2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා

GINGER එකේ ගින්දර වගේ කෑම

 2017 පෙබරවාරි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

 

මේ සතියේ මම ගමන් කළේ ධර්මපාල මාවතේ තියෙන කොට්න් කලෙක්ෂන් වෙතයි. සාප්පු සවාරියේ යෙදිලා පොඩි මහන්සියක් වුණොත් පොඩි ආහාරයක් ගන්න පුළුවන් තැන් කිහිපයක්ම මෙතැන තියෙනවා. ඒ වාගේ තැනක් තමයි GINGER කියන්නෙ. 

එයාලා ළඟ හොඳ කෑම වට්ටෝරු රැසකුත් තියෙනවා. ඒ වගේම ඒවා ප්‍රමාණයෙනුත් ගොඩක් හොඳයි. ඒ විතරක්ම නෙමේ අවන්හලේ පෙනුම ආසන පනවලා තියෙන ආකාරය සැරසිලි මේ සේරම නියමයි. 

මම ආහාර ගන්න පටන් ගත්තේ හොඳ අලිගැටපේර යුෂ වීදුරුවකිනුයි. ඒක ගොඩක් සාරවත් වගේම රසවත්. ඉන්පස්සේ මම ගත්තේ Cauliflower  සැලඩ් එකක්. මම එතැනින් නැවතුණේ නැහැ. මෙතැනට ආවොත් රස විඳිය යුතුම කෑමක් දිහාවට මම ඊළඟට යොමුවුණේ. ඒ තමයි බේක් කරපු කකුළුවෝ. 

GINGER අවන්හලේ බේක් කරපු කකුළුවන් කියන්නේ පුදුම විදිහේ රසක් තියෙන ආහාරයක්. ඒක ඉස්තරම් විදිහ හදලා තියෙන නිසා හරියට කටේ නිකම්ම දියවෙලා යනවා. තවත් ඒ වගේ රසවත් ආහාරයක් තමයි පෘතුගීසි ක්‍රමයේ seafood rice එක. මාළු, ඉස්සන්, දැල්ලන් යහමින් යොදලා තියෙන මේ ආහාරයක් ගොඩක් රසවත්. 

කොහොම වුණත් මෙතැනදී මම ලබපු රසවත්ම අත්දැකීම තමයි මට්න් පොල් කිරි බැදුම. ඒක පිළිගන්වන්නේ කහ බත් සමඟයි. පුදුම රසක් තියෙන්නෙ. 

♦ ධනූ (ඩේලි මිරර් ලයිෆ්)
ඡායාරූප - You’re My Favorite