2018 මාර්තු 03 වන සෙනසුරාදා

අයිස්ක්‍රීම් කෑදරයන්ට කියාපුම තැන King Cone ක්‍රීම් බටර් ලෙල්ලටම

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 125

අයිස්ක්‍රීම් රස බලන්න මට තැනක් නොතැනක් නැහැ. වෙලාවක් නැති කමකුත් නැහැ. ඒ තරම් අයිස්ක්‍රීම්වලට ආදරය කරන මට මේ ළඟදි නිවසේදීම හදන අයිස්ක්‍රීම් අපේ නිවසටම ගෙනත් දෙන කෙනෙක් ගැන දැනගන්න ලැබුණා. කොහොම වුණත් ගෙදරට එනකම් ඉන්නෙ නැතිව මේ අයිස්ක්‍රීම් හදන කෙනා හොයාගෙන යන්න මට වුවමනා වුණා. 

අන්තිමට මම කින්ග් කෝන් (King Cone) අයිස්ක්‍රීම් හදන තැනට ඇවිත් හිටියා. ඔවුන් කියන විදිහට ලෝකයේ වැඩිම ක්‍රීම් බවකින් යුතු ගොඩක්ම සුමුදු අයිස්ක්‍රීම් හදන්නේ ඒගොල්ලොයි. කින්ග් කෝන් අයිස්ක්‍රීම් පිටිපස්සේ ඉන්න මහ මොළකරු තමයි සුපුන් කන්නන්ගර. එයා කියන විදිහට අපේ රටේ ගොඩක් දුරට අයිස්ක්‍රීම් කියලා විකුණන්නේ අයිස් විතරයි. ඒවායේ ක්‍රීම් බවක් ඇත්තේම නැති තරම්. ඉතින් ක්‍රීම් ගතියෙනුත් බටර් ගතියෙනුත් ඒ වගේම සියුම් බවිනුත් වැඩිම ලංකාවේ තියෙන හොඳම අයිස්ක්‍රීම් එක හදන්න තමා එයාලට ඕනෙ කරලා තියෙන්නෙ.

ඉතින් ඒ කතාවත් අහලා අපිත් අයිස්ක්‍රීම් වර්ග දෙක තුනක රස බැලුවා. මැඩගස්කන් වැනිලා, ඩබල් ඩච් ඩීප් චොක්ලට්, ගූබර් ක්‍රන්චි පීනට් බටර්, මොචා ඩීප් චොක්ලට් කොෆී කියන මේ හැම අයිස්ක්‍රීම් එකක්ම කෘතිම රසවලින් තොරව උසස්ම අමුද්‍රව්‍ය යොදාගෙන හදන ඒවා.  

මේ හැම අයිස්ක්‍රීම් එකක් පිටුපසම ඉන්නේ සුපුන්ගේ බිරිඳ සුපුනි. සුපුනි කිව්වෙත් අයිස්ක්‍රීම් එකක අයිස්වලට වඩා ක්‍රීම් ගතිය වැඩි කිරීම තමයි කින්ග් කෝන් අයිස්ක්‍රීම්වල රසය පිටුපස සැඟවුණු රහස කියලයි.

- ධනූ
ඡායාරූප - you’re my favorite

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00