2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

පීනට් බටර් ග්‍රෝනෝලා පොල් සම්බෝල ටෝස්ට් Cafe Kumbuk

 2017 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 256

Cafe Kumbuk අවන්හල මම කාලයක් තිස්සේ යන්න හිටපු තැනක්. කොළඹ හෝර්ටන් ප්ලේස්වල පිහිටලා තියෙන මේ අවන්හල සෞඛ්‍යදායක ආහාරපාන පිළිගන්වනතැනක් විදිහට ප්‍රසිද්ධයි. 

මෙතැනට කුඹුක් කියන නම පාවිච්චි කළේ ඇයි? ඒක මට ලොකු ගැටලුවක් වෙලයි තිබුණෙ. නමුත් එහි හිමිකාරිනිය ශානා දන්දෙනියගෙන් මම ඒ ගැන ඇහුවා. 

මේ අවන්හලට නමක් තෝරද්දී අපිට ඕන වුණේ, ලස්සන වගේම සොබාදහමට කිට්ටු නමක් යොදන්නයි. මගේ යාළුවෙක් තමයි කුඹුක් කියන නම යෝජනා කළේ. මමත් මුලින් කුඹුක් ගස් දැකලා තිබුණෙ නැහැ. පස්සෙ ඕනකමින් හොයලා බලද්දී කොළඹදීම මම දැක්කා කුඹුක් කියන්නෙ ගොඩක් ලස්සන ඒවගේම ශක්තිමත් උස ගහක් කියලා. ඉතින් ඒ අනුව තමයි කැෆේ කුඹුක් කියන නම තෝරගත්තෙ. 

මෙතැන සියලුම ආහාර දේශීයබවකින් යුක්ත විශේෂයෙන්ම ඇඟට ගුණදායී ආහාරපානයි. පීනට් බටර් ග්‍රොනෝලා, ලයිම් පයි, පොල් සම්බෝල මැදි කරපු ටෝස්ට් පාන් කියන්නේ මෙතැනට ගොඩදෙනෙක්ගෙ ඉහළ තේරීමක්. 

  ධනූ
ඡායාරූප | you’re my favorite