2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා

ගල්කිස්ස මහ හෝටලේ නිර්මාංශ හැන්දෑව

 2018 නොවැම්බර් 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 99

නොවැම්බර් පළමුවැනිදා කියන්නේ නිර්මාංශ ආහාර භුක්ති විඳින්නන්ගේ දිනය විදිහට නම් කරලා තියෙනවා. නිර්මාංශ ආහාර ගන්න අය ගැන මට හැම වෙලේම තියෙන්නෙ ලොකු ගෞරවයක්. මොකද අපේ රටේ නිර්මාංශ ව්‍යංජන ඕන තරම් දකින්න ලැබුණත් ප්‍රධාන පෙළේ අවන්හල්වලට ගියාට පස්සේ නිර්මාංශ අයට තමන්ට ගැලපෙන දෙයක් හොයාගන්න සෑහෙන වදවෙන්න සිද්ධ වෙනවා. 

නිර්මාංශ කියන මේ අය ගොඩක් වෙලාවට මස් වර්ග, බිත්තර විතරක් නෙමෙයි, කිරි ආහාර සහ සතුන්ගෙන් ලබාගන්නා වෙනත් කිසිදු ආහාරයක් කන්නෙ බොන්නෙ නෑ. ඔය අතරේ තමයි නොවැම්බර් පළවෙනිදා ගල්කිස්ස මහ හෝටලේ නිර්මාංශික අය වෙනුවෙන් හයි ටී හැන්දෑවක් සංවිධානය කරලා තිබුණේ.

ඒක ඇත්තටම හරිම සුන්දර හැන්දෑවක්. හිරු බැහැගෙන යන හැන්දෑවේ හරිම චාම් අලංකාරත්වයක් කැටි කරගත්ත සුන්දරත්වයක් එදා තිබුණා. 

කිසිම සත්ත්ව ආහාරයක් අඩංගු වෙලා තිබුණු නැති රසවත් ආහාර වර්ග රැසක් මේ හයි ටී සාදයේ තිබුණා. ඒවායේ ජෙලටීන් පවා අඩංගුවෙලා තිබුණෙ නැහැ. ඒ වෙනුවට තිබුණේ අගාර් කියන රතු ඇල්ගී විශේෂයකින් ගන්න ජෙලි වගේ දෙයක්. රසකාරක විදිහට පළතුරුත් යොදාගෙන තිබුණා.

පොල් රොටි, ලැවරියා වගේ දේශීය කෙටි කෑමත් වෙල්වට් කේක්, ලෙමන් ඩ්‍රිස්ල් වගේ බ්‍රිතාන්‍ය කෑමත් පිරිච්ච මේ හයිටී කෑම මේසය හරිම විචිත්‍රවත් ඒ වගේම රසවත් අත්දැකීමක් බවට පත්වුණා.

- ධනූ
ඡායාරූප - you’re my favorite

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00