2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

සම හම ගසන පොතුකබර

 2017 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 576

දේශීය සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මගින් බොහෝ චර්ම රෝග ඉතා සාර්ථක ලෙස සුවකරගැනීමේ හැකියාවක් ඇත. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ මූලික ග්‍රන්ථ මගින් චර්ම රෝග සම්බන්ධව ඉතා පුළුල්ව සාකච්ඡා කොට ඇත. අපේ වෛද්‍ය ක්‍රම ආරම්භ යුගවල සිටම ජනසමාජය තුළ චර්ම රෝග විශාල වශයෙන් තිබුණි.

චර්ම රෝග වර්ග දෙකකට බෙදේ.

• උග්‍ර කුෂ්ඨ
• මහ කුෂ්ඨ

මෙහිදී උග්‍ර ක්‍රෂ්ඨ අන්‍ු කොටස් වර්ග 11 බෙදේ. මහා කුෂ්ඨ වර්ග 07කට බෙදේ.

පොතුකබර(Psorisis)

අද සමාජයේ ඉතා බහුලව ඇති දැඩි පීඩාවට පත්වන රෝගයකි පොතුකබර. මහ කුෂ්ඨවලට අයත් වන පොතුකබර රෝගීහු බොහෝ විට මානසිකව පීඩ විඳිති. අද බොහෝ රටවල මෙම පොතුකබර රෝගයෙන් පීඩා විදින රෝගීහු සිටිති. මෙයට පාරිසරික බලපෑම් මෙන්ම ආහාරපානවල බලපෑම්ද ඇත. ඇතැම්හු මෙය කර්මය නිසා වැළඳුණු රෝගී තත්ත්වයක් ලෙසින්ද හඳුන්වති.

මේක අපේ කරුමෙට හැදිච්චි ලෙඩක්.

මෙවැනි රෝගීහු නිතරම මැසිවිලි නගති. පොතුකබර රෝගය පාලනය කර ගැනීමට නොහැකි වුවහොත් බොහෝවිට ජීවිත කාලය පුරාවට මෙම රෝගයෙන් පීඩා විඳීමට සිදුවේ. මෙය රෝගියකුගෙන් තවත් කෙනකුට බෝවන රෝගයක් නොවේ. මෙය බොහෝවිට අතේ ඇඟිල්ලක පමණක් තිබිය හැක. ඊට අමතරව ඇතැම් රෝගීන්ගේ මුළු ශරීරය පුරාද තිබිය හැක. දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව වාත, පිත, කප අනුව මෙය වර්ග කීපයකට බෙදා ගනී. ඒ අනුව මෙහි ප්‍රතිකාරද වෙනස් වේ. රෝගීයාගේ රෝගී තත්ත්වය අනුව එම ප්‍රතිකාර වෙනස් වන අතර එය වෛද්‍යවරයා විසින් තීරණය කෙරේ.

ඇතැම් පොතුකබර රෝගීන්ගේ මේ තත්ත්වය ඇතිවෙන්නේ හිසෙහි පමණි. ඇතැමුන් මෙය හිස්සොරි රෝගී තත්ත්වය යැයි වැරදි මතයක් ගොඩනගා ගනී. හිසෙහි පොතු ගැලවී යාමෙන් සැබෑ තත්ත්වය තීරණය කරගත හැක. පොතුකබර රෝග අවස්ථාව පරම්පරාවෙන් පරම්පරාවට දැකගත හැක.

බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව බොහෝ දෙනකුගේ මතය වන්නේ මෙය නිට්ටාවටම සුව කළ නොහැකි බවය. නමුත් දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව රෝගීයාගේ රෝග තත්ත්වයට අනුව එය නිට්ටාවටම සුවකළ හැක. බොහෝ පොතුකබර රෝගීන්ට තම රෝග තත්ත්වය පිළිබඳව නිසි අවබෝධයක් නැත. රෝගියාගෙන් තව කෙනකුට පැතිරීයාමක් නැත. රෝගියා පරිහරණය කළ දෙයකින් වුවද රෝගය බෝවීමක් සිදුනොවේ.

• මානසිකව ඇතිවන බොහෝ පීඩාකාරී තත්ත්වයන් මෙම කුෂ්ඨ රෝග ඇතිවීමට බොහෝ බලපෑම් ඇති කරයි. මේ නිසා සන්සුන් මනසක්පවත්වාගෙන යාම ඉතා වැදගත් වේ.

• මෙවැනි රෝගීන්උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළකිය යුතුය.

• මත්පැන් මත්ද්‍රව්‍ය වැනි දේ මෙයට ඉතා අහිතකරයි.

• පිරිසුදුකම ඉතා වැදගත් වේ. සම හරහා විෂබීජ ඇතුළුවීමෙන් රෝගය උත්සන්න වීමට ඉඩ තිබේ.

වාත පිත කප අනුව අවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් පසුව මෙම රෝග ලක්ෂණ සහ රෝගියාගේ ස්වභාවය අනුව වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර තීරණය කරයි.

(තවත් චර්ම රෝගයක් පිළිබඳ ලබන සතියට)