2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

සීනි වැඩි ලෙඩේට - අත්බෙහෙත්

 2017 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 251

අඟුණකොළ දියවැඩියා රෝගයට ඉතා ගුණදායක ඖෂධයකි. මෙම කොළය වියළා චූර්ණ කර උදේ හා රාත්‍රී දෙවේල ග්‍රෑම් එක බැගින් කෑමෙන් දියවැඩියාව සුව වේ.

• පොතු ඉවත් කළ ඉඟිනි ඇට ග්‍රෑම් 5ක්, අට්ටික්කා කොටා පොඩි කළ කුඩු ග්‍රෑම් 02යි සුදු ඔළිඳ ඇට ග්‍රෑම් 2යි ගෙන එළකිරි මෝරු සමඟ අඹරා හොඳට මිශ්‍රකර උදේ සවස බීමෙන් දියවැඩියාව සුව වේ.

• ඉදුණු තල්ගෙඩි, රට ඉඳි, වැල්මී, දඹමල්, කෙසෙල් මුව මේවා සමව ගෙන එළකිරට දමා හොඳින් අඹරා කිරි සමඟ මිශ්‍රකර දිනපතා උදේ සවස කෑමට ගන්න.

• කෝවක්කා කොළ ඉස්මත්, එහි මුල තලාගත් ඉස්මත් දියවැඩියා සඳහා ඉතා ගුණදායක ඖෂධයකි.

• දිනපතා කරවිල ඉස්ම අවුන්ස එකක් හා බාර්ලි හාල් කැඳ සමඟ බීමට ගන්න.

• ලා රාබු කොටා මිරිකාගන්නා ලද ඉස්ම අවුන්ස එකක් හෝ දෙකක් දිනපතා උදේ හිස්බඩින් බීමට ගන්න.

• කීකිරිඳිය ඇට ග්‍රෑම් 3ක්, සූදුරු ග්‍රෑම් 01ක් එළකිරි සමඟ දමා අඹරා උදේ සවස දෙවේල ගැනීමෙන් දියවැඩියාවට හොඳ ඔසුවකි.

• දඹ ඇට ගෙන එය චූර්ණ කර දිනක ග්‍රෑම් දෙක බැගින් දෙවේලක් කෑමට ගන්න.

 ආයුර්වේද වෛද්‍ය එම්. අබ්දුල් කපූර් හාජියාර්