2017 ජුනි 17 වන සෙනසුරාදා

ක්‍රීඩා තුනයි - සංගීතයයි මුසු කරන Bossa ball

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 182

Bossaball කියන්නේ මේ වනවිට ලෝකය පුරාම විශේෂයෙන්ම වෙරළාශ්‍රිතව ජනප්‍රිය වෙමින් පවතින ක්‍රීඩාවක්. වොලිබෝල්, ෆුට්බොල්, ජිම්නාස්ටික් කියන ක්‍රීඩා තුනේම එකතුවක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම සංගීතයත් මේ ක්‍රීඩාවට නැතුවම බැරි දෙයක්. 

බොහොම විනෝද ජනක විදිහට ගලාගෙන යන මේ ක්‍රීඩාවට කණ්ඩායම් දෙකක් සිටිය යුතුයි. සාමාන්‍ය බීච් වොලිබෝල් පිටියක් වගේ මෙහි දැලක් යොදාගෙන දෙපැත්ත වෙන් කරනු ලැබෙනවා. කොහොම නමුත් මෙතැනදී පිටිය ලෙස සකස් වෙන්නේ හුළං පුරවන ලද පිටියක්. ඒ නිසා කොහොම අඟර දඟර දැම්මත් තුවාල වීමක් සිදුවෙන්නේ නැහැ.

මෙතැනදී අත් පාවිච්චි කරලා බෝලය අනෙක් පිල කරා යවනවානම් එක් ක්‍රීඩකයෙක්ට එක් වරක් පමණයි බෝලය අල්ලන්න ලැබෙන්නෙ. නමුත් අත් හැර කකුල්, හිස, පපුව ආදී ඕනෑම තැනකින් බෝලය පාස් කරනවා නම් දෙවරක් එක් ක්‍රීඩකයකුට බෝලය අල්ලන්න පුළුවන්. මේ විදිහෙ අපූරු නීති රැසක් එක්ක ක්‍රියාත්මක වෙන මේ තරගය ඇත්තටම තරගයකටත් වඩා විනෝද ක්‍රීඩාවක්. 

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00