2022 ජුනි 05 වන ඉරිදා

ප්‍රකට දේශපාලනඥයකුගේ ජීවන සමුගැනීමක්

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 430

ග්‍රහ මණ්ඩලයේ සෙන්පති වූ අඟහරු තමාට ස්වක්ෂේත්‍ර රාශි භවනක් වූ මේෂ රාශියට 2022 ජූනි මස 27 වැනි සඳු දින පාන්දර 5 පසුවී විනාඩි 39ට පිවිස 2022 අගෝස්තු මස 10 වැනි බුධ දින රාත්‍රී 9 පසුවී විනාඩි 10 දක්වාම බලවත් වූ ගමනක යෙදෙනු ඇත. මෙම වකවානුව තුළ මේෂ, කටක, තුලා, මකරවලින් උත්පත්තිය ලබන්නා වූ දූ දරුවන් හට පංච මහා පුරුෂ යෝග බලයක් වූ රුචක යෝග බලය හිමිවන අතර අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වෙයි. ආරක්ෂක අංශවල ඉහළ තනතුරු දැරීමටත් දේශපාලන නීති අංශ, ඉංජිනේරු අංශවල ප්‍රධානීන් බවට පත්වීමටත් ඔවුන්ට අවකාශ අත්වනු ඇත. මෙම වකවානුව තුළදී ඉහත ලග්න හිමිව උත්පත්තිය ලැබූ අයට ද ඉතා යහපත් වූ ඵල අත්වනු ඇත.

මෙම කාල වකවානුව තුළ අඟහරු මේෂ රාශියෙහි රාහු හා යුරේනස් සමඟ යෝගව ගමන් කිරීමක් ද සිදුවන අතර කුජ, රාහු, යුරේනස් එක්ව මේෂ රාශියෙහි ගමන් කිරීම නිසා අප රටට ඇති කරන්නා වූ බලපෑම විමසා බැලීමේදී නොසිතූ ආකාරයේ බිහිසුණු රිය අනතුරු සිදුවීමත් දුම්රිය අනතුරු සිදුවීමත් වැඩිවන කාලයක් වේ. ඒ හේතුවෙන් ජීවිත විනාශ වීම්ද වැඩි වනු ඇත. ආගමික කටයුතු ආශ්‍රිතව අයහපත් සිදුවීම්ද ආගමික නායකයන්ට, ස්වාමින් වහන්සේලාට මාරක විපත් ඇතිවන අතර සාහසික ලෙස යම් යම් හේතු මත පුද්ගලයන්ට පහරදීම්ද, ඝාතනය කිරීම් ද වරින් වර සුලබව අසන්නට ලැබෙන කාලයක් වෙයි. මහජනතාවද තම ජීවිතය ගෙන යාමට නොහැකිවීමෙන් තම කෝපය දැඩි ලෙස විදහා පාන්නා වූ කාලයක් වන අතර රජයට එරෙහිව දැඩි ලෙස විරෝධතාවය පළ කරන කාලයක් ද වේ. 

රාජ්‍ය නායකයකුට, ප්‍රකට දේශපාලනඥයකුට ඉතා අයහපත් වන අතර දේශපාලන දිවියෙන් සමුගැනීමක් මෙම වකවානුව තුළ සිදුවෙයි. විශේෂයෙන් මන්ත්‍රීවරුන්ට ද ඔවුන්ගේ අනුගාමිකයන්ටද විවිධ වූ කරදරවලට ද මුහුණපෑමට සිදුවනවා ඇත. නොසිතූ අන්දමෙන් ඔවුන් විසින් කරන ලද යම් යම් දූෂණ ක්‍රියා වාර්තා වීමත්, ව්‍යාජ ලේඛන සකස් කිරීම් ආදිය ප්‍රචලිත වීමත්, ජනතාව අතර පැතිර යන අතර ඒවා පිළිබඳ නීතිමය පියවර ගැනීමටත්, ඔවුන් නීතියේ රුහැනට නතුකර ගැනීමත් වාර්තා වෙයි. රට තුළ යම්කිසි ආකාරයක විෂ වායු පැතිර යාමක් හෝ රසායනික ද්‍රව්‍යයක් නිසා ජනතාව පීඩාවට පත්වීමක් හෝ තෙල්, වෙඩිබෙහෙත්, ආයුධ ගබඩාවක් හදිසි ගිනිගැනීමක්, පිපිරීමක් සිදුවීමත් තෙල් බවුසරයක් ගිනි ගැනීමට ලක්වීමක් ද වාර්තා වනු ඇත. රට තුළ කුඩා ළමුන් මෙන්ම තරුණ අයද හදිසි අනතුරු, ජල අනතුරු හා වාහන අනතුරුවලින් මෙන්ම ආරවුල්වලින්ද මරණයට පත්වීම්ද වැඩි කාලයක් වේ. විදේශීය වශයෙන් දැඩි ලෙස පැතිර යන වෛරස රෝග අවදානමක් අප රට තුළ ද පැතිරී යාමක් ආරම්භ වනවා ඇත. කුඩා ගුවන් යානයක් අනතුරට පත්වීමක් ද වාර්තා වනු ඇත.
මීළඟට ඔබට

මේෂ - කැපී පෙනේ

ඔබට ඉතා යහපත් වනු ඇත. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වන අතර තමන් කරන කටයුතුවල සාර්ථක වීමක් සිදුවේ. උරුම හිමිකම් ලැබීමත් ඉඩකඩම් ආශ්‍රිත ප්‍රශ්න නිරාකරණය වීමත් සිදුවන කාලයක් ද වේ.

