2018 අගෝස්තු 25 වන සෙනසුරාදා

කොළඹට ගොඩබැස්ස අයිරිෂ් පබ් රසය Thai Grilled Spicy Calamari, Kufta Paddy Balls

 2018 අගෝස්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 150

The Irish කියන්නේ බොහොම මෑතකදී කොළඹට එකතු වුණු පබ් එකක්. පවුලේ ව්‍යාපාරයක් විදිහට ක්‍රියාත්මක වන මේ පබ් එකේ නියම අයිරිෂ් ගතියකුත් පබ් පෙනුමකුත් ගැබ් වෙලා තියෙනවා.  අපි වැඩ පටන්ගත්තේ Tequila Sunrise වීදුරුවකිනුයි.  ඊට පස්සේ  Piña Colada සහ Passion Fruit Mojito රසත් බැලුවා . Piña Colada හදලා තිබුණේ නැවුම් අන්නාසි යුෂ යොදාගනිමිනුයි. ෆැෂන් ෆෘට් අඩංගු වුණු මොජිටෝ එකත් බොහොම රසවත් ඒ වගේම ඇල්කොහොල් අඩංගු නැති පානයක්.

අපි ආහාරගන්න මුල පිරුවේ Thai Grilled Spicy Calamari වලිනුයි. ඒක බොහොම රසවත් ගොඩක් ජූසි ආහාර දීසියක්. හරිම රසයි! ඒ වගේම චිලි පෙස්ටෝ එක්ක පිළිගන්වන Kufta Paddy Balls කියන්නෙත් මෙතැනට ගියොත් රස බැලිය යුතුම කෑමක්  .බීෆ් දාලා ඊට පස්සේ මාෂ් පොටෑටෝ දාලා හදපු ඒක ඇත්තටම කට්ලට් වර්ගයක්.

ඊටපස්සේ අපට Pollo and Pepperoni පීට්සා එකක රස බලන්න ඇරයුමක් ලැබුණා. තක්කාලි වැඩි වශයෙන් තිබුණු මේ පිට්සා එකේ චිකන්, අන්නාසි සහ අමු මිරිසුත් යහමින් අඩංගු වෙලා තිබුණා. පිට්සා එකේ උඩට දාලා තිබුණේ පෙපරෝනි සහ මොසරැල්ලා චීස්. මෙතැන තියෙන තවත් රසවත් ආහාර වර්ග විදිහට Pollo and Pepperoni සහ Irish Beef Stew හඳුන්වන්න පුළුවන්. 

මෙතැන විවිධ අතුරුපස වර්ග ගොඩකුත් දකින්න පුළුවන්. අපි රස බලපු New York Cheesecake  කියන්නේ බෙරීස් දාලා හදපු ගොඩක් රසවත් චීස් කේක් එකක්. 

♦ නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
ඡායාරූප - කණිෂ්ක ගනේවත්ත

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00