2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

බස් රථයක පිටිපස්සේ දොරේ සිට ඉස්සරහ දොර දක්වා...

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 110

මහතුන් ඔතන ඉන්නා හිටගෙන            එකට
මට පවු නොදී යනවද තව                   ඉදිරියට
“මහතුන්” කියා ඇමතුව හින්දා             අපට
ගියා මිසක් අපි බය නෑ                       කොන්දාට

පළමුවන මාර්ග බාධකය
    
වීල් අටේ ට්‍රක් රථයක් වාගෙ            වැටී
ළඟින් හිටන් ඔරවන් උන් පොස්        ඇන්ටී
දිවි පරදුවෙන් රකිමින් ඉඩමම           කට්ටී
ලොප් වී සිටී විතවුට් එනි                 ඇක්ටිවිටී

දෙවෙනි මාර්ග බාධකය

බ්‍රේක් පාර ගැහුවොත් නොම වෙන්න      රොටී
ගැහුවා ඇගේ කරට උඩින් මම             බල්ටී
ලෑන්ඩ් කරපු තැන් උන් මිනිහා            ක්‍රිස්ටී
බෙරිහන් දෙයි දුරකතනය සමඟ             ගැටී

මෙතන ඉතින් කිවුවොත්  ඇක්ස්කූස්          මී 
නරක වචන වැස්සක් විත් යාවි             තෙමී
හොඳම වැඩේ හැටියට දැන් අටට           නැමී
ෂේප් එකේ මම මෙතනින් මාරු             වෙමී

තුන්වැනි හා සිවුවැනි මාර්ග බාධක

පිඹුවෙක් විලස මැද පොල්ලේ       වෙළෙමින්
එකෙක් දුටිමි උන් එතැනම බමන        මතින්
පිඹුරට එහා පැත්තෙන් හිටියේ            ටාසන්
පැණි හළ හළා පෙම් කෙළිමින් සමඟ    ජේන්

ඉඳගෙන උන්නු පාසල් දැරිවියො          අසලින්
හිටගෙන හිටියෙ බඩදරු අම්මෙකි      සැපයෙන්
සර්කස් පෙන්නමින් මිනිහෙක් තනි     කකුලෙන්
ඉන්නේ මොකද කියලා බැලුවෙමි        පුදුමෙන්

වින්දනීය විරාමය

අධි වේගයෙන් වාහන පදිමින්            අමරේ 
පැච් නැති වුණත් මාරු කරයි එහි         ටයරේ
මෙකී නොකී ආත බූත හැම               අතරේ
කෙල්ලෙක් මලක් කඩමින් එකතැන     ඇඹරේ

වන්දනීය විරාමය

බස් රථයේ ඈත පෙනෙන දෙවු        තොරණ
නිවි නිවි දිලෙන ගැටි රිසිසේ         නරඹමින
පතමින් එක සිතින් පිවිතුරු වූ             නිවන
දොහොත් මුදුන් දෙයි ආච්චි බැති        සිතින

ප්‍රේමණීය විරාමය සහ කඳුළු කරාමය

ආයෙ වරක් හොඳම එකෙක් මටත්           වඩා
හමුවෙන්නටම පතමින් කොල්ලෙකුත්       අඬා
බෝධිය ළඟදි පුදමින් මල් ගත්තු              කඩා
අඬා අඬා අඬා අඬා අඬා                         අඬා

අල්ලා ගතිමි පොල්ලක් පැන ගොස්       තෙරපී
ඇදගෙන වැටුණි එය ඉස්ටිකයකි          සෙල්පී
සුවිට් ඒන්ජල් රොසලින් ඇන්                චම්පී
විත් ඩ්‍රයිවරය වී ෆීලින් හෙණම              හැපී

අනීවාරතේ

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00