
කාව්‍ය සංග්‍රහ කිහිපයක් ඔස්සේ පාඨක ප්‍රසාදයට පත් කිවිඳියක වන සුනන්දා රණසිහ, ඇගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය “නැති බිමක සිහින ඉම නමින් දැන් නිකුත් කොට තිබේ.
ප්‍රබල සමාජ සංසිද්ධීන් සහ පුද්ගලානුබද්ධ අනුභූතීන් ද සජීවී අත්දැකීම් බවට පත්කළ සාර්ථක කාව්‍ය නිර්මාණ රැසක් මෙම කෘතියට ඇතුළත් වේ. මානවීය ගුණය තැවරුණු යථාර්ථවාදී කියවීමක් උදෙසා කවියට උචිත ආකෘතික රටාවන් ගොඩනගා ගැනීම ද මෙම කෘතිය තුළ කැපීපෙනෙන ලක්ෂණයකි.
සරල සුමට ලෙස බස හසුරුවමින් පාඨක මනස තුළ ප්‍රබල චිත්ත රූප මවන්නට මෙම කිවිඳිය දක්වන සමත්කම මෙන්ම ළතෙක් ගුණය ඇගේ කවියේ හරය සේ ඉස්මතු වීම ද සුවිශේෂීය.
මේ පඹයා සහ අපි කාව්‍ය පන්තියේ කොටසකි.
දිවා රෑ නැතිව වෙනසක්
නො ඉල්ලා දීමනා කිසිවක්
නොපියාම දෙඇසක්
අව් වැසි විඩා උසුලත්
කුරුලකු ඉඳහිට
නුඹේ හිස් හිස මත ලැග
වසුරු ලූවත් ඇඟ
නුඹ නොවේ සෙලවුවේ ඇස කන
බැත ගොඩ ගැසෙන කල
මුදලාලි එයි කමතට
ට්‍රක්ටර් ගිජිඳු ළඟ
දැනේ කොතරම් ළඟද නුඹ අප
වෙහෙසට සරිලන මිලකට වී විකුණා ගත නොහැකි ප්‍රශ්නය අද මෙරට බරපතළ සමාජ කතිකාවක් බවට පත්ව තිබේ. එම තත්ත්වය තුළ මුදලාලි අසල ගොවියාගේත් පඹයාගේත් වෙනසක් නැතැයි යන සංවේදනීය පුවත ඇය කාව්‍යෝක්තියට නගා ඇති අයුරු බුහුටිය.
“කුණු පීටර් තවත් එබඳුම සමාජ යථාර්ථයක් ප්‍රතිනිර්මාණය කළ අවස්ථාවකි. මුළුමහත් සමාජයම පිළිකුල් කරන “කුණු* හිරිකිතයකින් තොරව ට්‍රැක්ටරයට නංවා ගෙන “කුරුල්ලකු වගේ ඉගිලෙන. මාතලී කෙනකු ගැන පාඨකයාට මවන චිත්‍රය කොතරම් පිරිසිදු ද බලන්න.
ඇද මුළු නගරයක කුණු කසළ
සුදෝ සුදු සිනා මල වඩාගෙන
සින්දුවක් කියාගෙන ගෙදර එන
කුණු පීටර් නුඹ...
කඳු සිරස, අවුරුදු දා කොළඹ, අතරමං, අකීකරු ශිෂ්‍යාවගේ කවිය, බ්‍රොයිලර්, කන්ද සහ උල්පත, මල් හේදුණු කුඩ, සැරයටිය වැනි කාව්‍යමය ගුණය මනාව රැකගත් සාර්ථක කවි හැටකට අධික සංඛ්‍යාවක් ඇතුළත් “තැනි බිමක සිහින ඉම කාව්‍ය සංග්‍රහය සෞන්දර්යාත්මක, රූපකාත්මක, සංකේතාත්මක භාවිතයන්ගේ අපූර්ව සංකලනයකි.
නෙළුම් නටුවේ අවනඩුව
පිළී ගඳ කලල් දිය පතුළටම එරී
කටු අප මුගුරුයෙන් වට දවටා සැරහී
බිඳකුඳු මඩ නොතවරා දිය මතට නැගී
මම නුඹ වඩාගෙන උන්නෙමි සුවඳ දිඳී
උදා ළහිරු දැක පෙති එකිනෙක විහිදා
විදා සුවඳ නුඹ හිරුටත් පෙම් බැන්දා
වඩාගෙනම නුඹ මඩ යට පා රන්දා
නිරා දුක් ගොඩක් මා නිහඬව වින්දා
සුනන්දා රණසිංහ කිවිඳියගේ කවීත්වය පරිපාකයට පැමිණ ඇතැයි දක්වන්නට මීට වඩා නිදසුන් අවැසි නොවේ. සංකීර්ණ භාෂා භාවිතය හෝ අනවශ්‍ය වැල්වටාරම් දවටා අපිරිසිදු කළ කාව්‍ය නිර්මාණ මෙහි නැත. එහෙත් අනවශ්‍ය සංක්ෂිප්තතාව නිසා ගුණ හීන වූ කවි කිහිපයක් පෙන්වා දිය හැකිය. පිළිල, නොගැඹුරු, බිම්මල් වැනි ඒවාය.
පාඨක