
විවිධ රීතීන් බිහිවන්නේ එක එක නිර්මාණකරුවාගේ දර්ශනයේ හැටියටයි. ඒවා එකිනෙකට සම්බන්ධ කිරීමෙන් කිසියම් බුද්ධි ප‍්‍රබෝධයක් ඇතිවෙනවා නම් ඒක සංවාදයට පාත‍්‍රවීම වරදක් නොවේ. එහෙම සංවාදයක් පැවතිය යුතුයි. ඒත් මාගේ කෘතියෙන් සිංහල බෞද්ධ උරුමයට පහර වදින බව සමහරු ප‍්‍රකාශ කරනවා. මේක මහ බොරුවක්. දැන් අපි ථෙරවාදයට කොටුවෙලා හිටියට අපේ දර්ශන ඉතිහාසය දිහා බැලුවම ඍග්වේද යුගයේ සිටම වේදාන්ත දර්ශනය, මහායාන සම්ප‍්‍රදාය දැකගන්න පුළුවන්. සිංහල බෞද්ධ ථෙරවාද කීවාට අපි මේ සියල්ල උරුම කරගත් පිරිසක්. අධිරාජ්‍යවාදය මගිනුත්, අරාබි වෙළෙන්ඳන් මගිනුත් අපට ලෝකයේ සියලුම චින්තාවන් උරුමවෙලා තියෙනවා.
- සයිමන් නවගත්තේගම