්දෙනුත් බණිනවා. කවුද උපුලා කියන්නෙ? එයාට තමයි වැඩියෙන්ම බණින්නෙ...
අනේ මිස්, මමනෙ උපුල් මටයි උපුලා කියන්නෙ. බණින හේතුව අහලා මම මිස්ට කියන්නම්කො...
ඔන්න මේ දිනවල රූපගත කරන අලුත් ටෙලිනාට්‍යයක හිනායන වැඩ වෙනවා කියලා නළු නිළියො තැන් තැන්වල කතාවෙනවලු.
ඒකෙ කැමරාව මෙහෙයවන මල්ලි නළු නිළියන්ට බණිනවලු, එක එක වැරදි හොයාගෙන. ඇත්තටම ඒ මල්ලිට දොස් කියන්නත් බැහැල්ලු. මොකද ඇක්ෂන් කට් කියන්නෙත් එයාලු.
එහෙම කිව්වම ඔයාලා හිතයි මේකෙ අධ්‍යක්ෂකවරයෙක් නැද්ද කියලා. ඉන්නවා, ඉන්නවා ඒ වුණාට එයාගෙ වැඩේ මොනිටර් එක ඉස්සරහ වාඩිවෙලා ෆෝන් එකේ ගේම් ගහන එකලු.
පුදුම ගේමක්නෙ මේක!
ඔන්න දර්ශන තලවලට ඇවිත් අපූරැ ආගිය කතා කියන ප්‍රවීණ නළුවෙක් පහුගිය දවසක තරුණ නවක නළු නිළි පිරිසට මරැ කතාවක් කියලා තියෙනවා. තරුණ ළමුන්ගෙ අතේ ජංගම දුරකතන තියෙනවා දැකලයි මිනිහට ඒ කතාව මතක්වෙලා තියෙන්නෙ.
නංගිලා මල්ලිලා කිව්වොත් පුදුම වෙයි. මීට අවුරුදු 40කට විතර කළින් ඔය මොබයිල් ෆෝන් වසංගතය තිබුණෙ නෑ. එහෙමත් ගෙදරක තමයි ලෑණ්ඩ් ෆෝන් එකක් තිබුණෙ. අත්‍යවශ්‍යයම කාරණේකට කෝල් එකක් ගන්න ඕනවුණාම අපි යන්නෙ තැපැල් කාර්යාලයට... ඔහු කියාගෙන යනවා.
ඉතින්... ඉතින්...
ඉතින් ඒ කාලෙ මම තරුණ ගෑනු ළමයෙක් එක්ක හාදකමක් තිබුණා. අපි ඉතින් ඉඳලා හිටලා හම්බවෙලා බස් එකේ අන්තිම සීට් එකේ වාඩිවෙලා කතා කරකර යනවා. ඊට එහා කිසිම වැරදි වැඩක් කරන්නෙ නැහැ...
ඉතින්...
ඔන්න ඔහොම යනකොට කවුරු හරි කෙල්ලගෙ නෑදෑකෙනෙක් දැක්කම, කෙල්ල එයාගෙ අම්මගෙන් ගුටි කන්නෙ සතියකට පස්සෙ...
ඒ මොකෝ ඒ...
මම කිව්වෙ ඒ කාලෙ අද වගේ ජංගම දුරකතන පහසුකම් තිබුණෙ නැහැනෙ. තිබුණනම් ෆෝන් එකෙන් ජෝඩුවගෙ ෆොටෝ එකක් අරගෙන අම්මට වට්ස්අප්, වයිබර් කරයි. එදා එහෙම අපි දෙන්නා එකට යනවා දැක්කම කෙල්ලගෙ අම්මට කවුරැහරි යවන්නෙ ඒ ගැන සඳහන් කරලා ලියුමක්. ලියුම අම්මට ලැබෙන්න සතියක් විතර යනවා. ඒකට ඒ කාලෙ අපි කිව්වෙ තැපෑලෙන් ගුටි කනවා කියලා.
ළඟදි නාට්‍යක රඟපාන්න ගත්තු අලුත් නළුවෙක් නිසා ටෙලිනාට්‍ය කණ්ඩායමටම ගැටලු රැසකට මුහුණදෙන්න වුණාලු.
ඒ නළුවගෙ කටේ තියෙන්නෙම ඕකේ කියන වචනෙලු.
දෙබස් ටික කටපාඩම් කරගෙන සීන් එක ගන්නකොට එයා දෙබස කියන්නෙ මුලට ඕකේ දාලලු. හිතමුකො දැන් දෙබස මට මේකට එකඟවෙන්න බෑ කියලා. අධ්‍යක්ෂකවරයා ඇක්ෂන් කියපු ගමන්ම මෙයා කියන්නෙ ඕකේ මට මේකට එකඟවෙන්න බෑ කියලලු.
අධ්‍යක්ෂකවරයාට සීන් දෙකක් ගන්නකොටම හොඳ පණ ගිහිල්ලලු.
ඕකේ නෙවෙයි අයිසෙ මේකෙ...කියලා බැරිම තැන අධ්‍යක්ෂකවරයා යටිගිරියෙන් කෑගහලා නළුවගෙ අතේ තිර පිටපත තිබ්බලු.