ග්‍රහ මණ්ඩලයේ අයහපත් බිහිසුණු ක්‍රියාවන් සිදුකිරීමට ඉවහල් වන්නා වූ අඟහරුත් සෙනසුරුත් සිකුරුට අයත් පුවසල නැකතේ ගමන් කිරීම මෙම වකවානුව තුළ සිදුවනු ඇත. අප රටට වැදගත් වන්නා වූ නීති පනත් කිහිපයක් ෙගන එන වකවානුවකි. විශේෂයෙන් ස්ත්‍රීන්ගේ සුබ සිද්ධියට නව නීති පැනවේ. ආරක්ෂක අංශවල ප්‍රගතිය වෙනුවෙන් ද වැදගත් වැඩපිළිවෙළක් දියත් කෙරෙන අතර පාර්ලිමේන්තුව අශ්‍රිතව කැළඹිලි ස්වභාවයක් උද්ගත වේ. වාද විවාද මත ගැටුම් ඉහළ යන අතර දේශපාලන හවුල් කැඩී යනු ඇත. මහජන නියෝජිතයකුට හදිසි ශරීර පීඩාවකට ලක් වීමටද සිදුවන වකවානුවකි. ස්ත්‍රී මරණ අධික වෙයි.
මීළඟට ඔබට
මේෂ - අතපසුවීම්
ඔබගේ යම් යම් කටයුතු අතපසුවීම්වලට ලක්වනු ඇත. ආගමික කටයුතුවලට සම්බන්ධව සිටින අයට යම් යම් ප්‍රශ්න පැන නගී. කලා කටයුතු හා සන්නිවේදන අංශයේ නිරත අයට ශුභඵල අත්වනු ඇත.
වෘෂභ - ණයක් ගනී
ඔබගේ කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධාවන් ගෙන දෙනු ඇත. මිතුරන්ගෙන් යම් යම් කරදරවලට ලක්වනු ඇත. යම්කිසි කාර්යක් වෙනුවෙන් ණයක් වීමට සිදුවනු ඇත.
මිථුන - කාලත්‍රයාට හොඳ නැහැ
නීතිමට ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ව්‍යාපාරික කටයුතුවල හා හවුල් කටයුතුවල නිරත අයට ද අයහපත් වනු ඇත. තම කාලාත්‍රයාට යම් ශරීර පීඩාවක් ගෙන දෙනු ඇත.
කටක - කතුන් හා පරිස්සමෙන්
ඔබගේ කටයුතුවලට විවිධ වූ බාධා එල්ල වේ. නෑදෑයන්ගෙන් යම්කිසි පීඩනයක් ඇතිවනු ඇත. කාන්තාවක් නිසා ඔබට කිසියම් හෝ පීඩාවක් ඇතිවිය හැකි නිසා කාන්තාවන් සමඟ කටයුතු කිරීමේදී කල්පනාකාරී වන්න.
සිංහ - මංගල යෝග
නිතර සතුටින් කාලය ගත කරන ඔබ විරුද්ධ ලිංගික ආකර්ශණයට නතු වේ. සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයටද යහපත් වන අතර අවිවාහක අයට මංගල යෝග ඇතිවනු ඇත.
කන්‍යා - අලුත් වාහන
නව දේපලක් වාහනයක් මිලදී ගැනීමට යහපත් වන්නාවූත් වකවානුවකි. උරුම හිමිකම් ද ලබාගත හැකි වේ. සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න රැසක් විසඳෙන වකවානුවකි.
තුලා - නව නිර්මාණ
කලා හා ලේඛන කටයුතුවල නිරත වී සිටින අයට ඉතා ශුභ ඵල අත්වන අතර නව නිර්මාණ බිහි කිරීමට හැකියාව ලැබෙනු ඇත. දෙඅත් ආශ්‍රිත පීඩාවක් ඇතිවන බැවින් පරිස්සම් වන්න.
වෘෂ්චික - සමගිය වැඩේ
යම් යම් කටයුතු අතපසුවීම්වලට ලක්වනු ඇත. පවුල් දිවියේ සමගිය වර්ධනය වනු ඇත. තැන්පත් ධනය වියදම් කරමින් කිසියම් දෙයක් මිලදී ගනු ඇත. උගුර ආශ්‍රිත පීඩාවක් ගෙන දේ.
ධනු - අනවශ්‍ය වියදම්
ඔබගේ කටයුතු බාධක මධ්‍යයේ වුවද ඉටුවන අතර. අන් අයගේ ආකර්ශනයට ලක්වනු ඇත. මුදල් වියදම් කිරීමේදී පරිස්සමින් විය යුතු අතර අනවශ්‍ය වියදම් ඇතිවනු ඇත.
මකර - පවුල් ප්‍රශ්න
ඔබට එතරම් යහපත් නොවන අතර ඔබගේ යම් යම් කටයුතුවලට විවිධ පාර්ශවවලින් බාධා ඇති කරනු ඇත. පවුල් දිවියේ ද ප්‍රශ්න ඇතිවනු ඇත.
කුම්භ - ආර්ථික වාසි
හවුල් මෙන්ම සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයට යහපත් ඵල ඇතිවනු ඇත. ආර්ථික වාසි අත්වන අතර විරුද්ධ ලිංගික ආකර්ශනයට ඔබව නතුවනු ඇත.
මීන - අලුත් භාණ්ඩ
දුර ගමන් යෙදෙන අතර සේවා ස්ථානයේදී විරුද්ධ ලිංගික ආකර්ශනයට ඔබව නතුවනු ඇත. උරුම හිමිකම් ලබා ගත හැකි අතර නිවසට අලුත් භාණ්ඩයක් මිලදී ගැනීමක් ද කරනු ඇත.