
නගනවලට
සියඹලා කොළ, උඳුපියලිය, රතුලූනු එකට එකතුකර කොටන්න. පොට්ටනිය බැඳ වණ්ඩුවේ තම්බා ගන්න. එයින් නගනය තවන්න.
සර්ප විෂට
නිකමල් පොතු, සුදුමල් අඹරා සීතල වතුරෙන් පානය කරන්න.
බෙල්ලේ ඇතිවන සෙම්ගෙඩිවලට
නිකකොළවලින් ගත් ඉස්ම නස්න කරන්න.
ලේ අර්ශස්වලට
නාමල් රේණු චූර්ණ කර උදේ සවස බටර් සීනි සමඟ ආහාරයට ගන්න. ඊට අමතරව තල හොඳින් කොටා බටර් සමඟ ආහාරයට ගන්න.
නිතරම ඇතිවන බඩේ කැක්කුමට
අරළු, තිප්පිලි, සුවස ලුණු සමව ගෙන කුඩුකර උණුවතුරෙන් තම්බා කලං භාගයක් උදේ සවස බොන්න.
අන්තර්ජාලය ඇසුරෙනි