2022 අප්‍රේල් 24 වන ඉරිදා

මහජන ප්‍රචණ්ඩත්වය ඉහළට

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 210

2022 අප්‍රේල් මස 18 වැනි සඳු දින පාන්දර 3.24ට නැප්චූන් මීන රාශියටත් එම 29 වැනි කිවි දින උදේ 7 පසු වී විනාඩි 52ට සෙනසුරු කුම්භ රාශියටත් පිවිසේ. මෙසේ මීන රාශියට පිවිසෙන නැප්චූන් 2022 සැප්තැම්බර් 12 වැනි දින දක්වා ගමන් කරන අතර සෙනසුරු කුම්භ රාශියෙහි 2022 ජූලි මස 12 වැනි කුජ දින දක්වාත් ගමන් කරනු ඇත.

සෙනසුරු නැප්චූන් මාරුව අප රටට ඇති කරන්නා වූ බලපෑම විමසා බැලීමේදී සෙනසුරු තම බලය පෙන්වන්නා වූ වකවානුවක් වන අතර ඒ සඳහා නැප්චූන්ගේ සහායද නොඅඩුව ලැබෙනු ඇත. රටේ ආර්ථිකය කෙරෙහි නොසිතූ විරෑ බලාපොරොත්තු නොවන ආකාරයේ අහිතකර බලපෑම් ඇති වන අතර ප්‍රධාන මූල්‍ය ආයතන බැංකු ආයතන කඩා වැටෙන කාලයක් වනවා ඇත. මහජන තැන්පතු මුදල් ද ගෙවීමටද නොහැකි තත්ත්වයක් උද්ගත වෙයි. රට තුළ බිහිසුණු රථවාහන අනතුරුද දුම්රිය අනතුරුද සිදුවන අතර හදිසියේ දුම්රියන් ගිනි ගැනීම්වලට ලක්වීමක්ද සිදුවෙයි. අප රට කෙරෙහි ගොඩනැගී පැවති විශ්වාසවන්ත භාවය විදේශීය රටවල් තුළින් ගිලිහෙන තත්ත්වයට පත්වන අතර එම රටවල් අපට යම් යම් සම්බාධක පැනවීම්ද කරනවා ඇත. රාජ්‍ය පාලන කටයුතු කරගෙන යාමට ඉතා දුෂ්කර කාලයක් රජයට ඇතිවන අතර දැනට පවතින අර්බුද තත්ත්වයන් තව තව වර්ධනය වනු ඇත. මහජනයාගේ විරෝධකාරී හැසිරීම් රටාව වෙනත් පැත්තකට හැරීගොස් ඉතා ප්‍රචණ්ඩකාරී විරෝධතාවයන් රජයට එරෙහිව දක්වනු ලබන කාලයක්ද වේ. මෙම මහජන විරෝධතාවන් හේතුවෙන් යම් යම් අධ්‍යාපන ආයතන විශ්වවිද්‍යාල තාවකාලිකව වසා දැමීමටත් සිදුවන අතර ඇතැම් රාජ්‍ය ආයතනද පවත්වාගෙන යාමටද නොහැකි තත්ත්වයට පත්වනු ඇත. මෙම වකවානුව තුළදී කාලගුණික විපර්යාස නිසාද රටට අහිතකර තත්ත්වයක් උදාවේ. දැඩි සුළං තත්ත්වයක් ඇතිවීමත් ජල ගැලීම් නිසා ජනජීවිත අවුල් වන කාලයකි. මහජනයා අතර භීතිය ඇතිවන වකවානුවක් වන අතර යම් යම් බිහිසුණු සිදුවීම් හදිසි පිපිරීම් තත්ත්වයන්ද වාර්තා වනවා ඇත. විවිධ හේතු මත ජනයාගේ ශරීර ශක්තියටද හානිවන අතර අත්‍යවශ්‍ය භාණ්ඩ විශාල ලෙස හිඟයක්ද ඇතිවන කාලයක් උද්ගත වෙයි. රාජ්‍ය නායකයකුද තම ජීවිත ගමනින් සමුගැනීමක්ද සිදුවන අතර ඉතා ජනාදරයට පත් ඉහළ දේශපාලනඥයකුගේ අභාවයක්ද වාර්තාවනවා ඇත. නැවත වරක් ගෑස් සිලින්ඩර පිපිරීම් වැනි සිදුවීම්ද නිතර අසන්නට ලැබෙනවා ඇත. මහජන ප්‍රශ්න මෙන්ම යම් යම් මන්ත්‍රීවරුන්ගේ ක්‍රියා කලාපයන්ද මහජනයා කුපිත වෙමින් සිදු කරන්නා වූ ක්‍රියාවන් හේතුවෙන්ද රජයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වන අතර හදිසි මැතිවරණයක් පැවැත්වීමටද ඇති ඉඩ බොහෝ සේ වැඩිවෙයි.

