2017 ජනවාරි 21 වන සෙනසුරාදා

රුව දැකීම

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1011

රන් හැට්ටය ඇඳ

රන් පටියෙහි

දිග කඩුව බැඳ
අසු පිට නැඟු‍ණු කුමාරයා
ගම් නියම් ගම් රාජධානි
පසුකොට ගියේය.
පස් වසක් ගමන් කළ ඔහු
විවාහ කොටගත් කුමරිය
ගෙන ඒමට
තව පස් වසක් ගත විය.
එවැනි රුවක් නොදිටිමු” යි
ඈ ගෙනා දින
පුර වැස්සෝ කීහ.
එදින සවස් කල
පුර දොර අසලදී
රජ ගෙදර
දොරටු පල්ලාගේ දුව
භද්‍රා
කුමරුට හමු විය.
තී කවුරුදැ” යි
ඔහු විස්මයෙන් ඇසී ය. 
තිගේ වැනි රුවක්
මම කිසි කලක නොදිටිමි.

ජී.බී. සේනානායක
(පලිගැනීම,1946)