2018 ජුලි 28 වන සෙනසුරාදා

පසුවදන්

 2018 ජුලි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 251

මල්වඩම් සුදු කොඩි
ශෝක පණිවිඩ මුහුණුපොත පුරා
පසුවදන් සපයාවි
මා මැරුණා කියා…

දන්නා අඳුනන අය කියයි
හොඳ එකෙක් නැතිවුණා
හත්දවසේ දානේ 
දෙනදාට රැස්වෙලා...

ගෙදර උන්දලා කියයි
නැතිවෙලා අවුරුදු පහයි
ඔය මදැයි කළ දාන
දැන් නම් කොහේ හරි ඉපදිලා…

බෝදාගම සුමන හිමි