2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා

Two අයිඩියාස්

 2023 සැප්තැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 101

මොනවම හරි කරන්න ඕනෑ. ඒත් මොකක්ද කරන්නේ. මෙන්න මේ ප්‍රශ්නෙ නිසා ව්‍යාපාර පටන් ගන්න හිතන ගොඩක් දෙනා අතරමඟ නැවතිලා ඉන්නවා. ඉතින් හැම සතියකම පොඩි අදහස් දෙකක්  අපි ඔයාලට  දෙනවා...

ගෙදට හදන බිස්කට්

අපි ගොඩක් දෙනෙක් හිතනවා, බිස්කට් වගේ වෙළෙඳපොළක වැඩි අවස්ථාවක් තියෙන්නෙ ජනප්‍රිය‍ වෙළෙඳ නාමවලට කියලා. ඒත් ඒ කතාව එහෙම නෙවෙයි. සුපිරි ආපනශාලා, සුපිරි හෝටල වගේම, ඉහළ සමාජ තත්ත්වයක් නඩත්තු කරන්න උත්සාහ කරන අය ගෙදර හදන බිස්කට්වලට කැමැතියි.

ඔබට මේ සම්බන්ධව ඉහළ දැනුමක් ලබාගන්න පුළුවන් නම්, උපකරණ කිහිපයක් එකතු කර ගත්තම වැඩේ පටන් ගන්න පුළුවන්. වෙළෙඳපොළ හොයාගන්න ටිකක් මහන්සි වෙන්න ඕනෙ. ඒත් වැඩේ හරියට අල්ලා ගත්තොත් තොග විදිහට බිස්කට් හදනවට වඩා ලාභ හොයන්න පුළුවන්. 

ලස්සන වටිනා ඇසුරුම්, විශේෂ රස, ස්වභාවික අමුද්‍රව්‍ය වගේ දේවල් එක්ක ගනුදෙනු කරන්න අමතක කරන්න එපා. එහෙම වුණොත් තමයි මේ වගේ ව්‍යාපාරයක් ඇතුළේ ඔබට වටිනාකමක් ලැබෙන්නේ.

කරපිංචා වේලමු

ආහාර රස ගන්වන්න එකතු කරන කරපිංචා ගොඩක් වෙලාවට නොවටිනා දෙයක් විදිහට තමා අපිට පේන්නෙ. ඒත් ඇත්තටම කරපිංචා කියලා කියන්නේ බොහොම වටිනා ඖෂධයක්.

කරපිංචා වේලා කුඩු කළාම විදේශ වෙළෙඳපොළේ ඒකට හොඳ ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන්ම ජපානය වගේ රටවල්වල. පොඩ්ඩක් මහන්සිවෙලා හොයලා බැලුවොත් මේ වෙළෙඳපොළ හඳුනාගන්න ඔබට පුළුවන්.

දැනටමත් ඔබේ ගෙදර කරපිංචා ගහක් ඇති. කරපිංචා ගහක් දෙකක් හදාගන්නවා කියලා කියන්නේ මහා අමාරු වැඩක් නෙවෙයි. පුංචියට පටන් ගත්තොත් ලොකුවට කරන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථාවක් කරපිංචාවලත් තියෙනවා. ඒ නිසා කිසිම දෙයක් අවතක්සේරු කරන්න හොඳ නෑ. 

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00