2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා

මගේ වැදි බණ

 2018 ඔක්තෝබර් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 83

ලංකාව ඇතුළේ ජීවත් වෙන ගොඩක් දෙනෙක් කන්නේ ජරාව. කඩේකට ගිහින් හොඳ රහට බත් එකක් කෑවොත්, ඒ රහ යන්නත් කලින් ගිහින් කුස්සිය බැලුවොත් කාපු එක වමනේ දාන්න තරම් අප්‍රසන්නයි. ඒ තරම් කුස්සිය පිරිසිදුයි. කෝකියා අපිරිසිදුයි. ඌ අවුරැද්දකින් නාලා නෑ. ඒත් කෑම රහයි. පුදුමේ කියන්නේ ගෙදර උන් නාලා පේ වෙලා, එළවළු එහෙම උණුකර නිවාගත් ජලයෙන් හේදුවත් කඩේ රහ ගන්න බෑනේ.

කඩේ මල්ලිට ගිහින් රයිස් එකක් දාපන් මචං කිව්වම උගේ මූණ හරියට චිකන් රයිස් එකක් වගේ. ඌ අඟර දාලා ඇඹරිලා දානවා රයිස් එක. බත් ඇට උඩ පන්නනකොට මෙන්න මූ යූරියා ගහනවා වගේ හතර අතෙන් එක එක කුඩු ඉහිනවා. මේ මොනවද කියලා අපි දන්නවද? නෑ. අපි හිතින් හිතනවා අජිනමොටෝ, ලුණු, සීනී කියලා. ඒත් ඇත්තටම ඒවද?

අපේ රටේ නීති කාලෙන් කාලෙට බෝවෙනවා. අද නීතිය නෙමෙයි හෙට. හැබැයි එක නීතියක් හරියට ක්‍රියාත්මක වෙලා තියෙනවද? නෑ. ඔක්කොම වචනයට විතරයි. ඔක්කොම පොඩි මිනිහට විතරයි. තවමත් අජිනමොටෝ ගෝනි ගණන් ගේන රටේ අජිනමොටෝ තහනම්. කොහොමද ඒක? මොකද මේ ගැන වචනයක් කතා කරන්න එකෙක් නෑ.

අලි රයිස් එකක් ගිලලා උදේ වෙනකල් අපි වතුර බොනවා. මේ රටේ හොර අරක්කු තහනම්. හොඳ අරක්කු විතරයි බොන්න පුළුවන්. ඇයි ඒවා හොඳවා. සීල් අරක්කු. හැබැයි මේ රටේ හොඳ කෑම, සීල් කෑම විතරයි කන්න ඕනේ කියලා නීතියක් තියෙනවද? තියෙනවා. කඩේ පිරිසිදු වෙන්න ඕනේ. කෑම ඕන මලජරාවක් කඩේ සුපිරි නම්.

වෙන රටවල්වල පාලකයෝ මහන්සි වෙන්නේ හොඳ ආහාර රටේ උන්ට ගිල්ලන්න.. ඇයි උන් තමයි රටේ ශ්‍රම ශක්තිය. ශක්තිමත් සෞඛ්‍ය සම්පන්න ජාතියක් උන් පතන්නේ. ඒත් අපේ රටේ උඹලා ඕන ජරාවක් කාපන්. බිල්ඩින් හදන්න ඕනේ. හයිවේ හදන්න ඕනේ.

රටේ හොඳම ආහාර වේල කන්නේ පාර්ලිමේන්තුවේ ලොක්කෝ. වැඩියෙන් ආහාර අපතේ යවන්නෙත් පාර්ලිමේන්තුව. ආපු නැති අයටත් එක්කනේ උයන්නේ. මේ කියන්නේ රටේ ජනාධිපති. හිතාගන්න අපි මොන පවක්ද රටේ කෑම වේලකට කරන්නේ කියලා. රටේ උන් ජරාව ගිලිනකොට රටේ පාලකයෝ හොඳ කෑම එකත් විසික් කරනවා. ලජ්ජ වෙන්න ඕනේ නේද? අපිද අනාගතයක් ගැන හීන මවන්නේ? අපිද අනාගතයට අභියෝග කරන්නේ? මොළේ අඩපණ වෙන කෑම කාලා අලුත් දෙයක් ගැන හිතන්න පුළුවන්ද? ආදරයක්, කරැණාවක් ඉතුරැ වෙයිද? ඇයි? සංවේදී සියලු සෛල මරලා. දැන්වත් හිතපල්ලා යකුනේ මේ ගෙවන්නේ කරැමයක්. මේ කරැමෙන් නිදහස් වෙයල්ලා.

මම 
බ්‍රෝ