• මේෂ - දුර ගමන්

ඔබ ව්‍යාපාරික කටයුතු සිදුකරන අයකු නම් ඔබට ශුභඵල අත්වන අතර නිරන්තරයෙන් යම් යම් විනෝද කටයුතු සඳහා වැඩි වශයෙන් කාලය යෙදවීමත් දුරගමන් විදේශ ගමන් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වීමත් සිදුවන සමයකි.

• වෘෂභ - රථවාහන ලාභ

ඔබගේ රැකියා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්න රුසක් මගහැරී යන අතර නව රුකියා අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තුද ඉෂ්ට වනු ඇත. ඉඩකඩම් රථවාහන මිලදී ගැනීමටද යහපත් වන කාලයක් වේ.

• මිථුන - සහෝදර බැඳීම්

ආගමික කටයුතුවලට වැඩි වශයෙන් කාලය ගත වේ. අධ්‍යාපන කටයුතුවල නිරත අයට පවතින බාධා පහවී යයි. සහෝදර බැඳීම් වර්ධනය වන කාලයක්ද වේ.

• කටක - තැන්පත් ධනය වැයවේ

ඔබගේ කාලත්‍රයට හදිසි විපත් ඇති විය හැකි කාලයක්ද වන අතර හිතමිතුරන්ගෙන්ද ප්‍රශ්න ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න. තැන්පත් ධනයද වියදම් විය හැකි කාලයක්ද වේ.

• සිංහ - මංගල යෝජනා

විශාල මුදල් පාඩු ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම් වන්න. පවුලේ සමගිය ඇතිවන අතර අවිවාහක අයට මංගල යෝජනාද ඇතිවනු ඇත. මුත්‍රා ආශ්‍රිත රෝග පීඩාවක් පැන නගිනවා ඇත.

• කන්‍යා - සතුරන් පරදී

දරුවන් ලැබීමට සිටින අය පරිස්සම් විය යුතු කාලයක් වේ. ඔබට එරෙහිව පැවතියා වූ සතුරු උපද්‍රව පරාජය කරගත හැකිවනු ඇත. පවුල් දිවියේ සමගිය පළුදු වන වකවානුවක් බැවින් කල්පනාකාරීව ඉවසීමෙන් කටයුතු කරන්න.

• තුලා - හදිසි අසනීප

අවිවාහක අයට මංගල යෝජනා ස්ථීරවන කාලයක් වේ. අධ්‍යාපන කටයුතුවල නිරත අයට වරින්වර අලස ගති ඇතිවනු ඇත. නොසිතූ මොහොතක හදිසි අසනීප තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ශරීර සෞඛ්‍යය පිළිබඳව නිතර අවධානය යොමු කරන්න.

• වෘශ්චික - ලිංගික බැඳීම්

අලුතින් ඉඩමක් මිලදී ගැනීමකට යහපත් වන කාලයක් වේ. හිතේ දුක් ඇතිවන වකවානුවකි. විරුද්ධ ලිංගික බැඳීම්වලට හානි වනු ඇත. දුර ගමන් විදේශ ගමන් අපේක්ෂා කළ අයට ශුභදායක වනු ඇත

• ධනු - ආගමික නැඹුරුව

සහෝදර බැඳීම් වර්ධනය වනු ඇත. අන් අයගෙන් උදව් උපකාර අත් නොවන කාලයක් වනු අතර ආගමික කටයුතු සඳහා වැඩි වශයෙන් සහභාගි වන සමයකි. දුරගමන්ද විදේශ ගමන් අපේක්ෂාවන්ද ඉෂ්ඨ වන කාලයක් වේ

• මකර - පවුලේ ගැටුම්

පවුලේ සාමාජිකයන් අතර මෙන්ම සහෝදර සහෝදරියන් සමගද ගැටුම් මතුවන කාලයක් වේ. ආර්ථික අපහසුතා ඇතිවන අතර තැන්පත් ධනයද වියදම් වනවා ඇත. ඇස්වල පීඩාවක්ද ගෙනදෙනු ඇත.

• කුම්භ - ගැටලු මගහැරේ

පවුල් දිවියේ සමගියට බාධා ඇතිවන්නා වූ කාලයක් වේ. දුරගමන් විදේශ ගමන් අපේක්ෂා කළ අයගේ බලපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. සේවා කටයුතු ආශ්‍රිතව පැවති ප්‍රශ්න මගහැරී යනු ඇත.

• මීන - අසනීප ගති

විශාල මූල්‍ය පාඩු ඇතිවන කාලයක් බැවින් කල්පනාකරීව මුදල් ගනුදෙනු කරන්න. යම් යම් සතුරු උපද්‍රව කල් තියා හඳුනා ගැනීමට හැකිවනු ඇත. ශරීර ශක්තියට බාධා ඇතිවීම් වන අතර ක්ලාන්ත ගති මෙන්ම ඇස් ආශ්‍රිත පීඩා ඇතිවේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00