2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

අමෙරිකන් ඉතිහාසය නොදන්නා අය වෙත

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 137

නව ලෝකය සොයා ගිය ඉතාලි ජාතික ක්‍රිස්ටෝපර් කොලම්බස් නොදන්නාකමට අමෙරිකානුවන්ට “රතු ඉන්දියානුවන්” යයි කීවේ තමා පැමිණියේ ලෝකය වටා ගොස් ඉන්දියාවට යයි සිතා ගෙනය.

බ්‍රිතාන්‍යය හා ප්‍රංශය අමෙරිකාව අල්ලා ගැනීමට යුද්ධ කළේ “රතු ඉන්දියානුවන්” හා එකතුව වුවත් ඒ ඔවුන්ගේ නිදහස වෙනුවෙන් නොව තමන්ට රට අල්ලා ගැනීමටය. මේ කාලයේ අමෙරිකානුවන් කියා කොටසක් නොවීය.

බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයට යටත් වූ අමෙරිකාවට අප්‍රිකාවෙන් වහලුන් ගෙනෙන ලද්දේ ඉංග්‍රීසිකාරයා මිස අමෙරිකන්කාරයා නොවෙයි.

අමෙරිකන්කාරයා අප්‍රිකාවෙන් වහලුන් ගෙන ඒම නීතියෙන් නතර කළ ප්‍රථම රට වෙද්දී එකල බ්‍රිතාන්‍යය හා ප්‍රංශය තවමත් අප්‍රිකාවෙන් වහලුන් අල්ලා ගෙන යෑම කළහ.

අද අමෙරිකාවේ “ස්වදේශී අමෙරිකානුවන්ට” ඔවුන් උපන් භූමිය අයිතිය. බලපත්‍ර නොමැතිව නිදහසේ දඩයමට, මසුන් මැරීමට, බදු නොගෙවා ඉන්නට, සූදු කෙළියේ ආදායම් ලබන්නට, නොමිලේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නට යනාදී අනිකුත් අමෙරිකානුවන්ට නැති සහන රැසකි.

ලංකාවට හෝ ඉන්දියාවට කළින් ත්‍රස්තවාදී කොටි තහනම් කළේ අමෙරිකාවයි.

සුනාමියෙන් බැට කෑ ලංකාවට ආධාර දෙන්නට ලංකාව කොහෝදැයිවත් නොදන්නා අමෙරිකානුවෝ ඉදිරිපත් වූහ. එහෙත් 9/11 විපැත්තියේ දී ලංකාවෙන් නම් කිසිම කෙනෙක් ඇමෙරිකාවට උදවි කරන්නට තියා අනේ අපොයි කියන්නට වත් ඉදිරිපත් වුණේ නැත.

අමෙරිකාවට බනින කෙනෙක් සිටී නම් ඔහු හෝ ඇය දුරකතන, සෙල් ‍ෆෝන්, රූපවාහිනිය, පෝලියෝ වැනි එන්නත් හා අන්තර්ජාලය භාවිතයෙන් වැළකිය යුතුය. මන්ද ඒ සියල්ල ලොවට දායාද කළේ අමෙරිකාව නිසාය.

අමෙරිකාවට බැනීම ස්ටයිල් එකක් වුනේ අද ඊයේ නොවේ. පිටරට ඉන්නා අය පමණක් ද නොවේ, තමන්ගේ රටේ ඉන්න බයට අමෙරිකාවට හොරෙන් ඇතුළු වූ සමහරු මානව අයිතිවාසිකම් වලින් සුවසෙත සලසා ගෙන තම තමන්ගේ ආර්ථිකය දියුණු කරගෙන ඇමෙරිකාවට දොස් කියන්නේ ප්‍රසිද්ධියේමය. ඒ හැම දෙයකටම නිදහසක් ඉතිහාසයේ පටන් සලසා දී ඇති  ලෝකයේ එකම රට අමෙරිකාවයි.

 අරූණි ශපීරෝගෙනි

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00