
වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර වෙනදාටත් වඩා නූතන ලෝක ප්‍රජාවට අවශ්‍ය වී තිබේ. නිදුක් නිරෝගී දිවි පෙවෙතකට එයින් ලද හැකි හිමිකම සොයා ගැනීම හා භාවිතයට ගැනීම එම අවශ්‍යතාව වෙයි. එහෙත්, වැදිජන ආහාර පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු නොවීම මෙන්ම මූලාශ්‍ර විමර්ශනය කිරීමේ පර්ෙය්ෂණ කෘති ජනගත නොවීම මූලාශ්‍ර විමර්ශනය ගැටලුසහගත ප්‍රවණතාවකි. මෙබඳු සමාජ පරිසරයක රැහුණු විශ්වවිද්‍යාලයීය උපාධිධාරිනියක වන පූජනී ගුණසේකරගේ අභිනව පර්යේෂණ වන වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය කෘතියෙන් ඉතා වැදගත් මැදිහත්වීමක් කරන බව පෙනේ. මේ කෘතිය මෙතෙක් සාකච්ඡා නොකළ වැදි ජනයාගේ අස්පර්ශනීය ආහාර හා බැඳී ඇති දැනුම් පරාසය විද්‍යාත්මකව ගවේෂණය කිරීමක නියැලෙයි.
වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර කෘතිය පළවීමට පෙර වැදි ජනයා පිළිබඳ විමර්ශනය කළ යම් යම් තැන්හි වැදි ජන ආහාර පිළිබඳ මූලාශ්‍ර අවිධිමත් ලෙස ගොනු වී තිබුණු වග සටහන් කළ යුත්තේ පුරෝගාමී පර්ෙය්ෂකයන්ට ගෞරවයක් ලෙසිනි. ඔවුහු වැදි ජනයා හා ඔවුන්ගේ සංස්කෘතිය යන මහා සන්දර්භය කෙරෙහි ආශක්ත වූවෝ වෙති. එහෙයින් වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර එතරම් ප්‍රකට ලෙස සාකච්ඡා නොකළේය. එහි වරදක් නැතත් පූජනී ගුණසේකරගේ පර්යේෂණාත්මක කෘතියෙන් නෙළාගත හැකි ඵලය මහරුය.
වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර යන විෂය අයත්වන්නේ අස්පර්ශනීය දැනුම නැතිනම් අස්පර්ෂනීය උරැමයන් වෙතය. ඒ, උරැමය ලෝවැසි ප්‍රජාව සමඟ බෙදා ගැනීමේ විද්‍යාත්මක සාකච්ඡාවකට අවශ්‍ය මූලාශ්‍රගත දැනුම් පද්ධතිය පෙන්වා දීමමේ සත්කාරය පූජනී අතින් සිදු වී තිබෙයි. විශ්වවිද්‍යාලයීය පර්යේෂණ ක්‍රියාවලිය සතු සමාජ වගකීමක් කාලෝචිත ලෙස හඳුනාගත් අවස්ථාවක් ලෙසින් ද මේ කෘතියට වෙසෙස් අගයක් හිමිවනු ඇත.
සාම්ප්‍රදායික දැනුම නිසි ලෙස සමාජගත වූයේ අත්දැකීම් මත එම පරපුරින් - පරපුරට පෝෂණය වෙමින් වඩා නිවැරදි නැතිනම් වඩා සාර්ථක ප්‍රතිඵල පමණක් ගොනු කරගත් බැවිනි. පූජනීගේ කෘතියේ පර්යේෂණ සැලැස්ම නැතිනම් කරැණු ඉදිරිපත් වන්නේ ද ඒ අනුවය.
ඇගේ පර්යේෂණයට බඳුන් වන දඹාන වැදි ජනයා, හැඳින්වීම හා දඹාන වැදි ජනයාගේ සංස්කෘතික ජීවන පිළිවෙත් ඇසුරේ ආහාර පිළිවෙත් සියල්ල ක්‍රමානුකූල වර්ගීකරණයක් යටතේ පෙළ ගස්වා තිබේ. එහෙයින් අස්පර්ශනීය දැනුම් පිළිවෙතක් ලිඛිතව සංස්කරණය කිරීමට පූජනී මේ කෘතියේදී වෑයම් දරා තිබෙන්නීය. දඹාන තවමත් සක්‍රීය වැදි ජන උරුමයකි.
