2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

නුඹම ඉන්දූ සුදු මල් ගහ

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 221

අතු ඉති කඩා බිමට දැම්මා
නුඹම ඉන්දූ සුදු මල් ගහේ
සිනිඳු මල් පෙති හඬා වැටුණා
නුඹෙන් වෙන් වූ හිත වගේ

නින්ද නැති මේ අතු පැලේ
හිත පුරා සක්මන් කළේ
දුන් දඬුවම් මදිද ඉතින්
තව ඉන්නෙ ඇයි රිදවමින්

මල් පිපුණු හිතේ පෙති කඩා
ඔබ ලබන සුවේ කිමදෝ
ඇන්ද සිතුවම් බොඳ කරලා
දේදුනු පාට අරන් ගියෙ කොහෙදෝ

ජයන්ත ග. ජෝතියරත්න