2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

මිනිස්සු මිලියන එකසිය හතළිහ ද? ලස්සන නිළිය ද?

 2017 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 66

ඔන්න එකමත් එක රටක නොවෙයි අමෙරිකාවෙ බාර් එකක ඔබාමායි ජෝන් කෙරීයි දෙන්නා ස්ටෙලා වෙලා පොඩි ඩ්‍රින්ක් එකක් දදා හිටියා. බාර් එකට බොන්ට ආපු පුරවැසියෙක් මේ දෙන්නව දැකලා හොල්මන් වෙලා බාර්කාරයාගෙන් ඇහුවා, “හත්දෙය්යනේ අර ඉන්නෙ ඔබාමයි කෙරීයි නේද?” කියලා. “ඔව්. ඔව් දෙන්නත් එක්ක දැන් සෑහෙන වෙලාවක හිටන් බර කතාවක්...” කියලා බාර් මෑන් කිවුවා. 

පුරවැසියා ෂේප් එකේ දෙන්නගෙ ළඟට කිට්ටු කරලා ඇහුවා “මොන තරම් ගෞරවයක්ද අපට ඔබතුමන්ලාව දැකීමත්... හැබෑටම ඉතින් මොනවද මේ මෙතන ඉඳන් කරන්නෙ?” කියලා.

“අපි මේ තුන්වැනි ලෝක යුද්දෙ ප්ලෑන් කරනවා” ඔබාමා කිව්වා. 

පුරවැසියා අඩියක් පස්සට ගෙහුං අහපි “හෑබෑටම? ඉතින් දැන් මොකද්ද කරන්ට යන්නේ?” කියලා. 

“මුලින්ම අපි සිරියානුවො මිලියන එකසිය හතළිහකුයි එකම එක ලස්සන නිළියෙකුයි මරන්න යන්නේ...” ඔබාමා ෂොට් එකක් දාන ගමන් කිවුවා.

“හත්දෙය්යනේ... ලස්සන නිළියක් මරන්නෙ මොන එහෙකටද..?” පුරවැසියාට කෑ ගැහුණා.

ඔබාමා කෙරී දිහාට හැරිලා කෙරීගෙ කකුල පාගන ගමන් මෙහෙම කිවුවා. “කොහොමද කෙරී.... මම කිව්වා නේද මොන යකෙක්වත් මිලියන එකසිය හතළිහ ගැන වද වෙන්නෙ නෑ කියලා.”

 ඔමරියා (බූන්දි)

 

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00