2018 ජනවාරි 20 වන සෙනසුරාදා

ගාලු සාහිත උළෙල 24දා සිට

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 115

FGLF එහෙමත් නැත්නම් ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උත්සවය (Fairway Galle Literary Festival) කියන්නේ මේ වෙනකොට ලංකාව පුරා ජනප්‍රිය වුණු අවුරුද්දක් පාසා හැමකෙනෙක්ම ආසාවෙන් බලා ඉන්න වැඩසටහනක් බවට පත්වෙලා. දෙස් විදෙස් සාහිත්‍ය වේදීන්, සාහිත්‍ය ලෝලීන් එකතැනකට කැඳවන මේ පොත් වසන්ත සමය හින්දම ගාල්ල කියන්නේ වෙනස්ම විදිහේ සංචාරකයින් ඇදෙන ප්‍රදේශයක් බවට මේ කාලය තුළදී පත්වෙනවා.

මෙවර FGLF සමය ආරම්භ වෙන්නේ ජනවාරි 24 වැනිදායිනුයි. මේ උත්සවය ජනවාරි 28 දක්වා දින පහක් පුරාවට ගාල්ලේදී පැවැත්වෙනවා. මේ වැඩසටහන් පෙළට ගාලු කොටුව ආශ්‍රිතව ඇවිදීම, සාහිත්‍ය සම්මන්ත්‍රණ සහ සංවාද, පොත් එළිදැක්වීම්, සාහිත්‍යවේදීන් සමඟ පෞද්ගලික සංවාද, වැඩමුළු, තේ සාද, සිනමා සංදර්ශන ආදී බොහෝ දේ ඇතුළත්. මේ එක් එක් ඉසව්වලට ප්‍රවේශපත් මිලදී ගෙන සහභාගීවීමේ හැකියාව කාටත් විවෘතයි. විශේෂයෙන්ම ළමයි වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසකුත් සංවිධානය වී පවතිනවා.

 

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00