2018 මැයි 12 වන සෙනසුරාදා

මටත් නොදැනී මා රකින උඹ

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 167

ගැහැනු හිත් හිතුවක්කාරය...

පිරිමි හිත්වලට දෙවෙනි නැත....

වෙනසකට ඇත්තේ...

එහෙව් හිතුවක්කාරකම්...

ළෙන්ගතු පිරිමි හිත් ළඟ දියවී යන්නට...

වැඩි වෙලාවක් නොයෑම පමණමය...

කිසිවකට නොසැලුණු හිත... 

උඹේ ඇස්වල බැල්ම ළඟ හිරිවැටී ගිය බව...

පිළිනොගෙන සිටින්නට මට නොහැකිය...

දෙනෝදාහක් අතරේ... 

සීයක් වැඩ මැද්දේ...

උඹ හෙලන එක බැල්මකට... 

හුස්ම ගන්නට පවා අමතක කළ හැකි බලයක් ආවේ කොහෙන්ද...

මම නොදනිමි

වීදි දිගේ පිය නගන ඉබාගාතයක අතරතුර... 

ඒ හිතුවක්කාර ගැහැනු හිත... 

පරිස්සමට මුවා කර... 

මටත් නොදැනී මා රකින උඹ...........

ඔව්... මම උඹ දනිමි

ඉතින්...

උඹේ ඇස්වලට පමණක්ම පෙම් කරමි

► රජිතා අබේසිංහ

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00