2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

හිතට වදින්න...

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 47

එදා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිටි ද්විභාෂික බුද්ධිමතුන් ක්‍රමයෙන් වඳ වී යාමත් මේ ශාස්ත්‍රීය අර්බුදයට එක් හේතුවක් මේ බුද්ධිමය අවපාතය තුළ පාරක් හන්දියක් ගාණේ ව්‍යාජ න්‍යායාචාර්යවරු බිහිවීම පුදුමයක් නොවෙයි.

මහා සම්ප්‍රදායක් හැමවිටම බිහිවන්නේ දර්ශනය හා ආගම් පදනම් කරගෙනයි. එහෙත් අපේ මහා සම්ප්‍රදාය මේ වන විට සුණු විසුණු වී ඇති බව පෙනෙනවා. එදා තිබුණු මහා ආඛ්‍යාන අද ක්‍රමයෙන් වඳ වී ගිහින්. අතීතයේ දී මෙන් මහා වෘතාන්ත වීර කාව්‍ය දෘශ්‍ය කාව්‍ය ආදිය අද අපට දක්නට නැහැ. සමාජ බලවේගයන්ගේ මේ විපරිණාමය කෙරෙන් අද සියලුම කලා ක්ෂේත්‍රවල වීරයන් වෙනුවට බිහි වී සිටින්නේ විහිලුකාරයන්.

 මහාචාර්ය සෝමරත්න බාලසූරිය

(ශෂි ප්‍රභාත් රණසිංහගේ “සාහිත සංචින්තා” කෘතියෙනි)