
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ බොහෝ රෝගවලට ප්‍රතිකාර ලෙස සහ ප්‍රතිකාර වළක්වා ගැනීමට කරවිලවල ඇත්තේ සුවිශේෂී තත්ත්වයකි. මෙය මෙමෝඩියා කැරන්ටියා (Mamordia Charantia) ලෙසින් උද්භිද විද්‍යාවේදී හඳුන්වනු ලැබේ. ආයුර්වේදයට අනුව කරවිලවල කොළ, බීජ, වැල සහ ගෙඩි යන සියල්ලන්ම ඖෂධ ලෙස යොදා ගනී.
කරවිල බොහෝ විට දියවැඩියාව, අක්මා ප්‍රදාහය, සරම්ප, කෘමි රෝග මෙන්ම තුවාල සඳහා ප්‍රතිකාර වශයෙන් යොදා ගනී. විශේෂයෙන් අමෙරිකාව, අප්‍රිකාව වැනි රටවල්වල ඖෂධ නිෂ්පාදනයේදී ද කරවිල යොදාගැනේ.
ආයුර්වේදයට අනුව කරවිලවල පවතින ගුණාත්මක තත්ත්වය හේතුවෙන් ආහාර රුචිය ඇති කෙරේ. වෛරස සහ අනෙකුත් පරපෝෂිතයන් විසින් ඇති කරපු ලබන රෝගවලට කරවිල ඉතා ගුණදායක වේ. අක්මාවට ඉතා හිතකර වේ. වන්ද්‍යාභාවයට ඉතා ගුණයි. සෙම් රෝග පිත් රෝග නසයි.
කැලරි අඩු විටමින්, ඛණිජ ලවණවලින් සපිරිණු කරවිල බොහෝ බෝ නොවන රෝගවලට ඉතා ගුණදායි ආහාරයක් ලෙස හැඳින්විය හැක.
අමු කරවිලවල ගුණ
අමු කරවිල ග්‍රෑම් සියයක ගුණයත් සැලකිල්ලට ගත්විට මේදය ග්‍රැම් 17 ප්‍රෝටීන් ග්‍රෑම් 19, මෙහි කොලොස්ටරෝල් නැත. කෙඳි ග්‍රෑම් 2.80, පෝලේට් මයික්‍රෝ ග්‍රෑම් 72, ශරීරයට අතවශ්‍ය විටමින් වර්ග බොහෝමයක් මෙහි අන්තර්ගත වේ. එමෙන්ම විටමින් “ඒ” අන්තර් ජාතික ඒකක 471කි. මෙහි විටමින් E ද අන්තර්ගත වේ. විටමින් මිලි ග්‍රෑම් 84කි. කරවිල අමුවෙන් ගැනීම, සලාද, ඉස්ම ලෙස ගැනීමෙන් ගුණාත්මක භාවය වැඩිවේ. එමෙන්ම කරවිලවල යකඩ, සින්ක්, කොපර්, මැග්නීසියම්, කැල්සියම් අන්තර්ගත වේ.
කරවිලවල විශේෂත්වය වන්නේ මේදය කොලොස්ටරෝල් කැලරි අඩු ආහාරයක් වීමයි.
ඉන්සියුලීන්වලට සමානව සිරැරේ ක්‍රියාකාරීවන පෙප්ටයිඩ සහ ඇල්කොලයිඩ් රසායනික සංයෝග අන්තර් ගතවේ. මේ නිසා දියවැඩියා රෝගය සඳහා කරවිල ඉතා ගුණදායක ආහාරයක් ලෙසින් මැත කාලයේදී කරනු ලබන පර්ෙය්ෂණවලින් සනාථ වී ඇත. මෙම පර්යේෂණයන් මඟින් කරවිල මඟින් අග්න්‍යාසයේ බීටා සෛල අලුත්වැඩියා කරනු ලබන බව සොයාගෙන ඇත. එමෙන්ම දියවැඩියා රෝගය නිසා කල්ගතවූ තුවාල සුවයට ද කරවිල ඉතා ගුණදායක වේ. ශරීරයට හිතකරවූ ප්‍රතිඔක්සිකාරක බොහෝමයක් කරවිල සතුව පවතී.
පියයුරු පිළිකා වළක්වා ගැනීමට මෙන්ම පිළිකාවන් පාලනය කරගැනීමට ද කරවිල ඉතා ගුණදායක වේ. කරවිල ඇටවලද එම ගුණය පවතී. නමුත් එය වෛද්‍ය උපදෙස් මත ගත යුතු වෙයි.
මීට අමතරව කැස්ස, ඇදුම, පීනස්, කිවිසුම් යාම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි ස්වසන පද්ධතිය ආශ්‍රිතව රෝගවලට ඉතා ගුණදායක වේ.
එමෙන්ම අක්මාව ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ තත්ත්වයන් ද, විශේෂයෙන් දීර්ඝකාලීනව ඖෂධ භාවිත කිරීම, විෂ සහිත ආහාර ශරීර ගත වීම, මෙන්ම මත්පැන්, මද්‍යසාර ගැනීම හේතුවෙන් ඇතිවන තත්ත්වයන් සඳහා ද කරවිල ඉතා ගුණදායක වේ.
ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවීමේදී සිරුරේ ප්‍රතිශක්තිය වැඩිකිරීමටත් දද, කුෂ්ඨ, දිලීර රෝග, සමේ ඇතිවන විවිධ රෝග සඳහා ද මෙය ඉතා ගුණදායක වේ.
කරවිල ආහාරයට ගැනීම මගින් මළබද්ධය අඩු කෙරේ. ආහාර ජීර්ණය හොඳින් සිදුකෙරේ. කොලෙස්ටරෝල් අඩුකරයි. වකුගඩු ගල් සඳහා ද කරවිල ඉතා ගුණදායක වේ. කරවිලවල පවතින ඇතැම් රසායනික සංයෝග හේතුවෙන් රුධිරය පිරිසිදු වේ. සමට හිතකර නිසා හිස්සොරි, වියළි හිස් කබලට, හිසකෙස් ගැලවීම, පැලීම නැවැත්වීමට සහ හිසකෙස්වල දීප්තිමත් බව ඇති කිරීමට උපකාරී වේ. තරබාරුව මට්ටු කිරීමට කරවිලවල ඇත්තේ ප්‍රබල හැකියාවකි.