2018 මාර්තු 03 වන සෙනසුරාදා

ළමයෙක් නොමරා මැරූ මාවතගම හිට්ලර්

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 406

අශෝක සර් ළමයින්ට කීවා හයියෙන් මගේ පිටට මිටිගුලියෙන් ගහන්න කියලා. ඉතින් ළමයි ඔක්කොම එකතුවෙලා මට මිටිගුලියෙන් ගැහුවා. ඊටපස්සෙ සර් ළමයින්ට කීවා මගේ ඔළුවට කෙළ ගහන්න කියලා. ඉතින් ළමයි කෙළ ගැහුවා. ඊටපස්සෙ ළමයින්ට කියලා දම්වැලක් ගෙනල්ලා අතට දාලා බැන්දා. එහෙම බැඳලා ඉබ්බෙකුත් දැම්මා. උණ බටයක් පිටට ලණුවකින් බැන්දා. මම ඇඳගෙන හිටපු ඇඳුම් ටිකත් සේරම ගැලෙව්වා...

කුරුණෑගල, මාවතගම මධ්‍ය විද්‍යාලයේ තෙවැනි වසරේ දරුවකුට එම විද්‍යාලයේ ගුරැවරයෙක් විසින් අමානුෂික අන්දමින් වදහිංසා පැමිණවූ ආකාරය ගැන සිද්ධියට මුහුණ පෑ පසිඳු නිම්සර (08) දරුවා එසේ පැවසීය.

මාවතගම මධ්‍ය විද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි පසිඳු නිම්සර දරුවාට එම පන්තියේම දරුවන් ලවා වදහිංසාවට පත් කිරීමට කටයුතු කළ ගුරුවරයා සිද්ධිය ප්‍රසිද්ධ වීමත් සමඟ ප්‍රදේශයෙන් පලාගොස් ඇත. සැකකාර ගුරුවරයා සොයා මාවතගම පොලීසිය විශේෂ විමර්ශනයක් අරඹා ඇති අතර මෙකී පහත් අමානුෂික සිද්ධිය ඉකුත් 22 වැනි බ්‍රහස්පතින්දා සිදුවූවකි.

ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක් වන මාවතගම මධ්‍ය විද්‍යාලයේ තුන වසර ඉගෙනුම ලබන සිසුන්ට පන්ති කාමරයෙන් පිටත එළිමහන් පරිසරයේ දී අධ්‍යාපන කටයුත්තක් සිදුකිරීමට නියමිතව තිබුණි. ඒ සඳහා සියලුම දරැ දැරියන් එක්ව සිටියෝය. පසිඳු නිම්සර දරුවා මේ ගුරුවරයාගේ වදහිංසාවට ලක්ව තිබුණේ එම අවස්ථාවේදීය. මේ සම්බන්ධයෙන් පසිඳු නිම්සරගේ පන්තියේ මිතුරු මිතුරියන් පැවසූ ආකාරයට සිදුවීම මෙසේ වාර්තා වේ.

සිදුවීමේ සැකකාර ගුරුවරයා පාසලේ තුන්වැනි පන්තිය භාර ගුරැවරයාය. මෙම සිදුවීම වාර්තා වූ දිනට පෙර දින (21) පන්තියේ ගුරුවරයෙක් නොසිටි මොහොතක සිදුවීමට මුහුණ පෑ දරුවා සිය ගුරුවරයාට අපහාසාත්මක වචනයකින් අමතා ඇතැයි කියති. ඒ බව පන්තියේ සෙසු දරුවන් පිරිසක් විසින් ගුරැවරයාට දන්වා ඇතැයි ද ඉන් පසුව ගුරුවරයා උරණ වී මෙසේ කටයුතු කළ බවද සඳහන් වේ.

21 වැනිදා දරුවා විසින් කියන ලද වචනය ඇසුණු සහ ඒ පිළිබඳව ගුරුවරයා දැනුම්වත් කළ ආකාරය සහ ගුරැවරයා කටයුතු කළ අයුරැ දුටු දරුවෝ සිද්ධිය පිළිබඳව මෙසේ පැවසූහ.

අශෝක සර් ළමයි දාලා පසිඳුට ගැස්සවූ දවසට කලින් දවසෙ සර් නැති වෙලාවක පසිඳු සර්ට බූරුවා කියලා කිව්වා. පස්සෙ ළමයි කට්ටියක් ගිහින් ඒ කතාව සර්ට කිව්වා. සර්ට ඒ කතාවට හොඳටම තරහ ගිහින් හිටියේ.

අනේ මම නම් මේ පන්තියේ ඉන්නේ නෑ. ඕනෙ කෙනකුට කරගන්න දීලා මම යනවා යන්න කියලා සර් කිව්වා. ඊටපස්සෙ සර්ම තමයි පසිඳු එක වසරේ ඉඳලා කවීෂට ගහපු එකත් මතක් කළේ. එහෙම කියලා ළමයින්ට ගිහින් පසිඳුට ගහන්න කීවා.

ඊටපස්සෙ පසිඳුට ළමයි ගැහුවා. ඒ වෙලාවෙ සර් ළමයින්ට කිව්වා දම්වැලයි ලොක් එකයි ගේන්න කියලා ගයන්තයි රශ්මිකයි කට්ටියක් දුවලා ගිහින් දම්වැල අරගෙන ආවා. ඊටපස්සෙ උණ බටයක් ගෙනත් පසිඳු ඒකට තියලා ගැටගහන්න කිව්වා. ඊටපස්සෙ කලිසමයි කමිසයයි ගලවන්න කියලත් කිව්වා. යුනෙත් තමයි පසිඳුගේ ඇඳුම් ගැලෙව්වේ. පන්තියේ ලී කොට්ටයක් තිබුණා. ඒකෙ උල් උල් තිබුණු නිසා සර් ඒකෙන් පසිඳුට ගහන්න හැදුවා. ළමයි බයවෙලා කෑගැහුවා. ඊටපස්සෙ සර් ගහන එක නැවැත්තුවා.