වෘෂභ - මුත්‍රා රෝග

යම් යම් බොරු ආරංචිවලින් බියට පත්වන අතර සතුරන්ට එරෙහිව නැගී සිටිය හැකි කාලයක් ද වේ. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ලාභ අඩුවන අතර මුත්‍රා ආශ්‍රිත පීඩාවක් ද මතුවනු ඇත.

මිථුන - තැන්පත් ඉහළට

ලැබීම් මාර්ග වර්ධනය වන කාලයක් වන අතර භූමියෙන් ලැබීම්ද ඇතිවනු ඇත. තම දේ රුකගැනීමටත් තැන්පත් ධනය වර්ධනය කර ගැනීමටත් හැකියාව අත්වන කාලයක් වේ. විරුද්ධ ලිංගික ආකර්ශනයට ලක්වනු ඇත

කටක - නව රැකියා

ඔබට යහපත් ඵල අත්වන කාලයක් වේ. රැකියා නොමැති අයට රුකියා ලැබෙනු ඇත. ඉඩකඩම් ආශ්‍රිත ප්‍රශ්න මඟහැරී යන අතර විරුද්ධ ලිංගික බැඳීම්ද ඇතිවනු ඇත. තම පවුලේ දරුවකුගේ වීර ක්‍රියාවක්ද සිදුවන කාලයක් වේ.

සිංහ - උරුම හිමිකම්

තාක්ෂණික අංශයේ කටයුතුවල නිරත අයට යහපත් වන අතර උරුම හිමිකම් ආශ්‍රිත ප්‍රශ්න මඟහැරී යන කාලයක් ද වේ. යම් යම් බොරු ආරංචි හේතුවෙන් බියට ද පත්වන සමයකි.

කන්‍යා - ශරීර පීඩා

ඔබට අයහපත් වන අතර හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න. මිතුරන්ගෙන්ද ප්‍රශ්න ඇතිවිය හැකි අතර තමන් කරන කටයුතුවලටද බාධා ඇතිවන කාලයක් වේ.

තුලා - උදර රෝග

පවුල් දිවියේ මතගැටුම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න. තමන් කරන කටයුතුවල සාර්ථක වීමක් ඇතිවන අතර තම දේ රුකගෙන කටයුතු කරන කාලයක් ද වේ. උදරය ආශ්‍රිත පීඩාවක් ඇතිවනු ඇත.

වෘශ්චික - කේන්ති ගති

ඔබට එරෙහිව පැවති සතුරු උපද්‍රව පරාජය කරගත හැකි කාලයක් වේ. යම් යම් කටයුතුවලින් ලබාගත හැකි ඵලය අඩු වේ. හදිසි කේන්ති ගති පාලනය කරගෙන කටයුතු කළ යුතු වේ.

ධනු - රථවාහන හිමිකම්

විරුද්ධ ලිංගික බැඳීම් ඇතිවන කාලයක් වන අතර මිතුරන්ගෙන් ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න. රථවාහන ආශ්‍රිත ලැබීමක්ද සිදුවනු ඇත. ප්‍රේම සම්බන්ධතාවයකට බාධා ද ඇතිවනු ඇත.

මකර - දේපල උරුම‍

ඔබට යහපත් ඵල අත්වනු ඇත. ඔබ කරන කටයුතු සාර්ථක බවට පත්වන අතර අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වනු ඇත. උරුම හිමිකම් ලබාගැනීමත් අලුතින් වාහනයක් ඉඩමක් මිලදී ගැනීමටත් යහපත් වන කාලයකි.

කුම්භ - සතුරු උපද්‍රව

තාක්ෂණික කටයුතුවල නිරත අයට යහපත් ඵල අත්වන අතර සහෝදරයන් සමඟ මතභේද ඇතිවිය හැක. ඔබට එරෙහි සතුරු උපද්‍රව පරාජය කිරීමට හැකියාව අත්වනු ඇත. අත්පාවල පීඩාවක් බලපානවා ඇත.

මීන - ලිංගික බැඳීම්

තම තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකිවන කාලයක් වේ. මිතුරන්ගෙන් ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න. විරුද්ධ ලිංගික බැඳීම් ඇතිවන කාලයක්ද වේ. හදිසි ශරීර පීඩාවලින්ද පරිස්සම් වන්න.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00