2017 මැයි 27 වන සෙනසුරාදා

මුහුද යට ගල්ගුහා සවාරි Cave Diving

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 188

Cave Diving එහෙමත් නැත්නම් මුහුද යට ගල්ගුහා නැරඹීමට යාම මේ වනවිට ලෝකයේ වේගයෙන් ජනප්‍රිය වෙමින් තියෙන ක්‍රියාකාරකමක්. ගල්පර බහුල මුහුදු තීරයන් ආශ්‍රිතව සිදුකළ හැකි මේ ක්‍රියාකාරකමෙහි වැදගත්කම තමයි මුහුද යට ජීවත් වන ජීවින් විශේෂයෙන්ම ගල්ගුහා තුළට වී සැඟවුණු ජීවිත ගත කරන ජීවීන් ගැන තොරතුරැ දැනගන්න ලැබීම. ඒ වගේම මුහුද යට ගල්ගුහා ඒ තරම් මිනිස් පහස ලබපු තැන් නොවන නිසා වෙන කිසිම කෙනෙක් නුදුටු ලෝකයක් දැකගන්න ලැබීමත් විශේෂත්වයක්. 

කොහොම වුණත් සාමාන්‍ය දිය යට කිමිදීමකටත් වඩා කිහිප ගුණයක අනතුරුදායක බවක් ගල්ගුහා තුළට කිමිදීමේ තිබෙනවා. ඒ නිසාම වැඩි පුහුණුවක් ආත්මාරක්ෂක පුහුණුවක් අවශ්‍යයි. 

ලෝකයේ මුහුද යට ගල්ගුහා සංචාරණය සඳහා ප්‍රසිද්ධ තැන් රැසක් පිහිටලා තියෙනවා. දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, ඩොමිනිකන් දූපත්, පිලිපීනය ඒ අතරින් විශේෂයි. 

 

 2025 මැයි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මැයි 31 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:00