2017 අගෝස්තු 19 වන සෙනසුරාදා

හිරේ වැටෙන මකර ලග්න කේන්ද්‍ර

 2017 අගෝස්තු 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 142

උපත 1963.04.19 පෙ.ව 1.30
මකර 180.10
79.052
6.51

මේ කේන්ද්‍ර හිමියා කලක් මහා බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා ඇත. ශනී + සඳු යෝගය ලග්නයේ ඇති හෙයින් නොසිතූ අපල උපද්‍රවවලට මුහුණදීමටද සිදුවිය. ශනී දසාව තුළදී දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් වරක් රිමාන්ඩ් ගත විය. නමුත් දේශපාලන බලපෑම් නිසාම රිමාන්ඩ් භාරයෙන් සුළු කලක් තුළදී එළියට ඒමටද අවස්ථාවක් පෑදුණි. 
3 උපපතියා රාහුය. එහි රාහු 7, 2 නිවේදනය කරමින් 6 වෙනි භාවයේ තැන්පත්ව ඇත. රාහු සිටින්නේ 3, 12 අධිපති ගුරුගේ නැකතේත් තමාගේම උපස්ථානයේත්ය. රාහුට 8 අධිපති රවීගෙන්ද චතුරශ්‍ර දෘෂ්ටියක් ඇත.

3, 12, 6, 8 භාවත් රාහුත් ඒකාබද්ධ වන විට ටික කලකට හෝ රිමාන්ඩ් හෝ හිර අඩස්සි ගත වීම සිදුවෙයි. මෙහි 12 වැන්නේ උප අධිපතියාද රාහුය.

නමුත් කෙසේ හෝ මොහුගේ කුජ, ශනී 6 සහ 11 බලයත් හෙයින්ද ඉහළ දේශපාලකයන් සහ සංඝයා වහන්සේලා ආශ්‍රය කරන බලපෑම් කළහැකි පුද්ගලයෙක් නිසාද ප්‍රතිවාදීන් අභිබවා යෑමට හැකිවිය.

භාව උපපතීන්

01 - බුද            07 - බුද
02 - ගුරු            08 - ගුරු
03 - රාහු            09 - රාහු
04 - බුද            10 - බුද
05 - රවී            11 - සඳු
06 - කුජ            12 - රාහු

පානදුර
උපත - 1949.12.29  පෙ.ව 8.10
මකර 90.25

මොහු කීපවතාවක් සිරගත වූ තැනැත්තෙකි. 3 උපපති රාහුය. එම රාහු 3ම තැන්පත් ඇත්තේ 12 සිටින 6, 9 අධිපති බුදගේ නැකතේත් 9 සිටින කේතුගේ නැකතේත්ය. උපස්ථානාධිපති කේතු ද 12 බුදත් 3 සඳුත් නිවේදනය කරයි. බොහෝවිට 3 හෝ 12 උපපති රාහු වී එම රාහු ඉහත දැක්වූ භාවයන් 3, 12, 8 නිවේදනය කරන විට රිමාන්ඩ් ගත වීම හෝ සිරගත වීම් සිදුවේ. රාහුට 8 අධිපති රවිගෙන් දෘෂ්ටියක් ද ඇත. 

මෙහි 12 උපපතිද ගනිමු. 12 උපපති බුදයි. එම බුද 12ම සිටින 8 අධිපති රවිගේ නැකතේත් 3, 12 අධිපති ගුරුගේ උපස්ථානයකින් ඇත.

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00