2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

ඇස් දෙක වගේ බලාගන්න...

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 111

වර්තමානයේදී ඇස් රෝග ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. බොහෝ දෙනකු ඇස් රෝග සඳහා විවිධ ප්‍රතිකාර කළ ද ඒවායින් සමහරක් නිට්ටාවටම සුළු නොවීමේ තත්ත්වයක් ද පවතී. ඇස් සම්බන්ධව දක්වන අඩු සැලකිල්ල මේ රෝග තත්ත්ව ඇතිවීමට හේතු වේ. ඇස්වල පවතින සුන්දරත්වය නැතිවීමට හේතු කිහිපයක් බලපායි.

ඉතා දුරින් තිබෙන යම් වස්තුවක් දෙස දීර්ඝ වේලාවක් බලා සිටීම.

තද අව්වේ සිට ආ විගසම දිය නෑම.

දුහුවිලි ඇති ස්ථානවල නිතර නිතර දිගු වේලාවක් රැඳී සිටීම.

කඳුළු එනවිට කඳුළු ඒම වැළැක්වීම.

දහවල් දිගු වේලාවක් නිදා ගැනීම.

නිතරම පරිගණක තිරය දෙස සහ රෑපවාහිනී තිරය දෙස බලා සිටීම.

මේ සඳහා කළ හැකි ප්‍රතිකාර

තේ කොළ මණ්ඩිවලින් පොට්ටනි දෙකක් සාදා දෑස් මත ටික වේලාවක් තබා සිටීම.

ඉහළ සිට පහළටත්, පහළ සිට ඉහළටත් දසවතාවක් පමණ බැලීම.

පිපිඤ්ඤා පෙති දෙකක් දෑස් මත තැබීම.

හිතුමතේට තවත් කෙනකු භාවිතා කරන අක්ෂි ඖෂධයක් පාවිච්චි නොකිරීම.

 අන්තර්ජාලය ඇසුරෙනි