
• උදෑසන අවදි වූ විගස තරමක් රස්න වතුර වීදුරුවක් පානය කරන්න. එමඟින් මළබද්ධය ඇතිවීම වැළකේ. බොහෝ දෙනා රස්න වතුර වීදුරුවක් නිවා පානය කරයි. නමුත් මේ සඳහා පානය කළයුත්තේ මඳ රස්නය ඇති වතුර වීදුරුවකි.
• උදෑසන වතුර වීදුරුවට පැරැණි වූ මීපැණි තේ හැන්දක් මිශ්‍රකර පානය කරන්න. මෙය උදෑසන හිස් බඩට පානය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්වේ.
• රාත්‍රියට සැහැල්ලු ආහාරයක් ගන්න. බොහෝ දෙනා රාත්‍රි කාලයේදී වැඩිපුර ආහාර ගැනීමට පුරුදුව සිටී. පුළුවන් තරම් සැහැල්ලු ආහාරයකින් දවස සුවබරව අවසන් කරන්න. රාත්‍රි නින්දට යාමට පෙර මඳ රස්නය ඇති වතුර වීදුරුවකට පැරුණි මීපැණි තේ හැදි එකක්, දෙහි ඇඹුල් තේ½ දමා මිශ්‍රකර පානය කරන්න.
• කරපිංචා කොළ කොටා සදාගත් ඉස්ම කෝප්ප ½ ක් දෙහි ගෙඩි ½ ක ඉස්ම සමඟ සතියකට වරක් හෝ දෙකක් උදෑසන පානය කරන්න.
• සුදු ලූනු හා ගොරකා තම්බාගත් වතුර කෝප්ප එකක් උදෑසන පානය කරන්න. මෙයින් ආහාර දිරවීම වර්ධනය වේ.
ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන් මහතා
ලියූ ලිපියක් ඇසුරෙනි