ජන වර්ග අධ්‍යයනයේදී සෙලිග්මාන් යුවළගේ මැදිහත්වීමෙන් බිහි වූ වැද්දා පර්යේෂණ කෘතිය මෙන්ම පූජනීගේ වැදි ජනයාගේ සාම්ප්‍රදායික ආහාර තාක්ෂණය කෘතිය ද ප්‍රමාණාත්මක කාලෝචිත මැදිහත්වීම යටතට අයත් පර්යේෂණ කෘතීහු වෙති.
ලාංකේය වැදි ජනයාගේ ආහාර ඔවුනට අනන්‍ය වූවක් වේ. එසේම දඹාන ප්‍රදේශය තුළ තවමත් දිවි ගෙවන වැදි ජනයා සහමුලින්ම සාම්ප්‍රදායික ආහාර රටාවන්ගෙන් වියුක්ත වී නොමැත. එබැවින් පූර්වෝක්ත සාම්ප්‍රදායික ආහාර සොයාගැනීම හා භාවිතයට ගැනීමේ පිළිවෙත් තවමත් සක්‍රීය ලෙස සිදු වේ. පූජනී එම තොරතුරු විශ්වාසනීය ලෙසින් ද අදාළ මූලාශ්‍ර අනවශ්‍ය ලෙස දීර්ඝ විස්තරයන්ට ලක් නොකර සංක්ෂිප්තව ගෙනහැර දක්වන්නේ ද විදුහුරු චින්තනයකට අනුවය.
වැදි ජනයාගේ ආහාර රටාවන් හා බැඳුණු සාම්ප්‍රදායික දැනුම අධ්‍යයනය කිරීමේදී මූලාශ්‍ර වන අඩිතාලම වන්නේ ජනශ්‍රැතියයි. එහෙයින් උපග්‍රන්ථය මඟින් මේ ජනශ්‍රැති තොරතුරු දැක්වීම මැනැවින් ඉටු කිරීමට කතුවරිය වෑයම් කරන්නීය. එසේ නොවුණා නම් විද්‍යාත්මක අධ්‍යයනයක් ලෙස මෙම කෘතිය පෙළගැස්වීම ගැටලුවක් වන්නට ඉඩ තිබුණි. මේ උපග්‍රන්ථයේ අරමුණ වන්නේ ද දඹාන වැදි ජනයා අතර ප්‍රකටව, ප්‍රචලිතව හා භාවිතව තිබූ ජනශ්‍රැති ඇසුරේ කෙසේ සාම්ප්‍රදායික ආහාර පිළිවෙතක් ගොඩනැගී තිබුණේද යැයි පෙන්වා දීමටය.
සාම්ප්‍රදායික වැදි ජන ආහාර නම් විද්‍යාත්මක අධ්‍යයනය මඟින් පූජනී ගුණසේකර දඹාන වැදි ජනයාගේ ජනශ්‍රැති ඇසුරේ වැඩුණු විද්‍යාත්මක චින්තනය හඳුනාගෙන එය මානව අවශ්‍යතාවක් ලෙස ඉදිරිපත් කරන්නීය. මේ මූලාශ්‍රගත කෘතිය සිංහල භාෂාවෙන් කියවා වටහා ගැනීමට වඩා ඉංග්‍රීසි බසින් පළවෙන්නේ නම් එය ලෝක ප්‍රජාවට අවශ්‍ය දැනුම් පිපාසයට රැකුල් දීමක් වනු ඇත. එමෙන්ම දඹාන වැදි ජනයා ඇසුරු කළ ආහාර ආශ්‍රිත දැනුම මඟින් ලෝක ප්‍රජාවට බෝ නොවන රෝගවලින් පහසුවෙන් ආරක්ෂාවීමට ද එය කාලෝචිත අත්වැලක් සැපයීමකි. විද්‍යාත්මක පර්යේෂණයක අවශ්‍යතාව වන්නේ අස්පර්ශනීය විදුහුරු දැනුම ලෝකය සමඟ බෙදා ගැනීමය. පූජනීගේ මේ කුළුඳුල් පර්ෙය්ෂණ කෘතිය එයට පාරමිතාවක් වනු ඇත.
මහින්ද කුමාර දළුපොත
ජනශ්‍රැතිවේදී