2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා

ස්ටෙප්ස් යායේ....

 2018 අප්‍රේල් 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 260

නොදුටුවාසේ නොවූවාසේ
ඉන්න හැකිනම් නුඹට රහසේ
කුමට මගෙ නෙතු කඳුළු සලලා
ලොවට හිනැහී, හඬා රහසේ..
වෙලුණු දෑඟිලි දෙඩුව නෙත් පෙති
නුඹ සොයන මුත් මටත් රහසේ
මමත් ඉන්නම් නොවූවාසේ
නුඹ වගේ, මා නොදුටුවාසේ..
ඇවිද ගිය ස්ටෙප්ස් තණ බිම්
සොයනමුත් අප අපට රහසේ
පොප්ලර් ගස් හෙවණ යටනම්
අලුත් පෙම්බස් ඇසෙයි පෙර සේ...
ඒ හෙවණ යට 
මම නොමැති මුත්
මුමුණමින් පෙම් කතා රහසේ
යද්දි එද්දී
ගුල්සාරි දුටුවලු
නුඹ උන්නු හැටි ළංව පහසේ...
තරු පවා 
විමසුවා මාගෙන්
කිමද නොයෙනට හේතු පෙර සේ...
පැරදුණා මම නඩුව මාගේ
ඔප්පුවත් නැත මගේ බාරේ..
කෙසේ පවසම්.. 
සඳේ නුඹ නම්..
ඉන්නමුත් දන්නේම නෑ.. සේ,
කියනු තරු හා
ආයේ නෑ මා
දකින්නට ස්ටෙප්ස් යායේ...


I ගීතිකා නිසංසලා කිතුලම්පිටිය

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00