
මොබිටෙල් පාරිභෝගිකයන්ට දැන් ‘කෑෂ් බොනෑන්සා 2018’ සමග එක්ව අගනා මර්සිඩීස් බෙන්ස් රථයක හිමිකරැවකු විය හැකිය. වසර පුරා දෛනික ජයග්‍රාහකයන් 220,000 දෙනකුට රු. 500 දක්වා වූ මුදල් ත්‍යාග දිනා ගත හැකි ය.
මොබිටෙල් සමාගම නව වසරේ ආරම්භයත් සමග සිය පාරිභෝගිකයන් වෙත රැගෙන එන අතිශයින් සතුටුදායක පුවත එයයි. සමාගම සිය පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය ‘කෑෂ් බොනෑන්සා’ වැඩසටහන 2018 වසරේ දී නැවුම් ස්වරූපයකින් ඉදිරිපත් කිරීමට යයි. නව වසරේ දී ‘මොබිටෙල් කෑෂ් බොනෑන්සා’ යළි දියත් කෙරෙන්නේ වඩාත් වටිනා ත්‍යාග රැසක් ඊට එක් කරමිනි.
2018 ‘කෑෂ් බොනෑන්සා’ ප්‍රවර්ධන වැඩසටහන ත්‍යාග වශයෙන් මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ පිරිනමන අතර දෛනික සහ කාර්තුමය දිනුම් ඇදීම්වල ජයග්‍රාහකයන්ට රු. මිලියන 190කට වඩා වටිනා මුදල් ත්‍යාග හිමි කර ගත හැකිය. වසර පුරා ජයග්‍රාහකයන් 220,000 දෙනකුට රු. 500ක් දක්වා වූ මුදල් ත්‍යාග දිනා ගත හැකිය. විදුලි සංදේශ ක්ෂේත්රය තුළ මෙම අති දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කළ පළමු මෙහෙයුම්කරුවා මොබිටෙල් සමාගමයි. 2016 හා 2017 වසරවලදී ත්‍යාග වශයෙන් මොන්ටෙරෝ ජීප් රථ 24ක් බෙදා දුන් අතර මෙම වසරේ දී එය ත්‍යාගවල වටිනාකම තවත් වැඩි කරමින් සිය අගනා පාරිභෝගිකයන්ට මර්සිඩීස් බෙන්ස් රථ පිරිනමයි.
‘කෑෂ් බොනෑන්සා’ යනු මොබිටෙල් පාරිභෝගිකයන් උදෙසා දියත් කෙරෙන සම්බන්ධතා ගාස්තු යළි අලුත් කිරීම, බිල් පත් ගෙවීම ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකි. ‘මොබිටෙල් කෑෂ් බොනෑන්සා’ දිනුම් ඇදීම සඳහා සහභාගි වීමට සුදුසුකම් ලබන්නේ මොබිටෙල් පෙර ගෙවුම්, පසු ගෙවුම් හා බ්‍රෝඩ්බැන්ඩ් පාරිභෝගිකයන්ය. සෑම රු. 50 පෙර ගෙවුම් කාඩ් පතකට, රීලෝඩ් කිරීමකට, පසු ගෙවුම් බිල් පත් ගෙවීමකටම ජයග්‍රහණ අවස්ථාවක් හිමි වේ. තරගය සඳහා ඇතුළත් වීමට ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියක් නොමැති අතර මොබිටෙල් පාරිභෝගිකයෝ සියලු දෙනාම දිනුම් ඇදීම සඳහා සහභාගි වීමට නිතැතින්ම සුදුසුකම් ලබති. දෛනික මුදල් ත්යාගවලදී පෙර ගෙවුම් ජයග්‍රාහී පාරිභෝගිකයන්ට කථන කාලයක් සහ ඩේටා පසු ගෙවුම් ජයග්‍රාහී පාරිභෝගිකයන්ට ඔවුන්ගේ පසු ගෙවුම් බිල් පත සඳහා වට්ටමක් ද ත්‍යාග වශයෙන් හිමි වේ. ‘කෑෂ් බොනෑන්සා’ ජයග්‍රාහකයන්ට ඔවුන් ජයග්‍රහණය කළ බව දැනුම් දෙනු ලබන්නේ මොබිටෙල් පාරිභෝගික සේවා ක්ෂණික ඇමතුම් අංකය වන 071 27 55 777 හරහා සහ සාමාන්‍ය තැපෑලෙන් ලිඛිතව පමණකි. දිනා ගැනෙන කිසිම ත්‍යාගයක් වෙනුවෙන් පාරිභෝගිකයන්ගෙන් අමතර ගාස්තුවක් අය නොකෙරේ.
2016 හා 2017 වසරවලදී ‘කෑෂ් බොනෑන්සා එක්ස්ට්රාවැගැන්සා’ වැඩසටහන දිවයින පුරා මොබිටෙල් පාරිභෝගිකයන් අතර අතිමහත් උනන්දුවක් හා අපේක්ෂාවක් ඇති කිරීමට සමත් විය. වසර දෙක තුළ දී වාසනාවන්ත ජයග්‍රාහකයන් 24 දෙනෙකුට සුඛෝපභෝගී මොන්ටෙරෝ ජීප් රථ 24ක් ත්‍යාග වශයෙන් ප්රදානය කරන ලදි. මීට අමතරව මොබිටෙල් සමාගම එම දෙවසර තුළදී වාසනාවන්ත පාරිභෝගිකයන් 800,000කට වැඩි සංඛ්‍යාවකට මුදල් ත්‍යාග ප්රදානය කරන ලදි. මේ අනුව 2016 හා 2017 වසරවල දී මොබිටෙල් පාරිභෝගිකයන්ට රු. මිලියන 700ක් ත්‍යාග වශයෙන් හිමි විය.