
මා බාල කල සිට අන්ධ වන තෙක්ම පොත පතෙහි ගැලී ජීවත් වූවෙක්මි. මම සාහිත්‍ය පොත් සේම, සාහිත්‍ය ඉතිහාස පොත් ද වෙනත් විද්‍යා පොත් ද කියවීමි. මම බටහිර සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ යයි සම්මත පොත්වලින් විශාල කොටසක් කියවීමි. නොකියවූ පොත් ගැන සාහිත්‍ය ඉතිහාසවලින් හා විචාර පොත්වලින් ද කියවීමි. මා ලියන කවියක මට නොදැනුවත්වම තාලය ඉස්මතු වී පෙනෙන්ට වූවොත්, නැතිනම් අනෙක් විදියක ශබ්ද මාධුර්යයක් කැපීපෙනෙන්ට වූවොත් මම ඒවා හීනකොට ඒ කවිය නැවතත් ලියමි.
ජී.බී. සේනානායක