මේ ආකාරයට සෑහෙන වේලාවක් ගතවූයෙන් පසිඳු බොහෝ තෙහෙට්ටුවෙන් හා බියට පත්ව සිටියේය. සිය පිහිටට කෙනෙක් සෙවූ පසිඳු වේදනාවෙන් ඉකිගසන්නට විය. මේ දරුවා මුහුණ දී තිබූ අවාසනාවන්ත සිදුවීම දුටු තවත් දැරියක මෙසේ කීවාය.

ළමයි වටවෙලා පසිඳුට ගැහුව නිසා එයා හොඳටම බයවෙලා ඇඬුවා. සර් පැත්තකට වෙලා හිනාවෙවී බලාගෙන හිටියා. සර් කිව්වා ටොකු අනින්න කියලත්. මමයි තව ළමයි දෙන්නකුයි නම් මොකුත් කරන්න ගියේ නෑ. සර් කිව්වා පසිඳුගේ කලිසම ගලවන්න කියලා. එක ළමයෙක් පසිඳුගේ ඇඳුම් ගැලෙව්වා. කලිසමයි යට කලිසමයි දෙකම ගැලෙව්වා. එතකොට පසිඳුට කක්කා වෙලා තිබුණා. සර් ඊට කලිනුත් ඔහොම වැඩක් කළා. ගෑනු ළමයෙක් කැලේට ඇදලා දැම්මා. ඒ ළමයාගේ ගවුම ගලවන්න හැදුවා.

මේ සිදුවීම වාර්තා වූ පසුගිය 22 බ්‍රහස්පතින්දා පස්වරුවේ පාසල නිමවන මොහොත තෙක් බලාසිටි පසිඳු නිම්සරගේ මව සිය පුතු කැටුව යාම සඳහා පාසල් ගේට්ටුව අසලට පැමිණ සිටියාය. එහිදී ඇයට සිය පුත්‍රයාට සිදුවූ අමානුෂික හිරිහැර සම්බන්ධයෙන් දැකගැනීමට ලැබී තිබිණි. තොරතුරැ ඇසීමෙන් සහ පුත්‍රයා මලානිකව පසු වූ ආකාරයෙන් තැතිගත් ඇය වහාම දරුවා මාවතගම දිසා රෝහලට ඇතුළත් කළාය. එතෙකින් නොනැවතුණු ඇය සිය ඥාතීන්ට තොරතුරු දන්වා සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් සටහන් කිරීමට මාවතගම පොලීසිය වෙත ගියාය. ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන්නට පියවර ගත් පොලීසියේ නිලධාරීන් සැකකාර ගුරැවරයා පදිංචි බෝගමුව, පුස්සැලිතැන්න ප්‍රදේශයේ නිවස සොයා ගියද ඒ වන විටත් ඔහු ප්‍රදේශයේ අතහැර පලාගොස් තිබිණ.

මේ වන විට ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ක්‍රියාත්මකය. සිද්ධිය පිළිබඳව අදහස් පළ කරන පසිඳු දරුවාගේ පියා මෙසේ කීය.

දරුවා එදා රාත්‍රියේ නින්දෙන් කෑගැහුවා හීනෙන් බයවෙලා. දරුවාට මොන තරම් ගස්සවලා තියෙනවද? තාත්තා කෙනෙක් විදිහට බොහොම අමාරුවෙන් මම දරාගෙන ඉන්නේ. දැන් දවස් ගාණක් වෙනවා. ගුරැවරයා අත්අඩංගුව අරගෙන නෑ. හැංගිලා කියනවා.

මේ අතර දරුවාගේ මව මෙසේ කීවාය.

දරුවාගේ මානසික මට්ටම හොඳටම පහළට වැටිලා. දරුවා ඉස්කෝලෙ යන්නම බෑ කියනවා. හැමතිස්සෙම අඬනවා. රෑට නින්දෙදි බයවෙනවා. මම කියන්නේ දරුවා වෙනුවෙනුත් අනිත් දරුවෝ වෙනුවෙනුත් විසඳුමක් ලබාදෙන්න කියලයි.

මේ පිළිබඳව මාවතගම ජාතික පාසලේ විදුහල්පති ආර්.එම්.ඩී.බී. රත්නායක මහතා ප්‍රකාශ කළේ අදාළ සිදුවීම පිළිබඳව විද්‍යාලයේ ප්‍රාථමික අංශ භාර විදුහල්පතිවරයා මගින් පරීක්ෂණයක් සිදුකරන බවත් එහි වාර්තාව කලාප අධ්‍යාපන කාර්යාලය හරහා වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලය වෙත ලබාදෙන බවත් ඔහු කියයි.

සැකකාර ගුරුවරයා අත්අඩංගුවටගෙන අධිකරනයට ඉදිරිපත්කළ පසු මාර්තු 06වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කෙරින.

සිද්ධිය පිළිබඳව මාවතගම පොලීසිෙය් වැඩ බලන ස්ථානාධිපති පොලීස් පරීක මහින්ද පුෂ්පකුමාර මහතාෙග් උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදුකරයි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර