2018 මැයි 26 වන සෙනසුරාදා

කරදියේ උපන්නෝ

 2018 මැයි 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118

සුන් බුන් ගොඩක
ලීයෙන් හැදුව
මුඩුක්කු පේළි
මිනිස්සු කියන...

ලස්සන මුහුද
කරලා කැතම
තිබෙනා කූඩු
කඩලා දාමු...

ගංජා ගහන
කුඩ්ඩෝ පිරුණු
බිමක්ලු මේක
මිනිස්සු කියන...

වැල්ලේ ඉන්න
අව්වේ තැවුණු
මුහුදේ ගෙවුණු
සැරයිලු ගෑනු...

මුඩුක්කුවලට සැටලයිට් 
මුන්ට මොකටද අහන
අපි කන්නේ කොහොම
ඉන්නේ කොහොම
උන් දන්නේ නැහැනේ...

දරුවන්ට උරුම
අපගේ කරැම
ජීවිතය නරැම
දෙන්නේ කොහොම?...

- බෝදාගම සුමන හිමි

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00