2017 මැයි 20 වන සෙනසුරාදා

මාළු පාන් ද? එහෙනම් නියම තැන්

 2017 මැයි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 242

මාළු පාන් කියන්නේ අපේ රටේ ගොඩක් ප්‍රසිද්ධ කෑමක්. හැබැයි අපිට ලැබෙන මාළු බනිස් එකකට එකක් වෙනස්. සමහර මාළු බනිස් එකක තේ හැන්දක් තරමක පොඩි කරියක් විතරයි තියෙන්නෙ. ඉතින් කොළඹ තියෙන මාළු පාන් හොයාගෙන අපි පොඩි චාරිකාවක් ගියා. 

සුමනදිසි බේකරිය

වැල්ලවත්ත සුමනදිසි බේකරියත් හොඳ ප්‍රසිද්ධ තැනක්. ඇත්තටම හොඳ රසක් තියෙන මාළුත් අඩංගු, මාළු පාන් එකක් එතැනදි රහ බලන්න ලැබුණා. 

රෝයල් බේකරිය

වැල්ලවත්ත රෝයල් බේකරිය කියන්නෙ මම පුංචි කාලේ ඉඳන්ම ආව ගිය තැනක්. මෙතැනත් හොඳ රසවත් මාළු බනිස් තියෙනවා. එහේ ගියාම මාළු බනිස් ගැන හොඳ කියපු පාරිභෝගිකයොත් අපිට මුණගැහුණා. 

සෙන්සාල්

සෙන්සාල් මාළු පාන් එක තරමක් ප්‍රමාණයෙන් කුඩායි. ඒ වගේම සැර ගතියත් වැඩියි. මාළු වෙනුවෙට ඒකෙ ගම්මිරිස් වැඩියෙන් තිබුණා කියලයි මට හිතුණෙ. 

♦  ධනූ 
ඡායාරූප - You're My Favorite

 

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00