2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

රට කරවන්ටනම් මසුරන් ඇතුව කැටේ (දැහැන)

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 63

හාල් 
මෝල්ලුන්ගේ අල්ලෙ නැටවෙන 
හාල් 

ඔටුන්න රජරටලු 
අනේද කියන්නෙ 
ගොවිකම නැතිනම් 
රජකම කියූ රටේ
හාල්වලට සීල් වැදිලා
මිනිස්සු පෝළිමේ යනවා

දුප්පත්කම දෝර ගලන ජීවිත 
පොල් සම්බෝල එක්ක 
බත් වේලක් 
ලුණු මිරිස් එක්ක රොටියක් 
කන්නත් බෑ වගෙයි
පොල් ගෙඩියත් හැත්තෑවයි 

නැති එවුන්ට බදු ගහලා 
ඇති එවුන් රජවෙච්ච 
ක්‍රම ෙව්දයට 
තිතක් නෑ 
කොමාවක් මිස 

දෙවියනි ඔබ කොහිද 
ඇහැරෙන්න 
දැන් නින්දෙන් 

Sanju