මම ඇවිල්ලා මැස්සෙක්. මැස්සෙක් කියන්නෙ කවුද කියලා මගෙන් ඇහුවොත් මට කියන්නෙ වෙන්නෙ මැස්සෙක් කියන්නෙ මම වගේ කෙනෙක්. මම වගේ කෙනෙක් මැස්සෙක් වෙන්නෙ මම මැස්සෙක් නිසා. හරිද.. අද ඇවිල්ලා මේ එකා ගැන නෙමෙයි මගේ ගැනම මම කියාගන්න ලියාගන්න පොරටෝක් දෙන ලිපියක් තමයි මේ.
මේක ලියන්නෙ මම. මම මේක ලියන්නෙ මාත් එක්ක මම ගාවම වාඩි වෙලා මගේ පෑනෙන් මගේ කොළවල. ඉතින් මේක මයි කාර් මැහි තෙල් වගේ පට්ට අවංක කතාවක්.
මට මතකයි මම ඉපදුණේ මාත් එක්කම මම ඉපදුණ දවසෙමයි. මගේ අම්මා ඇවිල්ලා මගේම අම්මා. හැබැයි තාත්තනම් මගේම තාත්තා.
මම ඉස්කෝලෙ ගියේ මාත් එක්ක. දවසක් ඉස්කෝලෙ ඇරිලා ගෙදර යන ගමන් මම මමත් එක්ක කයියක් දාගෙන ගියා.
ඈ බං...
ම්...
මොකද උඹ නිකං කිසි කතාවක් නැත්තෙ?
උඹත් කතා කළේ නෑනේ. ඉතින් මාත් කතා කළේ නෑ...
මම මටම කිව්වා.
මම හිතුවා උඹ මාත් එක්ක තරහ වෙලා කියලා...
පිස්සු හැදෙයි, සඳ බැබලෙයි. මම මොකටද බං මාත් එක්ක තරහ වෙන්නෙ. මොකද මට පිස්සුද...
මම මටම හිනා වුණා. මම මට හිනා වෙද්දී වැඩියෙන්ම මල පැන්නෙ මට. මම මටම ගහන්න අත උස්සනකොට කල්පනා වුණා ඇයි හත්වලාමේ ගහලා වැඩක් නෑ. මේ මම ඉස්සරහ ඉන්නෙ මමමනේ කියලා.
මම...
ඇයි?
මට කියහන් උඹ ලොකු වුණාම කවුරු වෙන්නද කැමති?
උඹ කැමති කවුරු වෙන්නද?
මාත් කැමති උඹ කැමති කෙනාම වෙන්න තමයි
මම කැමතියි දොස්තර කෙනෙක් වෙන්න
අන්න හොඳයි මිනිස්සුන්ට සේවය කරන්න
පට්ට විකාර මෙයාට...
මම මටම කිණ්ඩියක් දැම්මා
ඇයි?
යකෝ ප‍්‍රයිව්ට් හොයන්න පුළුවන්නේ පට්ට හෙවිල්ලක්...
ඔන්න එතකොට තමයි මට මම ගැන හිතෙන්න ගත්තෙ. මම දොස්තර කෙනෙක් වුණොත් අම්මපා මම මටම බෙහෙත් දීලා මගෙන්ම සල්ලි ගන්නවා. ඔහොම හිතලා හිතලා හිතලා මම ලෙඩ වුණා. ඒත් එක්කම මට මෙහෙම අයිඩියා එකක් ආවා
මොකද්ද?
මම දොස්තර විභාගේ පෞද්ගලිකව ඉල්ලනවා
මොකක්?
දොස්තර විභාගේ...
ඔව්...
පෞද්ගලිකව ඉල්ලගෙන ලියනවා...
ඉතින් කොහොමත් විභාගේ පෞද්ගලිකව තමයි ලියන්න දෙන්නෙ. උඹ හිතුවද ජෝඩු දාලා විභාග කරන්න දෙනවා කියලා
ඇයි නැද්ද?
දෙනවා ජෝඩුදාලා කරන්න විභාග නෙමෙයි
මම මටම බැන්නා. මම මහ ගොන් කියලා මට හිතුණා. කෝම හරි මම ගියා මාත් එක්ක පෞද්ගලික දොස්තර විභාගවලට දොස්තර පැටව් වාඩි කරවන ආයතනයකට. පිස්සුත් හැදුනා අප්පා. ගේට්ටුව ගාව ඉඳලම එක එක අයිටම්. හරි අමුතුයි. මම ගිහින් පිළිගන්න අක්කට කතා කළා.
මොකද?
අක්කෙ මට දොස්තර කෙනෙක් වෙන්න ඕන
හොඳයි... කවද්ද වෙන්න ඕන?
මේ දැන්ම...
බොහොම හොඳයි.. මේක අරගෙන යන්න. හෙට එන්න.
මම හා කියලා අක්ක දීපු මල්ලත්අරන් එළියට ආවා. මොනවද මල්ලෙ තිබුණේ කියලා බලන්න දිගෑරියා. ඈයියා.. කට පුංචි එකක් තිබුණා කවරේ ඇතුළේ. කොලේක මෙහෙම ගහලා තිබුණා.
කරුණාකර උපදෙස් පිළිපදින්න
අප ආයතනයේ දොස්තර විභාගයට සුදුසුදැයි බැලීම සඳහා නම් මේ ටුවක්කුවෙන් වෙඩි තියාගන්න. බේරුනොත් දොස්තර. නැතිනම් කොන් දොස්තර..
මම කරපු වැඩේ මගේ අත්දෙකෙන් අරගෙන මගේම ඇඟට මමම වෙඩි තියාගෙන වැටුණා. වැඩේ කියන්නෙ මමම මටම වෙඩි තියලත් මට හෙණයක්වත් නැති එකනේ. අන්න එකෙන් මම තේරුම්ගත්තා මෙතන දොස්තර කෙනෙක් වෙන එකේ වෙනම හාස්කමක් තියෙනවා කියලා.
මම
හොස්ස ළඟින් ගිය මැස්සා.