2022 මැයි 08 වන ඉරිදා

ස්වභාවික විපත් බහුල වේ

 2022 මැයි 08 වන ඉරිදා, පෙ.ව. 10:00 309

ග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වූ සූර්යා තමාට සතුරු රාශි භවනක් වූ සිකුරුට අයත් වෘෂභ රාශියට 2022 මැයි මස 15 වැනි ඉරු දින පාන්දර 5 පසුවී විනාඩි 29ට පිවිස 2022 ජූනි මස 15 වැනි බුධ දින දහවල් 12 පසුවී විනාඩි 4 දක්වාම ගමන් කරනු ඇත. රවි වෘෂභ රාශිගත වීම පිළිබඳ අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී භූමිය ආශ්‍රිතව සිදුවන අයහපත් සිදුවීම් වර්ධනය වන කාලයක් වේ. නොසිතූ ලෙස හදිසි ජල ගැලීම්ද භූමියේ කඳු කඩා වැටීම්, නාය යෑම්ද, සුළු සෙලවීම් තත්ත්වයන්ද වාර්තා වනවා ඇත. විශේෂයෙන් එම සිදුවීම් හේතුවෙන් දේපලවලට මෙන්ම ජීවිතවලට හානිවීම් වාර්තා වනු ඇත. රාජ්‍ය පාලන කටයුතුවලටද ඉතා අයහපත් කාලයක් වන අතර ප්‍රබල දේශපාලඥයකුට රෝගාබාධයකට ලක්වීමක් හෝ පාර්ලිමේන්තුව හැර යාමකට හෝ සිදුවන කාලයක් ද වේ. අප රටට යහමින් විදේශීය ආධාර ද ඖෂධ ආධාර ද ලැබෙන කාලයකි. වැඩි වශයෙන් රටේ තරුණ කොටස් මෙම වකවානුව තුළ විදේශීය රටවල් වෙත යාම්ද සිදුවනවා ඇත. යම් යම් ප්‍රදේශවලින් ලේ ආශ්‍රිත පීඩාවකින් පැතිර යන රෝග තත්ත්වයකට ළදරුවන් මෙන්ම තරුණ කොටස් ද ගොදුරු වනවා ඇත. රාජ්‍ය අංශයේ සේවය කරන සේවකයන් තම වැටුප් පරිමාණය ඉහළ දැමීමක් කරන ලෙසට රජයට බලපෑම් ඇති කරනවා ඇත.

මේෂ - වියදම වැඩියි

ඔබගේ උත්සාහයේ තරමට ලැබෙන්නා වූ ඵලය අඩුය. තැන්පත් ධනයද වියදම් වන කාලයක් බැවින් පරිස්සම් වන්න. පිටස්තර ප්‍රශ්නද තමා වෙත පැමිණිය හැකි බැවින් කල්පනාකාරී වන්න. ඇස්වල පීඩා ඇතිවනු ඇත. 

වෘෂභ - කැපී පෙනේ

අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වනු ඇත. සිතේ සහනය අඩු වනු ඇත. නව රුකියාවක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ද ඉෂ්ඨ වනු ඇත. හිස ආශ්‍රිත පීඩා ඇතිවන කාලයක් ද වේ.

මිථුන - ශරීර පීඩා

විදේශ ගමන් බලාපොරොත්තු වන අයට සුබ ඵල අත්වන අතර අධ්‍යාපන කටයුතුවලදී උත්සාහයේ තරමට ඵල අත්නොවන කාලයක් වේ. හදිසි ශරීර පීඩා ඇතිවිය හැකි බැවින් පරිස්සම් වන්න. ඇස්වල රෝග පීඩා ඇතිවිය හැක.

කටක - වැඩ පමා වේ

දේශපාලන කටයුතුවල නිරත අයට සුබ ඵල අත්වන අතර තම උත්සාහය මත වැඩ කටයුතු රුසක් සාර්ථක කරගත හැකිවනු ඇත. යම් යම් වැඩ ඉටුවීමේදී ප්‍රමාද වීම්ද වනු ඇත. ශරීරයේ ලේ දෝෂ ගති ඇතිවිය හැක. 

සිංහ - ව්‍යාපාරවලට හොඳයි

ඔබට යහපත් වන අතර ව්‍යාපාර කටයුතුවල සාර්ථක වීමත්, නව රුකියා අපේක්ෂා ඉටුවීමත් සඳහා යහපත් වන කාලයක් වේ. පිටස්තර ප්‍රශ්නවලට මැදි නොවී සිටිය යුතු අතර එම ගැටලු තමා වෙත පැමිණිය හැක.

කන්‍යා - කෙටි ගමන්

වැඩිපුර තමා ගැන සිතා කටයුතු කරන කාලයක් වන අතර කෙටි ගමන් ද වැඩි වශයෙන් යෙදෙනු ඇත. ආගමික කටයුතු වෙනුවෙන්ද කාලය යොදවන අතර උසස් අධ්‍යාපනයේ නිරත අයට ද නිර්මාණ කටයුතුවල නිරත අයටද සුබ ඵල අත්වනු ඇත.

තුලා - වැඩ පමා වේ

ව්‍යාපාරික කටයුතුවල නිරත අයට සුබ ඵල අත්වන අතර විශාල වශයෙන් මුදල් වියදම් කිරීම් නොකළ යුතු කාලයක් ද වේ. යම් යම් වැඩවල ප්‍රමාද ගතිද ඇතිවන අතර ගමන්වලින්ද පීඩා ඇතිවිය හැකි කාලයක් ද වේ.

වෘශ්චික - නිර්මාණශීලී අදහස්

සිතේ සහනය අඩු කාලයක් වේ. නිර්මාණශීලී අදහස් ජනිත වන කාලයකි. අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත් වේ. පිටස්තර ප්‍රශ්නවලට මැදි නොවී සිටිය යුතුය. ආමාශගත රෝග පීඩාවක් මතුවනු ඇත.

ධනු - සතුරන් පරදී

සිතේ සහනය අඩුවන කාලයක් වන අතර ඔබට එරෙහිව පැවති සතුරු බාධක පරාජය කරගත හැකි කාලයක් වේ. දුර ගමන්, විදේශ ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. ඇස්වල පීඩා ඇතිවනු ඇත.

මකර - ආර්ථික ගැටලු

ඔබගේ වැඩවල ප්‍රමාද ගති ඇතිවන අතර දේශපාලන කටයුතුවල නිරත අයට සුබ ඵල ඇති වේ. ආර්ථික අපහසුතාද ඇතිවන කාලයක් වේ. තමාගේ උත්සාහයේ තරමට ලැබෙන ඵලය ද අඩුවන සමයකි.

කුම්භ - රැකියා ලැබීම්

සිතේ සහනය අඩුවන අතර යම් යම් කටයුතු වෙනුවෙන් නොබියව ඉදිරිපත් වන කාලයක් වේ. පිටස්තර ප්‍රශ්නවලට මැදි නොවී සිටිය යුතුය. නව රුකියා අපේක්ෂා ද ඉටුකරගත හැකිය.

මීන - විදේශ ගමන්

නව නිර්මාණ බිහිකිරීමට යහපත් වන කාලයක් වන අතර යම් යම් වැඩවල ප්‍රමාද ගතිද ඇතිවනු ඇත. ආගමික කටයුතුවලට වැඩි වශයෙන් සහභාගි වන අතර විදේශ ගතවීමේ අපේක්ෂා ද ඉටු වනවා ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල