2018 ජනවාරි 13 වන සෙනසුරාදා

අත් බෙහෙත්

 2018 ජනවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 257

සෙම සහිත කැස්සට
කටුවැල්බටු, තිප්පිලි, සුවඳ කොට්ටං, අමු ඉඟුරු කළං තුන බැගින් ගෙන වතුර පත අට එකට සිඳ උදේ සවස සීනි දමා කීප වතාවක් බොන්න

සෙම් ගෙඩිවලට
ගම්මිරිස් කුඩු, දිය ලුණු වතුරට දමා උගුර සෝදන්න.

කල්ගතවූ සෙම්ප්‍රතිශ්‍යාවට
කටුවැල්බටු, අමු ඉඟුරු, රසකිඳ, සුවඳ කොට්ටං, කළාඳුරු අල කළං දෙක ගෙන වතුර පත අට එකට සිඳ සීනි දමා දේ සවස බොන්න.

වේළුම් කැස්සට
රසකිඳ, කටුවැල්බටු, ආඩතෝඩා මුල් කළං තුන බැඟින් ගෙන වතුර පත අට එකට සිඳ පත භාගය බැගින් තිප්පිලි කුඩු දමා උදේ සවස බොන්න.

♦ සුව සතුට ගෙන දෙන දුර්ලභ අත්බෙහෙත් ග්‍රන්ථය ඇසුරිනි