2017 ජුලි 15 වන සෙනසුරාදා

චීස් රෝදයක් පස්සෙන් පැන්නීම

 2017 ජුලි 15 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70

චීස් කියන්නේ කවුරුත් පාහේ ගොඩක් ආස ආහාරයක්. හැබැයි එංගලන්තෙ ජිවත් වෙන සමහරුන්ට නම් චීස් කියන්නේ ගොඩක් දුක් විඳලා ලබාගත යුතු ආහාරයක් කිව්වොත් වැරදි නැහැ. ඒකට හේතුව චීස් රෝලින් ක්‍රීඩාවයි. 

එංගලන්තයේ කූපර්ස් හිල් කියන ස්ථානයේ වාර්ෂිකව මේ චීස් රෝලින් තරගය පැවැත්වෙනවා. රෝදයක් ආකාරයට ඇසුරුම් කරපු විශාල චීස් කැබැල්ලක්, කූපර්ස් හිල් කඳු මුදුනේ සිට බෑවුමට අත්හරිනවා. ඉන්පස්සේ ඒ චීස් කැබැල්ල පසුපස දිවගොස් එය අල්ලා ගැනීම තමයි කරන්න තියෙන්නෙ.

මේ ත්‍රාසජනක ආහාර ක්‍රීඩාව නිසා ගොඩක් අයට තුවාල වෙනවා. ඇඳුම් ඉරෙනවා. නමුත් මේකෙ තියෙන විනෝදය නිසාම සිය ගණන් මේ ක්‍රීඩාවට එකතු වෙනවා.

වේගයෙන් පහළට ඇදී යන චීස් රෝදයක් පසුපස ගිහින් දිනන කෙනාට ලැබෙන තෑග්ග මොකක්ද කියලත් දැනගන්න කැමති ඇති. ඔව්. වෙන මුකුත් නෙමේ. ගල් මුල්වල වැදෙමින් පහළට ඇදුණු චීස් පෙත්තම තමා ඔවුන්ට ලැබෙන තෑග්ග. 

 

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00