2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 නොවැම්බර් 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 53

මඩ වළක ජීවිතේ ගෙවන උන්ට ඒ මඩ වළ මහ මෙරක් වගේ. ඒ තරම් සැපක් නෑ. උන් හැමතිස්සෙම හිතන්නේ ලෝකයේ ලස්සනම තැන මේක තමයි කියලා. කාලයක් යනකොට ඔය වළේ ඉන්න සමහර එකෙක් දෙන්නෙක් හිතනවා අපරාදේ මේ වළෙන් උඩට ගිහින් තවම බලලා නෑනේ. ඒ නිසා එක දවසක් හරි වලෙන් උඩට යනවා කියලා.

ඌ කෝමහරි වටේ උන්ට කියනවා "මචං මේ මඩවල නෙමෙයි ජීවිතේ මෙතනින් එහා ලෝකයක් තියෙනවා” කියලා මේ මඩවළේ තමන් එක්ක ලගින උන්ට කියනවා. මෙන්න කට්ටිය කෝමහරි ගොඩයන්න බලාගෙන අරූව උස්සලා මඩවලෙන් එළියට තියෙනවා. එළිය දිව්‍ය විමානයක්. කෑම බීම, ඇඳුම් පැලඳුම්, සැප ඔක්කොම තියෙන තැනක්. එහෙම තැන් දැක්කම මඩේ හිටිය එකාට පුදුමයි. ආසයි, අත් හරින්න බෑ, දාලා යන්න බෑ. ඌ මේවාවලට ලෝබ වෙනවා. එහෙම වෙලා වළේ උන්ට ඔලුව දාලා කියනවා "අපෝ එළිය නම් අන්තිම ජාරාව, මේකට නම් එන්නවත් හිතන්න එපා" කියලා. මම ඉන්නම් උඹලා වෙනුවෙන් කියලත් කියනවා. ඉතිං වළේ උන් මාර හීනයක ඉන්නේ.

කාලයක් යනකොට නැවතත් මඩ වලෙන් අර වගේම එකෙක් උඩට යනවා. ඌ යන්නෙත් එළියේ වෙනස බලන්න. එහෙම යන එකත් එක්කෝ අරම වෙනවා. නැත්තන් උඩ උන් එක්ක සෙට් වෙනවා. ඒත් අර පහළ උන්ට ඇති සෙතක් නෑ. කාලයක් යනකොට මඩේ උන් මඩවල සැපයි කියනවා. උන්ට එළියක් ගැන හීන අමතක වෙනවා. උන් ආදරය කරනවා මඩ වළේ මඩවලට, උන් මඩවලේම ලගිනවා. ඊට පස්සේ උන් මඩ වලේම මැරෙනවා. මේක තමයි ක්‍රමය. මේ ක්‍රමයෙන් වෙනස් වෙන්න කවදාවත් සමහර මිනිස්සු හිතන්නේ නෑ.

කොහොම වුණත් වර්තමානයේ දේශපාලනය තුළ වෙලා තියෙන්නෙත් මේ දේ. ඒක වෙනසක් නෑ. විවිධ නම්වලින් අර පාලනය, මේ පාලනය කියලා ආවට ඇත්‍තටම හරි පාලනයක් කවදාවත් අපිට ලැබිලා නෑ. ඒ අය ඒ අයගේ අරමුණු වෙතට ගිහින් අපිට කොකා පෙන්නනවා. මේවා ලංකාවේ ඇතුළේ සාමාන්‍ය සිද්ධි. හැබැයි සිස්ටම් එක ඇතුළේ නිතිවිරෝධී හැසිරීම්. ඒත් තේරැම් අරගෙන වෙනස් වෙන එකෙක් නෑ. පේනවනේ පනින උන් අර පැත්තට මේ පැත්‍තට. මේ අපිට ආදරේටද? නෑනේ. මේ එන්නේ ඒ අයගේ ජීවිත සුඛිත මුදිත කරන්නයි ඒ හැමදේම කරන්නේ. මොකද දැන් එයාලා ගොඩ. ඒ නිසා අරක පෙරලන්න, මේක පෙරලන්න කියල පාරට යන්න එපා පක්ෂවලට අහුවෙලා. පුළුවන්නම් ජාතික ව්‍යාපාරයක් එක්ක සටන් වදින්න.

මේ රටේ මිනිස්සු අසරණයි. හැමදාම එක එක පොරොන්දුවලට රැවටිලා අවසානයේ ජීවිත කැප කරලා යනවා ඔහේ. ඒත් නායකයන්ට පුදුම සැපක් තියෙන්නෙ. මේවා තමයි අපේ රටේ සිස්ටම් චේන්ජ්. කාට කියන්නද අප්පා.

මම 
බ්‍රෝ